අහෝ කැකිරාවේ සුදස්සන !
බුද්ධ ශාසනය විනාශ කරන හිස් පුද්ගලයෝ බිහිවෙන්නෙ ශාසනය තුළින්ම යි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරේ මේ කැකිරාවේ සුදස්සන උන්නාන්සේ වගේ මෝඩ පුරුෂයො ගැන බුදු ඇසින් දැකලා වෙන්න ඕන.
අනුර කුමාර සරණ ගිය මේ මාලිමා භික්ෂුව කියනවා බුදුන් වහන්සේ බෝධියට වදින්න කිවුවේ නෑ කියලා. බුද්ධ කාලේ බෝධි පූජා තිබ්බේ නෑ කියලා. (පහළ තියෙන්නේ ලින්ක් එක)
https://www.facebook.com/share/v/dy7UjcZaJAdE59NW/?mibextid=K35XfP
හරියට බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් විතරක්ම කරන උන්නාන්සේ වගේ තමයි කතාව. එතකොට භික්ෂුන්ට මාසේ පඩියට උගන්නන්න පුළුවන් කියලා බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරලා තියෙන්නේ?. භික්ෂුන්ට දේශපාලන වේදිකාවල කතා පවත්වන්න පුළුවන් කියලා බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරලා තියෙන්නේ?.
බෝධි වන්දානාවක් ගැන ත්‍රිපිටකයේ නෑ කියලා වගකීමෙන් කියන කැලණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්‍ය රාජකීය පණ්ඩිත සුදස්සන උන්නාන්සේ ත්‍රිපිටකයවත් හරියට කියවලා නෑ කියලා පැහැදිලියි. මේ උන්නාන්සේට රාජකීය පණ්ඩිත පට්ටම දීලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයෙන් වෙන්න ඕන.
සිවුරක් පෙරවන් නොදන්න මගුල් දන්නවා වගේ කියවන්න කලින් අඩුම තරමේ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ ආපදාන පාළියෙ තියෙන බෝධි වන්දන, තිමිරපුප්ඵිය, වීජනි, සුදාපිණ්ඩිය වග්ගවත් කියවලා ඉන්න ඕන.
එහෙම කරා නං බෝධි වන්දක, බෝධිසිඤ්චක, ධජදායක, තිපුප්ඵිය වගේ රහතන් වහන්සේලා විපස්සී, පදුමුත්තර බුදුන් වහන්සේලා ගේ කාලවල ඉඳලා බෝධි වන්දනා කරපු විදිය, පිරිසුදු කරපු විදිය, බෝදීන්ට මල් පහන් පූජා කරපු විදිය, බෝධිය අමදපු විදිය හා ඒ ක්‍රියාවල ආනිසංශ ලබපු විදිය දැන ඉගෙනගන්න පුළුවන් වෙයි.
බහුංවේ සරණං යන්තී
පබ්බතානී වනා නීච
ආරාම රුක්ඛ චේතියානී
මනුස්සා භය තජ්ජිතා
(ධම්ම පදය | බුද්ධ වග්ගය )
බුදු හාමුදුරුවෝ අග්ගි දත්ත බමුණනට ඉහත ගාථාව දේශානා කරේ " බොහෝ මිනිසුන් බියෙන් තැතිගෙන වන, පර්වත, විශාල වෘක්ෂලතා සරණ යනවා" ඒක නුසුදුසුයි කියලා මිසක් බුදුන් වහන්සේ නමක් අරමුණු කරලා, ශ්‍රද්ධා උපදවලා කරන බෝධි වන්දනාව නුසුදුසුයි කියලා නෙමෙයි. (සුදස්සන වගේ උන්නාන්සෙලා කන්න ඕන වුණහම කබරයා තලගොයා කරගන්නේ ඔහොම තමයි.)
මේ වගේ උන්නාන්සෙලා ගේ කෙබරවලව ලයික් හාට් දාන නමට බෞද්ධයෝ එක්ක, මේ වගේ නමට රාජකීය පණ්ඩිත උන්නාන්සේලාගෙන් ඉගෙන ගන්න පරම්පරාවක් එක්ක මේ ශාසනේ තව අවුරුදු 10ක් වත් ආරක්ෂා වෙලා තිබුණොත් ලොකු දෙයක්.
අහෝ කැකිරාවේ සුදස්සන නොදුටු මොක්පුර !
- සොනාල ගුණවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්