News Category
From Date
To Date
Maximum Number of Result

සාෆිගේ සිද්ධිය මුල සිට අගට

May 30, 2024 at 07:46 AM
|

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ වෛද්‍ය සාෆි මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුට ගත් ආකාරය හා පසුව ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන්  මුල සිට අග දක්වා තොරතුරු අන්තර්ජාලයේ පළ වූ තිබූ සටහනක මෙසේ දක්වා තිබේ.

A. සාෆිගේ සිද්ධිය මුලින්ම මතු කළේ කවුද?

2019 මැයි 23 දින දිවයින පුවත්පත මේ ගැන මුල් වරට පුවතක් පළ කළේය. ඒ වන විටත් රහස් පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණු අතර පොලිසියෙන් ලබා ගත් තොරතුරක් මත පදනම්ව එම ලිපිය සකසා ඇත. එවකට පොලිස්පති CD වික්‍රමරත්න විමර්ශන භාරව කටයුතු කළ ශානි අබේසේකරට පවසා ඇත්තේ විමර්ශන තොරතුරු පුවත්පතේ ජනමාධ්‍යවේදියකුට ලැබුනේ කවරාකාරයෙන්ද යන්න සොයා බලන ලෙසයි.

B. සාෆි සහාබ්දීන් යනු කවුද?

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනයේ බලලුවැව ප්‍රදේශයේ උපත ලැබූ අයෙකි. ඔහු වෛද්‍යවරයෙකි. කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඊට පෙර දඹුල්ල රෝහලේ ද සේවය කර ඇත. ඔහු 2015 මහ මැතිවරණයට රිෂාඩ් බද්යුදීන්ගේ පක්ෂයේ නියෝජිතයකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළේය. පාර්ලිමේන්තු යාමට මනාප ලැයිස්තුවේ ඊළඟට සිටියේ ඔහුය.

C. ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්ද?

නැත. ඔහු ප්‍රසව සහ නාරි ඒකකයේ කටයුතු කළ සාමාන්‍ය වෛද්‍යවරයෙකි.

D. සාෆි වෛද්‍යවරයාව අත්අඩංගුවට ගත්තේ ඇයි?

රහස් පොලිසිය සිදුකළ විමර්ශන මගින් පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි කලකින් ඔහුගේ ගිණුමට විශාල මුදලක් එක්වර ලැබී ඇති බව කරුණු හෙළි විය. ඔහුව අත්අඩංගුවට ගත්තේ මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේය. එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ අයථා වත්කම් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් ගැන විමර්ශනය කිරීම සඳහා බවයි.

E. එම චෝදනාවට දැන් සිදුව ඇත්තේ කුමක්ද?

නීතිපති උපදෙස් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් එකී නීති කෘත්‍ය ප්‍රමාද වී තිබේ.

F. අත්අඩංගුවට ගැනීම නිවැරදි නොවේ නම් වෛද්‍ය සාෆිට අධිකරණයේ පිහිට පතන්න තිබුණා නේද ?

තමා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කලා. 2023.05.16 දින එම පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ලබා දුන්නා. එහිදී විවෘත අධිකරණයේ දී කරුණ දැක්වූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ පැවසුවේ පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පිරික්සීමේදී පාස්කු ප්‍රහාරය එල්ල වී සති දෙකකට පමණ පසු විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ විමර්ශකයන් තුළ සාධාරණ සැකයක් මතුවීම යුක්ති සහගත බවයි. තවද පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ඔහුගේ ගිණුම හරහා විශාල මුදලක් හුවමාරැ වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ඔහු අසමත් වී තිබෙන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වූ යසන්ත කෝදාගොඩ විනිසුරුතුමා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසු එළඹුණ කාලසීමාවේ අද මෙන් සාමකාමී වාතාවරණයක් නොතිබූ බවත් එවැනි වාතාවරණයක මේ ආකාරයේ සැකයක් විමර්ශකයන් තුළ පැන නැගීම සාධාරණ බවත්ය.

G. සාෆිට විරුද්ධව වන්ද්‍යාකරණ චෝදනා එල්ල කළේ කවුද?

එම චෝදනාව මුල්වරට හෙළි කළේ දිවයින පුවත්පත මගින්. පසුව ඔහුත් සමග සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එම චෝදනාව ඉදිරිපත් කළා. මේ කරුණ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමඟ කුරුණෑගල ප්‍රදේශයේ මව්වරුන්ද එම චෝදනාව ඉදිරිපත් කළා.

