News Category
From Date
To Date
Maximum Number of Result

සම්භාව්‍ය චිත්‍රපටයක් ගෙදරදීම හදාගන්නේ කොහොම ද?

May 22, 2024 at 10:01 AM
|

රටේ  සිනමාව නූතනකරණය කරන අපේ රටේ වැඩ්ඩන්ගේ චිත්‍රපට හැදීමේ අමුතු කලාව ගැන සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු  සටහනක් පළ කර තිබේ.

එම සිනමා නිර්මාණ විචාරය කරන මහා බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස පිළිබඳව ද මෙහි සඳහන් කර ඇති අතර, ඔවුන්ගේ දේශපාලන භාවිතාව සහ සමාජ භාවිතාව පිළිබදව ද මෙම සටහනේ යටිපෙළින් මනාව පිළිබිඹු වේ.

එම සටහන පහළින්...

............................................................
Ingredients
..............................................................

වෙනස් ආකෘතිය ක බටහිර චිත්‍රපටයක්

කාමරයක්

ටැප් එකක්

එලවලු කපන පිහියක්

පූසෙන්

බල්ලෙක්

ඔම්ලට් එකක් සකසා ගත හැකි පෑන් එකක්

බිත්තරයක්

වම්බටු ගෙඩියක්

ප්‍රසිද්ධියේ ඇඳුම් මාරු කරන්න කැමති නිලියක්

අත වනපු ගමං ගෙන්න ගන්න පුලාං නලුවෙක්

හොඳ තත්වයේ පෑන්ටියක්, බ්‍රෙෂියරයක්

බාත් ටවල් එකක්

ඈෂ් හෝල්ඩරයක්

සිගරට් එකක්

ගිනි පෙට්ටියක්

චිත්‍රපටය සාදා ගන්නා ආකාරය

..............................................

චිත්‍රපටය තිරගත කිරීමට සති හතරකට පෙර බොරැල්ල හංදියෙං කොල්ලකු අල්ලාගෙන ඌ⁣ට තමා තෝරාගත් චිත්‍රපටය පෙන්නා කවුරු හෝ සමග එක්ව සෙට්එක සකසා දෙන්න යයි ඉල්ලා අර චිත්‍රපටයේ ආකාරයට ගෙදර කාමරය සකසා ගැනීම.

ක්ලෝත්ෆෝබියාවෙන් පෙළෙන නිලියක් ලවා කැමරාව ඉදිරියේ රෙදි මාරු කරන්න සලස්වන්න.

ඉන් පසු ඇයට සෙමින් නිරුවතින් ඇවිද යන්නැයි පවසන්න....ඇය කාමරයෙන් එහාට හැරෙද්දි නිදා සිටින පූසාට කැමරාව අල්ලන්න...ඉන්පසු ඇය කුස්සියට හැරෙන තැනදී බල්ලාගේ ක්ලෝසප් එකක් ගෙන බුරන හඩක් පසුබිමට එකතු කරන්න .( බල්ලාගේ කරපටියෙහි සමාජවාදී රතු තරුව ඇත. Closeup)

ඉන්පසු නිරුවතින් කුස්සියට යන කාන්තාව ටැප් එකෙන් බටු ගෙඩියක් සෝදා පිහියෙන් කපන සමීප රාමුවක් ගන්න ( එයට විචාරකයෝ පුරුෂ විරෝධය වැනි මහා අර්ථයක් දෙනු නොඅනුමානය.)දැං බටු ගෙඩිය තෙල් ටිකක් දා බදින්න .( අහෝ ස්ත්‍රි හිස්ටරික බව ..විකල්ප විචාරකයෝ හඩනු ඇත.) 

දැං පූසා මේසය උඩය.. ඌ බදින ලද බටු  ව්‍යංජන ය දෙස බලා සිටී ( එය පුරුෂ ලිංගයේ ස්ත්‍රි  පිලිබිඹුවකැයි කේ කේ සමන් ලියනු ඇත.අපූර්වයි.) 

පසුබිමෙන් පිරිත් ස්වරයක් ඇසේ. කාන්තාව රතු පැහැ බිත්තරයක් කඩා පෑන් එකට දමයි එය පෙන්වන්නේ සෙවණැල්ලක් පරිදිය ( එය බෞද්ධ භාවයේ සංකේතීය  ගබ්සාවේ පිළිබිඹුවක්  යයි අජිත් ගලප්පත්ති ලියනු ඇත.) එමෙන්ම ඩෙරීඩා ස්ත්‍රි ආත්මයෙන් පුරුෂ කොටසට දෙකට වූවායයි දීප්ති කුමාර ගුණරත්න කැට තියනු ඇත. ඔක්කොම හොඳයි පෑන් එකට බිත්තරේ දාද්දි වමට සෑහෙන බර වුනා. ඔම්ලට් එකෙ දකුණු පැත්ත පුස්.මචං..ධනවාදයෙ අවුල පෙන්නන හැටි බලහං..බිත්තර සාරුවලිං එලියට පැනපු බී ලූනු කෑල්ල කරවෙලා..ඒ සංකේතීය අගය පට්ට... .ඒ විදර්ශන ය.. 

