බෞද්ධ සංස්කෘතියට ගහන අය බෞද්ධ දර්ශනයට මෙච්චර ආදරේ ඇයි?
👉 උතුරේ කොටි සැමරුම්වලට සහභාගී වෙමින් මල් පහන් පූජා කරන අය, බුදුන්ට මල් පහන් පූජා කිරීම විද්‍යාත්මක නැති බව අපට කියාදීමට උත්සාහ දරති.
👉 ගංජා, මත්පැන්, කාන්තාවන් ආදියේ ඇලී සිටිමින් ජීවිතය විඳීමේ රසය ගැන කවි කතා ලියන අය බෞද්ධ පිළිවෙත්වල නොඇලී සිටීමේ වැදගත්කම ගැන අපට දේශනා පවත්වති.
👉 සෑම දෙයකදීම අයිතිය ගැන, අයිතිවාසිකම් ගැන, අත්කරගැනීම ගැන කතා කරන අය බෞද්ධයාගේ ප්‍රශ්නවලදී පමණක් අතහැරීමේ අගය ගැන කතා කරති.
👉 පීඩාවන්ට එරෙහිව නැගී සිටීමේ සටන් කිරීමේ වැදගත්කම ගැන හෑලි ලියන අය බුදු දහමට අපහාස කිරීමේදී, බෞද්ධ සිද්ධස්ථාන වැනසීමේදී අප ඉවසීමෙන් සිල් රැකිය යුතු ආකාරය අපට දේශනා කරති.
👉 අනෙක් ආගම් ගැන කතා කිරීමේදී අනෙකාගේ සංස්කෘතික අයිතියට ගරු කළ යුතු යැයි කියන අය බෞද්ධ සංස්කෘතිය ගැන කතා කිරීමේදී එය විචාරශීලීව විද්‍යාත්මකව ප්‍රශ්න කළ යුතු බව අපට උගන්වති.
👉 මානවයාගේ උසස් සංස්කෘතික ජීවිතයක් ගැන හෑලි ලියන අය බෞද්ධයාගේ සංස්කෘතික කටයුතු වෙනුවෙන් යොදවන මුදලින් ඉස්පිරිතාල සෑදිය යුතු බව අපට උගන්වති.
👉 මේ ආකාරයට නොඇලී සිටීම, අතහැරීම, ඉවසීම, මෛත්‍රිය, විචාරශීලීත්වය, පරිත්‍යාගය ආදී බුදු දහමේ එන සංකල්පම මේ පිරිස බෞද්ධ සංස්කෘතියට පහරදීම සඳහා අතිශය වංචනික ලෙස අවභාවිතයේ යොදවන ආකාරය ගැන තව උදාහරණ අපමණය.
👉 ඔවුන්ගේ අරමුණ වන්නේ බෞද්ධ දර්ශනය වටිනා ගැඹුරු දර්ශනයක් බව කියමින් බෞද්ධ සංස්කෘතියේ සියලු අංග හෙළා දැකීමට අපගේ මනස පුහුණු කරවීමය.
👉 එය කරනුයේ බෞද්ධ දර්ශනය ගැන ඇති ආදරයක් නිසා නොව, බෞද්ධ දර්ශනයට පැවැත්මක් ඇත්තේ බෞද්ධ සංස්කෘතිය තුළ පමණක් බව ඔවුන් හොඳාකාරවම දන්නා නිසාය.
👉 බෞද්ධ දර්ශනය ගැන බොරු වර්ණනා කරමින්, බෞද්ධ දර්ශනයේ එන කාරණාම තියුණු ආයුධ ලෙස යොදා ගනිමින්, බෞද්ධ සංස්කෘතියට පහරදීම නූතන බෞද්ධ විරෝධීන්ගේ ප්‍රධානතම උපක්‍රමයකි.
👉 අප ඒ සටකපට උපක්‍රමය තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය විය හැක්කේ ඊනියා විචාරශීලී බෞද්ධ සමාජයක් බිහිවීම නොව බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ දර්ශනයත් යන දෙකම දිනෙන් දින විනාශ මුඛයට ඇදී යාමය.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්