H. සාෆිට විරුද්ධ චෝදනාව රතන හිමි, විමල් වීරවංශ, චන්න ජයසුමන ආදීන් පැන නැගුවා යන කාරණය සත්‍යයක්ද ?

එය අසත්‍යක්. ඔවුන් කිසිවිටෙකත් සාෆි සම්බන්ධ කිසිදු චෝදනාවක් මුල් වරට ප්‍රකාශ කළේ නැහැ. චෝදනා එල්ල වූ පසු එවකට පැවති රජය ඒ සම්බන්ධයෙන්  කටයුතු කිරීම හිතාමතාම මගහැරියා. මෙවන් චෝදනාවක් එල්ල වූ විට වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කළ යුතු වුවත් සාෆි වෛද්‍යවරයාගේ වැඩ තහනම් නොකර අනිවාර්යය නිවාඩු යැව්වා. එවකට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළේ රාජිත සේනාරත්න. සාෆි වෛද්‍යවරයා යහපාලන රජය බිහි කිරීමට මුල් වූ දේශපාලන ව්‍යාපාරයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලා තිබුණා. සාෆි පිළිබඳ නිසි විමර්ශනයක් නොවන බව පවසමින් කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයක් පවා සිදුකළා. මුස්ලිම් දේවස්ථානවල කඩු සඟවා තැබුවේ තණකොළ කැපවීමට බව පැවසුණේද මෙම සති කිහිපයේයි. කුරුණෑගල ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඔහු සමග කටයුතු කළ වෛද්‍යවරු මෙන්ම රතන හිමි, විමල්, උදය, චන්න, සිසිර ජයකොඩි  ඇතුළු තවත් බොහෝ දෙනාද සාෆි පිළිබඳව සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේ මේ කාලයේයි. රටේ උද්ගතවී තිබූ වාතාවරණය තුළ එම ඉල්ලීමේ වරද කුමක්ද?

I. සාෆි මව්වරු 4000 වද කල බව ඔවුන් පැවසුවේ කෙසේද?

4000 කතාව ඔවුන් පැවසු දෙයක් නොවේ. එය දිවයින පුවත්පතෙන් මතු කල කාරණයක්.

J. එසේනම් වද කොත්තු, වද බ්‍රෙසියර් ?

මේවා සාෆි සම්බන්ධ කාරණය ඉස්මතු වීමටත් පෙර සමාජයේ කතා බහට ලක් වුනු දේවල්. පසුව සාෆි සිද්ධියට ගැට ගැහුනා. වද කොත්තු, වද බ්‍රෙසියර් ගැන රතන හිමි, විමල්, උදය, චන්න හෝ වෙනත් දේශපාලන නායකයෙක් කතා කලේ නෑ. ඒවා සමාජ මාධ්‍යවලින් ඉස්මතු වූ කරුණු. 

K. සාෆිගේ වද සැත්කම් පිළිබඳ සැකයක් මතු කළේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නේද ?

එය වැරදියි. ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු පවා මේ පිළිබඳ සැකයක් ඇති බවත් නිසි විමර්ශනයක් කළ යුතු බවත් මාධ්‍ය හමුවේ පවා පැවසුවා. සියල්ලට වඩා වැදගත් වන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඔහු සමග එකට කටයුතු කළ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාක්ෂි මත පදනම්ව සකස් කළ මූලික විමර්ශන වාර්තාවෙන් භයානක කරුණු හෙළිදරව් වීමයි.

L. එම කරුණු මොනවාද?

1. වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමේ දී සාෆි සහබ්දීන් ජාතිකත්වය අනුව මව්වරුන්ට සහ රෝගී කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත් එමගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ජේදයේ 12 (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් ආයතන සංග්‍රහයේ දෙවන කාණ්ඩයේ XLVIII පරිච්ජේදයේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ හැකි වරදවල් සම්බන්ධ පළමුවන උපලේඛනයේ පළමුවන උප වගන්තිය සඳහන් වරදක් සිදු කර ඇති බවත්.

2. ප්‍රකාශ ලබා දුන් සියලු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අනුව ප්‍රසුත්‍ර වේදනා රහිතව හා ප්‍රමාණවත් ගැබ්ගෙල විස්තාරණය හා විවර වීම් නොමැති අවස්ථාවලදී වෛද්‍ය සාෆිගේ මැදිහත්වීමෙන් සිංහල මව්වරු ප්‍රසුත්‍රිකාගාරය කරා රැගෙන ගොස් විශේෂඥ වෛද්‍යවරයාගේ නිසි අනුමැතියකින් තොරව සීසර් ශල්‍යකර්මවලට  බලෙන්ම භාජනය කිරීම.