මේක මචං දෘෂ්ටිය අතින් මාර  ප්‍රබලයි. සිම්බලික අර්ථය බලහං..අනෙක උඹ දැක්කද මේ බිත්තරේ කහමද දෙකක් තිබ්බ ..ඒකෙං කියන්නෙ ධනේෂ්වර පක්ෂ දෙක මැද තමයි වම තියෙන්නෙ .වම තමයි සුද මදේ සංකේතාර්ථ මාර පර්ෆෙක්ට් .....ඒ බූපතිය..

දැං ස්ත්‍රිය නිල් කට්රොල් යොදා සැකසූ බත සමග බටු මාලුව බුදියි...( ස්ත්‍රි පුරුෂ සමානාත්මතා වේ පිළිබිඹුවක් අහෝ ! සුරේඛා සමරසේන ලියයි ) 

උයා අවසන් වූ  නිරුවත් ස්ත්‍රිය දොර අසල සිටින බල්ලාට හාදුවක් දී නාන කාමරයට වැද නිරුවතින්ම ස්නානය කරයි.( Closeup) නාන කාමරයේ කොනක පෑන්ටිය සහ බ්‍රෙෂියරය  එල්ලෙයි.( Closeup) (  ස්ක්‍රිය ආත්මය උනා දමා මාක්ස්වාදය ස්නානය කරයි ඒ චූලානන්ද සමරනායක ය) 

 ඉන් පසු ඇය  බාත් ටවල් එකකින් හිස කෙස එකට බැඳ නිරුවතින් ම සාලයට පැමිණ මාකස්ගේ රුව පිංතාරු කල කුෂනයක් මත සුවපහසුවට හිඳගෙන පසෙක ඇති ගිනිපෙට්ටිය දල්වා සුව පහසු ලෙස දුම් උගුරක් උරයි..( සමාජවාදයට පශ්චාත් බාගයදුන් ධනවාදයේ ව්‍යාජ ස්ත්‍රිත්වය යයි ජයසිරි අලවත්ත ලියනු ඇත.)  චිත්‍රපටය ට තෝරාගත් පූසාව කන්න නොදී දවසක් තබා ඌ හඩ නගන කෙදිරිය වෙනම පටිගත කර පසුබිම් සංගීතය ලෙස භාවිත කල හැක.( ස්ත්‍රි වැජයිනාවේ කෙදිරිය සංගීතය පිලිබිඹු කලා යනුවෙන් ගාමිණී වියන්ගොඩ ලියනු ඇත) 

දැං  නලුවා ඈෂ් ට්‍රේ එක  ස්ටූලයක් මත තබා කරකවන සමීප රූපරාමුවක්.ඈෂ් ට්‍රේ එක මතට නග්න ස්ත්‍රියගේ රුව වැටී ඇත.ඔහු එය ඒ මේ අතට හරවමින් බලයි. එතකොටම සමාජවාදී තරුව පැලඳි බල්ලා ස්ටූලයට නැග ඈෂ් ට්‍රේ එක පෙරලා දමයි.අම්මට හු....පං  කැම්රියා....නලුවා බෙරිහං දෙයි....( ධනවාදයේ මස් කට්ට ලෙවකන සුනඛයා සෑම විටම ස්ත්‍රි සෞන්දර්යයට ප්‍රතිවාදී වෙයි...කෙේ කේ සමන් කුමාර නැවත ලියයි )  අවසානයේ ටික ටික අඳුරු වී තිරය සහමුලින්ම අදුරු වෙයි කිසිවක් නොපෙනී යයි.අකුරු පමණක් පෙනේ...

කාන්තාව දැං පිරිමියාගේ ඔඩොක්කුවේ...

දැං දෙන්නා වැළඳගෙන ඉන්නවා

එකපාර අකුරු බොඳවේ.නිමි යයි වැටේ..

අකුරුවලිං  දෙන්නෙක් හැමිණෙනව දැක්කමයි පුදුමෝත්තවල් තමයි මෙව්වා... හැබැයි පොඩි මෙව්ව එකකුත් තියේ...සන්නස්ගල රැවුල අතගාමින් උරහිස් සලමින් දොඩනු ඇත. 

