බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට පිළිතුරක්
බුදුරජාණන් වහන්සේ පන්සිල් නොදුන් බවට එක්තරා භික්ෂුවක් විසින් පවසා ඇති කතාවට පිළිතුරු සපයා ඇති සමාජ මාධ්‍ය සංසරණය වන සටහනක දක්වා ඇත්තේ බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඕනෑ තරම් සූත්‍ර ඇති බවයි.
බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දැයි අවබෝධ කරවන්නක් බවද එම සටහනේ දක්වා තිබේ.
අදාළ සටහන පහළින්...
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නද නැද්ද? කියන එක ලංකාව වගේ බෞද්ධ රටක බෞද්ධයෙක් විසින් ඇසිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි..
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නෑ කියා, බෞද්ධ යැයි කියා ගන්නා ගිහෙයෙකු ප්‍රශ්න කලත්, බුදුරජාණන් වහන්සේ නමින් පැවිදි වූ භික්ෂුවක් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමම මෙකල බුද්ධ සාසනයේ පිරිහීම කෙතරම් දරුණුද කියා සිතා ගත හැකියි..
බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සීලයෙන් තොර සාමාධියක් සහ ප්‍රඥාවක් නොමැති බවයි.. එසේ නම් සීලයෙන් තොරව බුද්ධ සාසනයක් පවතින්නේ නැත..
බුදුරජාණන් වහන්සේ පන්සිල් දුන්නේ නැත කියන භික්ෂුවට කිව්ව යුත්තේ, බුද්ධ දේශනාවේ පන්සිල් ගැන ඔනී තරම් සූත්‍ර ඇති බවයි..
වේලුද්වාර සූත්‍රයේ තියෙනවා, වේලුද්වාර ගමේ පිරිසකට බුදුරජාණන් වහන්සේ පන්සිල් කියලා දෙන විදිය.. ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දිව්‍යලෝකේ යන වැඩපිළිවෙල කුමක් ද කියා?? එවිට බුදුරජාණන් වහන්සේ වදාලා,දෙව්ලොව යන ප්‍රතිපාදව "පන්සිල් රැකීම" බව...
ආටානාටිය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ පන්සිල් දීපු බව පැහැදිලිව සඳහන් වෙනවා..
===================================
භගවා හි භන්තේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති, අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති, කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති, මුසාවාදා වේරමණියා ධම්මං දේසේති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති,
====================================
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වනාහී සත්ව ඝාතනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. සොරකමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසන සේක.
=====================================
බුදුරජාණන් වහන්සේ පන්සීල් දීලා, සුගතියේ ගිය කෙනෙක් ගේ ලස්සන විස්තරයක් ඛුද්දක නිකායේ,විමාන වත්තුවේ සඳහන් වෙනවා... "ඡත්ත" නැමැති තරුණයාට බුදුරජාණන් වහන්සේ පන්සිල් දීපු බව මේ දේශනාවේ පැහැදිලිව තියෙනවා.. බුදුරජාණන් වහන්සේගේ මේ පන්සිල් දීමට කිව්වේ "තිසරණ පංචසීලය" කියලයි
"ඡත්ත" නැමැති තරුණයා ශිල්ප හදාරා අවසන් කොට ගුරුවරයාට ගුරු පඬුරු රැගෙන ඒම පිණිස ගම බලා පිටත් වුනා.. පියාගෙන් කහවණු 2000 රැගෙන යලි ගුරුවරයා මුණ ගැසීමට උක්කට්ඨා නුවරට පිටත් වුනා..
එදා අලුයම් කාලයේ අපගේ බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සමවැදි ලොව දෙස බලන කල්හී, ඡත්ත නම් මේ තරුණයාව බුදු නෙතට පෙනුනා..
හොරු පිරිසක් අතින් මේ තරුණයා මිය යන බවත්, තෙරුවන් කෙරෙහි පහදවා පන්සිල් සමාදන් වුවහොත් ඡත්ත, සුගතියේ යන බවත් බුදුරජාණන් වහන්සේ දුටුවා..
ඡත්ත යන මඟට වැඩි අප මහා භගවතාණෝ, ඡත්තගෙන් මෙහෙම ඇහුවා..
පින්වත් ඡත්ත..ඔබ "තිසරණ පන්සිල්" දන්නවා ද??
ස්වාමිනී..මම නොදනිමි..
“ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
මෙසේ වදලා භාගයවතුන් වහන්සේ, ඡත්තව තිසරණය සහිත පංචසීලයේ සමාදන් කෙරෙව්වා..
පන්සිල් ගෙන තෙරුවණ් සරණ ගිය ඡත්ත හොරුන් අතින් මැරුම් කෑවා..මිය ගොස් දෙව්ලොව උපන්නා..දෙව්ලොව දෙවියෙක් වූ "ඡත්තමානවක" විසින් ම බුදුරජාණන් වහන්සේ තමන්ට පන්සිල් දුන් බව මෙසේ පවසා සිටියා..
මෙන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ දීපු පන්සිල්..
===============================
1️⃣ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
2️⃣අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
3️⃣අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
4️⃣අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
5️⃣හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
===============================
මෙච්චර පැහැදිලිව සූත්‍ර දේශනා තියෙද්දි, ගෞතම බුද්ධ සාසනයේම පැවිදි වූ හිස් මහණුන් විසින්ම භාගයවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම කොයි තරම් නම් අභාග්‍යක් ද???
මේ බුද්ධ සාසනය තව බොහෝ කල් පවතින්නේ නෑ...මේ ගෙවෙන්නේ බුද්ධ සාසනයක පිරිහීමක ආරම්භක කාලයක්..
රාජ්‍ය අනුග්‍රහය නැති වීමත්, භික්ෂූන් මෙන්ම බහුතරයක් බෞද්ධයන්ද මිත්‍යාදුෂ්ට්ක වීමත් නිසා අනාගතයේ බුද්ධසාසනයේ පිරිහීම වේගවත් වෙනවාමයි.. එනිසා අප්‍රමාදි වෙත්වා!!!
ඡත්ත මානවක විමාන කතාව -
https://tripitaka.online/sutta/13164
https://pitaka.lk/main?n=42116
ආටානාටිය සූත්‍රය https://tripitaka.online/sutta/240
(සටහන සමාජ මාධ්‍යයෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්