3. සීසර් සැත්කම් කිරීමේදී සාපේක්ෂව සිංහල මව්වරුන්ට අඩු කාලයකුත්, මුස්ලිම් මව්වරුන්ට වැඩි කාලයකුත් ගත කිරීම.

4. සීසර් සැත්කම්වලදී මුස්ලිම් මව්වරුන්ට ගර්භාශයේ මැහුම් ස්ථර 2 ක් යෙදුවද සිංහල මව්වරුන්ට එක් ස්ථරයක් පමණක් යෙදීම.

5. සීසර් සැත්කමෙන් පසු ගෝස් ටවල් යොදාගෙන අනෙකුත් වෛද්‍යවරු කරන ආකාරයට වෙනස් ආකාරයට රළු ආකාරයට පෙරිටෝනියම් කුහරය පිරිසිදු කිරීම.

6. තුන්වන සිසේරියන් සැත්කමෙන් පසු සිදු කල යුතු LRT සැත්කම මුස්ලිම් මව්වරුන්ට සිදු නොකර එසේ සිදු කල බවට අසත්‍ය සහතික ඉදිරිපත් කිරීම.

M. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ අධිකරණය මගින් ඔහු නිදොස් කොට නිදහස් වීමෙන් බව සමාජ මාධ්‍යවල පැවසුණා. එය ඇත්තක්ද ?

එය බොරුවක්. ඔහු අනිවාර්ය නිවාඩු යැවුනේ අධිකරණය මගින් නොවේ. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයක්. මෙම තීරණය ආපස්සට හැරැනේද ගරු අධිකරණය මගින් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. මේ කාරණය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව තවමත් විභාග වනවා. සාෆි වෛද්‍යවරයා යළි සේවයේ පිහිට වුනේ රාජ්‍ය සේවා කොමිෂමේ තීරණයක් පරිදි. මුල් මූලික විමර්ශනය වෙනුවට පසුව සිදු කල වෙනත් විමර්ශනයක් මත පදනම්ව එම තීරණය ගනු ලැබුවා.

N. එසේනම් සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවෙන් නිදහස් වුනේ කොහොමද ?

ඔහුව අත්අඩංගුවට ගත්තේ 1978 අංක 48 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. එම පනත යටතේ රඳවා ගැනීම සිදුකර විමර්ශනය කිරීමෙන් පසු ඔහුට ඇප ලැබුණා. 

O. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට ගත් විට ඔහුගේ වැඩ තහනම් විය යුතු නේද ?

ඔව්, නමුත් විශ්මයජනක ලෙස සාෆි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ.

P. සාෆි තවමත් සිටින්නේ ඇප මතද ?

ඔව්. කිසිදු අධිකරණයක ඔහු සම්බන්ධයෙන් විභාග වන නඩු තවම අවසන් වී නැහැ.

Q. එසේනම් විමර්ශන මෙහෙයවූ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ විත්තිකරැ වෛද්‍ය සාෆි එක් වේදිකාවක පසුගියදා පෙනී සිටියේ කෙලෙසද ?

එය පැහැදිලිවම අපේ රටේ අධිකරණය සහ නීති පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමක්.

R. සාෆි පිළිබඳ කතන්දරය ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක් යැයි චෝදනාවක් එල්ල වෙනවා.? එය ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් යැයි ද පැවසෙනවා.

එයා අමූලික බොරුවක්. මුස්ලිම් ජන සමාජයට අයත් එක් වෛද්‍යවරයෙකු විසින් සිදු කළා යැයි පැන නැගුණු කාරණයක් සමස්ත මුස්ලිම් සමාජයටම ආදේශ කිරීම වැරදියි. සාෆි පිළිබඳ කාරණය ප්‍රසිද්ධ වේදිකාවක පැන නැගුණු එකම අවස්ථාව නුගේගොඩ දී පැවති වහාබ්වාදයට එරෙහි රැලිය පමණයි. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ කිසිදු අවස්ථාවක එවන් කාරණයක් ඉස්මතු කළේ නැහැ. විමල්, උදය, චන්න හෝ තවත් කවරකු හෝ මහමැතිවරණ වේදිකා තුළද එවැන්නක් පැන නැඟුවේ නැහැ.

