
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට පිළිතුරක්
බුදුරජාණන් වහන්සේ පන්සිල් නොදුන් බවට එක්තරා භික්ෂුවක් විසින් පවසා ඇති කතාවට පිළිතුරු සපයා ඇති සමාජ මාධ්‍ය සංසරණය වන සටහනක දක්වා ඇත්තේ බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඕනෑ තරම් සූත්‍ර ඇති බවයි.
බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දැයි අවබෝධ කරවන්නක් බවද එම සටහනේ දක්වා තිබේ.
අදාළ සටහන පහළින්...
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නද නැද්ද? කියන එක ලංකාව වගේ බෞද්ධ රටක බෞද්ධයෙක් විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි..
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නෑ කියා, බෞද්ධ යැයි කියා ගන්නා ගිහෙයෙකු ප්‍රශ්න කලත්, බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දරුණුද කියා සිතා ගත හැකියි..
බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සීලයෙන් තොර සාමාධියක් සහ ප්‍රඥාවක් නොමැති බවයි.. එසේ නම් සීලයෙන් තොරව බුද්ධ සාසනයක් පවතින්නේ නැත..
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට කිව්ව යුත්තේ, බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඔනී තරම් සූත්‍ර ඇති බවයි..
වේලුද්වාර සූත්‍රයේ තියෙනවා, වේලුද්වාර ගමේ පිරිසකට බුදුරජාණන් වහන්සේ පන්සිල් කියලා දෙන විදිය.. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දිව්‍යලෝකේ යන වැඩපිළිවෙල කුමක් ද කියා?? එවිට බුදුරජාණන් වහන්සේ වදාලා,දෙව්ලොව යන ප්‍රතිපාදව "පන්සිල් රැකීම" බව...
ආටානාටිය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පන්සිල් දීපු බව පැහැදිලිව සඳහන් වෙනවා..
===================================
භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති,
====================================
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක.
=====================================
බුදුරජාණන් වහන්සේ පන්සීල් දීලා, සුගතියේ ගිය කෙනෙක් ගේ ලස්සන විස්තරයක් ඛුද්දක නිකායේ,විමාන වත්තුවේ සඳහන් වෙනවා... "ඡත්ත" නැමැති තරුණයාට බුදුරජාණන් වහන්සේ පන්සිල් දීපු බව මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා.. බුදුරජාණන් වහන්සේගේ මේ පන්සිල් දීමට කිව්වේ "තිසරණ පංචසීලය" කියලයි
"ඡත්ත" නැමැති තරුණයා ශිල්ප හදාරා අවසන් කොට ගුරුවරයාට ගුරු පඬුරු රැගෙන ඒම පිණිස ගම බලා පිටත් වුනා.. පියාගෙන් කහවණු 2000 රැගෙන යලි ගුරුවරයා මුණ ගැසීමට උක්කට්ඨා නුවරට පිටත් වුනා..
එදා අලුයම් කාලයේ අපගේ බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සමවැදි ලොව දෙස බලන කල්හී, ඡත්ත නම් මේ තරුණයාව බුදු නෙතට පෙනුනා..
හොරු පිරිසක් අතින් මේ තරුණයා මිය යන බවත්, තෙරුවන් කෙරෙහි පහදවා පන්සිල් සමාදන් වුවහොත් ඡත්ත, සුගතියේ යන බවත් බුදුරජාණන් වහන්සේ දුටුවා..
ඡත්ත යන මඟට වැඩි අප මහා භගවතාණෝ, ඡත්තගෙන් මෙහෙම ඇහුවා..
පින්වත් ඡත්ත..ඔබ "තිසරණ පන්සිල්" දන්නවා ද??
ස්වාමිනී..මම නොදනිමි..
“ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මෙසේ වදලා භාගයවතුන් වහන්සේ, ඡත්තව තිසරණය සහිත පංචසීලයේ සමාදන් කෙරෙව්වා..
පන්සිල් ගෙන තෙරුවණ් සරණ ගිය ඡත්ත හොරුන් අතින් මැරුම් කෑවා..මිය ගොස් දෙව්ලොව උපන්නා..දෙව්ලොව දෙවියෙක් වූ "ඡත්තමානවක" විසින් ම බුදුරජාණන් වහන්සේ තමන්ට පන්සිල් දුන් බව මෙසේ පවසා සිටියා..
මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දීපු පන්සිල්..
===============================
1️⃣ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
2️⃣අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
3️⃣අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
4️⃣අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
5️⃣හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
===============================
මෙච්චර පැහැදිලිව සූත්‍ර දේශනා තියෙද්දි, ගෞතම බුද්ධ සාසනයේම පැවිදි වූ හිස් මහණුන් විසින්ම භාගයවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම කොයි තරම් නම් අභාග්‍යක් ද???
මේ බුද්ධ සාසනය තව බොහෝ කල් පවතින්නේ නෑ...මේ ගෙවෙන්නේ බුද්ධ සාසනයක පිරිහීමක ආරම්භක කාලයක්..
රාජ්‍ය අනුග්‍රහය නැති වීමත්, භික්ෂූන් මෙන්ම බහුතරයක් බෞද්ධයන්ද මිත්‍යාදුෂ්ට්ක වීමත් නිසා අනාගතයේ බුද්ධසාසනයේ පිරිහීම වේගවත් වෙනවාමයි.. එනිසා අප්‍රමාදි වෙත්වා!!!
ඡත්ත මානවක විමාන කතාව -
https://tripitaka.online/sutta/13164
https://pitaka.lk/main?n=42116
ආටානාටිය සූත්‍රය https://tripitaka.online/sutta/240
(සටහන සමාජ මාධ්‍යයෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