දැං ඔබ සම්භාව්‍ය වැඩිහිටි චිත්‍රපටය ක් නිපදවා තිබේ.එයට සිංහල බෞද්ධ මුහුණුවරක් දීමට අවැසිනම් ඔබ කල යුත්තේ නිරුවත් ස්ත්‍රිය සිගරට් දුම මුදා හරින දර්ශනයට සමපාතව බුදු පිලිමයක් ඉදිරියේ හදුන්කූරක් දැල්වෙන ආකාරය ප්‍රදර්ශනය කිරීමයි.( සිංහල බෞද්ධ දෘෂ්ඨිවාදයට ස්ත්‍රි ලිංග ප්‍රහාරයක් යයි චින්තන ධර්මදාස කියනු ඇත) 

ඉනික්බිති  සමාජවාදී බල්ලා දුටු විකාර සිහිනය වැනි තේමාවක් යටතේ My Cute Baby වැනි ඉංගිරිසි නමක් යොදා  ඔබ කොපි කල චිත්‍රපටය ඒ රටේ තිරගත වන විටම සතියෙං දෙකෙන් පෝලිම පන්නා මණ්ඩලේට බෝල බස්සා මහජන ප්‍රදර්ශනය කිරීමය.ඉන්පසු වසර පාලෝක පර්යේෂණය ක් මැයෙන් මාකටින් පාරක් දුන් විට මා පෙර කිව්  විචාරක ඔස්තාර්ලා ඔබව මෙරට ලෙස්ටර් ජේම්ස් බවට පත් කරනු ඇත  විශේෂයෙන්ම හෙන්රි වර්ණකුලසූරිය ඝණයේ අය කළණ මිතුරන් ව තබා ගැනීම ඉතා වැදගත් ය. මක් නිසාද යත් චිත්‍රපටයේ  කිඹුලා , කොටියා බවට දිවුරා තීන්දු දෙන්නට මිත්‍රත්වයේ නාමයෙං ඔහු බැඳී සිටී. නමුත් අධයක්ෂ මිත්‍රයකු නොවන්නේ නම්,   "ඒක බලන්න වියදම් කරපු 1500යි කාරෙකට ගහුව රුපියල් 3000 යි අපරාදෙ ගල් ඔයෙන් වතුර බෝතලයක් අගේට බොන්න තිබුණා " යයි Henry Warnakulasuriya  ලියනු ඇත.එබැවින් විචාරකයින් ⁣ෂේප් කර . ජූරි සභිකයන්ටද කාල බාගෙ සහ ප්‍රධාන නිලියගේ ආලය ද පරිත්‍යාග කළ විට වසරේ හොදම නලුවා නිලිය පමණක් නොව වසරේ හොඳම බල්ලා සම්මානයද ඔබට හිමිවනු ඇත..ඉතින් මන්ද පමා,

දැන්ම පටන් ගන්න 😊

- උපේක්ෂා නුවන්ශ්‍රීනි
(උපුටා ගැනීම - අන්තර්ජාලයෙන්)


සම්බන්ධිත පුවත් | Related News

සාම්ප්‍රදායිකව හෘද රෝග විශේෂඥයන් බටහිර බෙහෙත් වට්ටෝරු නියම කළද ආහාර රටාව වෙනස් කිරීම මගින් රෝගී තත්ත්වයන් අවම කිරීමට හැකි බව පෙන්වා දෙන හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා එලෙස කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන වීඩියෝවක් පහතින් දැක්වේ.
අතීත හෙළයන් යනු භූමියට පමණක් නොව, මහා සාගරයටත් එකසේ බලය පැතුරූ, ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ අතිශය දියුණු ජාතියක්! අපේ ඉතිහාස පොත්වල මේ ගැන සවිස්තරාත්මකව නොතිබුණත්, ලෝකයේ පැරණි ඓතිහාසික වාර්තා, විශේෂයෙන්ම චීන සහ ග්‍රීක ජාතිකයන්ගේ ලියවිලි පරීක්ෂා කිරීමේදී අපට අපේ මුතුන්මිත්තන්ගේ නාවික තාක්ෂණය ගැන අදහාගත නොහැකි තරම් අභිමානවත් තොරතුරු රැසක් අනාවරණය වනවා.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
පසුගිය මැයි 28 වැනිදා කොළඹදී පැවැත්වුණු ශ්‍රී ලංකා වුෂු සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බව වාර්තා වේ. වසර 32ක කාලයක් තිස්සේ වුෂු ක්‍රීඩාවේ පරිපාලනය හසුරුවන නිලධාරී පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද මූල්‍ය හා අයවැය වාර්තාවල පවතින බරපතල අක්‍රමිකතා හේතුවෙන් සභාව තුළ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා දෙන්නෙක් ඉන්නවා.
තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝකයම කතා වෙන ජපානයෙන් ඇහෙන කතාව මේකට හොඳම උදාහරණයක්.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.