S. එසේ නම් සාපි කතන්දරය කුමන්ත්‍රණයක් යැයි සමාජගත වූයේ කෙසේද?

එය ඉතා සූක්ෂම ආකාරයට සිදුවූවක්. කොවිඩ් වසංගතයත්, රටේ ආර්ථික පරිහානියත්, විමර්ශන සිදු කළ යුතු වූ අයගේ මග හැරීම් නිසාත්, තවත් විවිධ හේතුත් නිසා එල්ල වූ චෝදනාව පිළිබඳ නිසි විමර්ශනයක් සිදුවූයේ නැහැ. රාජ්‍ය සේවා කොමිසම මගින් සාෆි සේවයේ පිහිටුවීම සියලු චෝදනාවලින් සාෆි නිදහස් නිදොස් කොට නිදහස් කිරීමක් ලෙස අර්ථ ගැන්වුනා. සිංහල බෞද්ධ විරෝධී මතධාරීන්, නිරාගමිකයන් සිංහල බෞද්ධයන් අවඥාවට ලක් කිරීමට ඔවුන්ට රිදවීමට මේ කාරණය කළමනාකරණය කලා. අති විශාල මුදලක් වියදම් කරමින් සමාජ මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය මගින් සාෆි වර්ණනා කිරීමට ලිපි ලියවුණා. සෑම සති හයකට වරක් අලුත් වටයකින් ඔහු පිළිබඳ නැවත නැවතත් ලිපි පළ කෙරුණා. සාෆි යළි සේවයේ පිහිට වුණු අවස්ථාවේ එම පුවත උත්කර්ෂයට නැංවීම සඳහා සමාජ මාධ්‍ය අනුග්‍රහය සඳහා වැය කළ මුදල පමණක් ඩොලර් 50,000 වැඩියි. ඇත්තටම දැන් සිදුවන්නේ සාෆි යොදාගෙන සිංහල බෞද්ධ නායකයන්ට තර්ජනය කිරීමත්, සිංහල බෞද්ධයන් බිය ඉගැන්වීමත්.

පාස්කු ප්‍රහාරය ගෝඨා බලයට පත් කිරීමට සිදුකළ දෙයක් යැයි පැවසූ දේ දිගුවක් ලෙස සාෆි කාරණයත් කුමන්ත්‍රණයක් ලෙස හැඳින්වුණා. එය අමූලික බොරුවක්. එසේ නම් මේ කුමන්ත්‍රණය ආරම්භ කර ඇත්තේ රහස් පොලිසිය විය යුතුයි. මන්ද සියල්ලට පෙර සාෆි ගැන විමර්ශන කටයුතු ආරම්භ කළේ ඔවුන් නිසා. දිවයින පුවත්පතේ මාධ්‍යවේදියා සිදු කළේ එම විමර්ශනවලින් හෙළි වූ තොරතුරු පුවත්පතේ පළ කිරීමයි. කුරුණෑගල රෝහල සිදුකළේ ආයතනික මට්ටමින් විමර්ශනයක් කිරීමයි. ප්‍රදේශයේ මහා සංඝරත්නය, ජාතිකවාදී දේශපාලන නායකයන් සහ විද්වතුන් සිදු කළේ පැන නැගී ඇති කරුණු පිළිබඳ සාධාරණ අපක්ෂපාතී, විමර්ශනයක් සිදුකර වරදක් සිදුව ඇත්නම් දඬුවම් කරන ලෙස ඉල්ලා සිටීමයි. එසේ නම් මෙහි ඇති කුමන්ත්‍රණය කුමක්ද? මෙය කුමන්ත්‍රණයක් නම් ජනමාධ්‍ය, රහස් පොලිසිය, දේශපාලන නායකයන්, කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩලය, පැමිණිලි කල 1000 වඩා මව්වරු මේ සියලු දෙනා එහි කොටස් කරුවන් විය යුතුයි. 

ඇත්තටම වුනේ  ජනමාධ්‍ය අතර ඇති තරගය නිසා එකිනෙකා පරයා වාර්තා කිරීම නිසා අනවශ්‍ය කලබලයක්, සැකයක් මව්වරු තුල ගොඩ නැගීමයි. මේ චෝදනා එලියට ආවේ පාස්කු ප්‍රහාරයට පසුව තැන තැන හංගපු කඩු මතුවන පසුබිමක. අනෙක් අතට එම රජය, රජයේ හිටපු ඇමතිවරු උග්‍ර සිංහල බෞද්ධ විරෝධී  ප්‍රතිපත්ති අනුගමනය කළා. ජිනීවාවලදී රණ විරුවන් පාවලා දුන්නා. උතුරේ නැවත බෙදුම්වාදී අදහස් පැන නැංගා, ඒවා පාලනයට කටයතු කලේ නෑ. සිංහල බෞද්ධජනතාව දැඩි අනාරක්ෂිත, සහ කොන් කල පසු බිමකයි සාෆි ගැන කාරණා පැන නැගුනේ.. සාමාන්‍ය කාලයක සිදු වුනාට වඩා සමාජයේ අවධානය යොමු කරගන්න ඒ වට පිටාව හේතු වුනා. අද මේ ගැන විවේචනය කරන ගොඩක් දෙනා එදා තිබුන තත්වය අමතක කරලයි කතා කරන්නේ.  

කෙසේ නමුත් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක, නියෝජ්‍ය අධ්‍යක්ෂක, කුරුණෑගල මහේස්ත්‍රාත්, විමර්ශන කල ඇතැම් පොලිස් නිලධාරීන් ආදී බොහෝ දෙනකුට විරුද්ධව පැමිණිලි කරමින් ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට කටයතු යෙදුනා. ඒ පිටුපස සිටියේ කවුදැයි සොයා බැලීමත් අවශ්‍යයි. 

T. වෛද්‍ය අනුරුද්ධ පාදනියගේ දෙවැනි දරුවා බිහිකිරීමට සහාය දුන්නේ තමන් බව වෛද්‍ය සාෆි පැවසුවා?

මෙය වෛද්‍ය සදාචාර ධර්ම  (medial ethics) අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. වෛද්‍යවරයකු තමන් ප්‍රතිකාර කරන රෝගීන්ගේ අනන්‍යතා අධිකරණ නියෝගයකින් මිස හෙළිදරව් කරන්නේ නැහැ. තවමත් අධිකරණය හමුවේ විභාග වන නීති කටයුත්තක විත්තිකරුවකු වන වෛද්‍ය සාෆි ප්‍රසිද්ධ වේදිකාවක මේ ගැන පවසනවා. වෛද්‍ය සාෆි ගැන කිඹුල් කඳුළු හෙළන කවුරුත් වෛද්‍ය පාදෙණිය හෝ ඔහුගේ බිරිඳට සිදුවූ අපහසුතාව ගැන කතා නොකරන්නේ ඇයි ?

U. එසේ නම් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කවර ආකාරයකින්ද ?

1. ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව මුදල් විශුද්ධිකරණයයි. ඒ පිළිබඳ නීතිපති උපදෙස් කඩිනමින් සපයා  නීති මගින් කටයුතු කළ යුතුයි.  ඔහු මේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීම සාධාරණ බව ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කර තිබෙනවා.

2.වෛද්‍ය සාෆි පිළිබඳ මූලික විමර්ශන වාර්තාව යටපත් කිරීමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ගැන කඩිනම් පරීක්ෂණයක් කළ යුතුයි. එකී මුලික විමර්ශනයෙන් මතු වූ කරුණු පසුව යටපත් වුයේ කෙලෙසදැයි සොයා බැලිය යුතුයි.

3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් විට ඕනෑම රාජ්‍ය සේවකයෙකු යටත් වන වැඩ තහනමට යටත් නොවී සාෆි අනිවාර්යය නිවාඩු යැව්වේ කාගේ බලපෑමකට අනුවද යන්න හෙළිදරව් කළ යුතුයි.

4. මේ සඳහා මුල සිට මැදිහත් වෙමින්, රැස්වීම් පවත්වමින්, සමාජ මාධ්‍ය මෙහෙයුමට විශාල මුදලක් වැය කරන "ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” මේ සම්බන්ධයෙන් කරන මැදිහත්වීම සහ ඔවුන්ට ඒ සඳහා මුදල් ලැබෙන්නේ කවර ආකාරයෙන්ද යන්න සොයා බැලිය යුතුයි.

V. සාෆි ට චෝදනා එල්ල කිරීම ගැන මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන්  සාෆිගෙනුත්, මුස්ලිම් ජනතාවගෙනුත් සමාව ඉල්ලිය යුතු බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවනවා?

සාෆි ට චෝදනා එල්ල කලේ  මහා සංඝ රත්නය, විමල්, චන්න ආදීන් නොවේ. එය කලේ පොලිසිය, ජනමාධ්‍ය සහ ඔහු සමග එකට කටයුතු කල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. එම චෝදනා නිසි විමර්ශනයට ලක් නොකර යට ගැසීමට කටයුතු කල පසුබිමක ඒ ගැන සාධාරණ, අපක්ෂපාතී, විමර්ශනයක් කරන ලෙසට බල කිරීම වරදක්ද? 

සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් විය හැකි සිද්ධියක් පිලිබඳ අදහස් දැක්වීම සහ ඒ ගැන සාධාරණ පරීක්ෂනයක් ඉල්ලා සිටීම වරදක්ද?

ජාතිය මත පදනම්ව වෙනස් ආකාරයට කටයුතු කරන බව ෂාෆි සේවය කල රෝහලෙන්ම සිදු කල විමර්ශනයකින් පවසා තිබියදී, මෙතරම් චෝදනා තිබියදී එම වෛද්‍යවරයා වැඩ තහනම් නොකර අනිවාර්ය නිවාඩු යැවීමට කටයතු කර තිබියදී, පැහැදිලි කල නොහැකි පරිදි ඉතා විශාල ධනස්කන්දයක් සහිතව වෛද්‍ය සාෆි  මහ මැතිවරණයට තරග කල දේශපාලන ධාරාව ආණ්ඩු බලය හිමි කරගෙන එහි රැකවරණය යටතේ සිටියදී ඔහුට එල්ල වූ චෝදනා නිසි විමර්ශනයට ලක් කරන ලෙස පැවසීම වරදක්ද? 

තවමත් ඔහුට එල්ල වූ චෝදනා 2 සම්බන්ධයෙන් නඩු කටයතු අවසන් වී නැත. ඔහු නීතිය ඉදිරියේ තවම චුදිතයකු පමණි. වැරදිකරුවකු හෝ නිවැරදිකරුවකු නොවේ. ඔහුට ලැබෙන තීන්දුව කුමක් වුවත් සාෆිගෙන් හෝ මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. 

W. සාෆිව, පැලොපීය නාල, වද කොත්තු පෙන්වා මිනිසුන්ව රවටා ගෝඨාභය දිනවූ  බවට චෝදනාවක් එල්ල වනවා?

මේ චෝදනාව ප්‍රධාන වශයෙන්ම කරන්නේ ජවිපෙ/ මාලිමාවට සම්බන්ධ ක්‍රියාකාරීන්. ඔවුන් බොහොමයක් පසුගිය ජනාධිපතිවරනයේදී ගෝඨාභයට ජන්දය දීපු අය නොවේ. එසේනම් ඔවුන්ම පවසන රැවටිල්ලට ඔවුන් ලක් වී නැහැ. එහෙත් අනෙක් අය රැවටුණු වග ඔවුන් පවසනවා. ගෝඨාභය වෙනුවෙන් ජන්දය දුන් අය එසේ කලේ යහපාලන රජයෙන් කොන් කර නොසලකා හැරි ජාතික අභිලාෂයන් දිනා ගැනීමටයි. ජාතික ආරක්ෂාව යලි තහවුරු කිරීම, රණවිරු දඩයම නතර කිරීම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, මුළු රටටම එක නීතියක් හඳුන්වා දීම එහි ප්‍රමුඛ අරමුණු. සාෆිගෙන් රට බේරා ගැනීමට ගෝඨාභය දිනවූ අයකු සිටිත්දැයි සැක සහිතය. සාෆි, පැලොපීය නාල, වද කොත්තු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ හෝ පසුව පැවති මහමැතිවරනයේදී මාතෘකාවක් නොවීය. වද කොත්තු කතා දශකයකටත් වඩා කල් සමාජයේ කතා බහට ලක් වූ දේවල්.  නමුත් මාලිමා හිතවාදීන් සහ සිංහල බෞද්ධ විරෝධීන් තමන් රැවටුණු බව බොරු මවාපෑමක් කරනවා. ඔවුන් කවදාවත් ජාතික කඳවුර වෙනුවෙන් ජන්දය දීපු අය නොවේ. එනම් රවටපු කෙනෙක් හෝ රැවටුණු කෙනෙක් නැත. 

දැන් ඔවුන්ට අවශ්‍ය මේ කතාව ඉස්සරහට යොදා ගෙන සියලු සිංහල බෞද්ධ විරෝධී කටයතු සදහා ආවරණයක් ලබා ගැනීමටයි. මේ කිඹුල් කඳුළුවලට ඉඩක් දිය යුතු නැත.

(උපුටාගැනීම අන්තර්ජාලයෙනි)

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.