News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල ප්‍රමිතිය බලන්නේ මුදලාලිලා ද? ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද?

May 19, 2024 at 08:09 PM
|

ආන්දෝලනයකට  තුඩු දී ඇති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා දැන්වීම් පළකිරීමෙන් පසු දහසකට ආසන්න අයදුම්පත් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා පවසා තිබේ. 

ශ්‍රීමත්  ජෝන් කොතලාවල මැතිදුන් ජීවත්ව සිටියේ නම් ඒ පුවත අසා නැවත වරක්  මියදෙනු ඇත. 

එතුමා තම වත්කම් සියල්ල පවරා අවසන් කැමැත්තෙන් ලියා* දැන්වූයේ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය  ඉහළ ගණයේ නිලධාරීන් බිහිකිරීම මිස මුදලට වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට නොවන බැවිනි. 

කෙසේ වෙතත් වර්තමානය විසින් ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිදුන්ගේ අවසන් කැමැත්ත ද විනාශ කොට එතුමාගේ නාමයට ද අවමන් කර ඇති බව අද වන විට රටට වැටහී ඇත. 

මීට පෙර වසා දැමුණු සයිටම් ආයතනයත් තමන්ගේ වැරදි වසා ගැනීම සඳහා ලංකාවේ ඉහලම සුදුසුකම් සහිත ළමයින් තමන් ළඟ සිටින බව පැවසූවත් අන්තිමේද එක දෙක තුන කණ්ඩායම් හැර ඉතුරු කණ්ඩායම් වල උසස් පෙළ අසමත් ළමුන් තිස් දෙනකුට වැඩි ප්‍රමාණයක් සිටි බව කීවේ අප නොව රජයේ පුවත්පතක් වන දිනමිනයි  1/2/3 කණ්ඩායම්වල සිටි උසස් පෙළ අසමත් ළමුන් ගණන කවුරුත් දන්නේ නැත. 

අපට වාර්තා වන ආකාරයට 1.8995 සිට 1.0022 දක්වා කොටසක්ද   0. 9985 සිට සෘන - 0.423  දක්වා ඉසඩ් අගයන් සහිත සිසුන් කොතලාවල  වෙත ඉල්ලුම් පත්‍ර යොමු කර ඇත. 

ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් 419 ක ප්‍රමාණයක් උසස් පෙළ ඉසෙඩ්කෝ අගය 0 හා රින අගයට පහලින් ඇති සිසුන් වන බවද වාර්තා වේ. 

එසේම අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගත් සිසුන්ද යම් ප්‍රමාණයක් අයදුම්පත් ඉදිරිපත් කර ඇත.

ඉහත කරුණු අනුව මෙමගින් අපගේ රටට බලපාන ගැටලු කිහිපයක් තවමත් නිරාවරණය නොවී පවතී. 

එසේම එමගින් ලෝක වෛද්‍ය සභාව විසින් පිළිගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිර්ණායක උල්ලංඝනය  වෙමින් පවතී. 

වසර තුන හතරක අධ්‍යාපන කාලරාමුවක් වෙනසක් ඇති ජාත්‍යන්තර පාසල්වල සිසුන් සහ ජාතික පාසල් වල සිසුන් තෝරා ගැනීමේ පදනම ද දක්වා නැත  එමගින් පැහැදිලිව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වේ. 

ඉසඩ් කෝ අගය බින්දුව සහ රින අගය සහිත සිසුන් තෝරා ගන්නේ ද නැද්ද අවසන් තීරණය ගන්නේ කොතලාවල වෛද්‍ය පීඨය විසිනි ඔවුන්ට එවැනි තීරණයක් ගත හැකිද යන්න දැඩි ප්‍රශ්නයකි. 

එසේම මුදල් නැති මීට වඩා සුදුසුකම් ඇති සිසුන් ගේ මානව හිමිකම් මේ අනුව උල්ලංඝනය වන බවද පැහැදිලිව පෙනී යන්නකි. 

 එසේම අපේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් පමණක් ද යන්න ද මෙමගින් ගැටළුවක් පණ නැගී. 

වසරකට රජයේ වෛද්‍ය පීඨ වෙත තේරී පත්වන සිසුන් 2200  න් අනතුරුව ඉතුරු වන සිසුන් පිළිවෙලින් දන්ත වෛද්‍ය පීඨය පශු වෛද්‍ය පීඨය කෘෂි පීඨය ජීව විද්‍යා පීඨ වෙත මීට පෙර ඉල්ලුම් කළත් වත්මන් තත්ත්වය අනුව එසේ ඉල්ලුම් නොකර  සිටීමෙන් අදාල ආයතනවලට  සිසුන් බඳවා ගැනීමද ගැටලුවක් වනු ඇත. 

සමාන්‍යයන්ට අසමාන ලෙස සලකන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්තිය ද උල්ලංඝනය වනු ඇත 

එසේම  ලෝකයේ පළමු වතාවට රජයේ සිවිල් ආයතනයක් නොව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින හමුදාවෙන් පාලනය කරන ආයතනයක් වන  කොතලාවල වෛද්‍ය පීඨය වෛද්‍ය අධ්‍යාපනය විකුණන තැනක් වනු ඇත. 

එය ජාත්‍යන්තර නීති රීති හා ගැලපෙන්නේද නැත. 

ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් වෛද්‍ය විද්‍යාව සඳහා රටේ ඉහළම සුදුසුකම් ලබන සිසුන් තෝරා ගනිද්දී ඔවුන් හරහා තම රටේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ලෝකයේ ඉහළටම ඔසවාගෙන එම රටවල් කටයුතු කරද්දී

අපේ රටේ පාලකයන්ට හා ඇතැම් අයට අධ්‍යාපනයේ නිදහස යනුවෙන් ඉල්ලනුයේ මුදල් නිසා අවම සුදුසුකම් ලබන සිසුන් වෛද්‍යවරුන් කර  රටේ සෞඛ්‍ය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්දැයි මේ අනුව බරපතළ සැකයක් පැන නැගී ඇත. 

අධ්‍යාපනයේ නිදහස යනුවෙන් හැඳින්වෙන්නේ මුදල් මත තමන්ගේ දරුවන් වෛද්‍යවරුන් කිරීමේ උවමනාව සහ එමගින් රටේ සෞඛ්‍ය විනාශ කිරීමද යන්න බරපතළ ගැටලුවකි. 

කොතලාවල විශ්ව විද්‍යාලය මේ තත්ත්වයට ඒමට පාදක වී ඇත්තේ මීට පෙර ඔවුන් විසින් විදේශ සිසුන් පනහකට ආසන්න ප්‍රමාණයක් වාර්ෂිකව බඳවා ගත්තත් මෙවර එය 15 දෙනෙකුට පමණක් සීමා වී ඇති බව වාර්තා වේ. 

ප්‍රමිතිය ආරක්ෂා කළේ නම් පනහ වෙනුවට සීයක් හෝ ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. 

එම ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට නොහැකිවු  කොතලාවල විශ්ව විද්‍යාලය විසින් රජයේ වෛද්‍ය පීඨ විසින් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභා විසින් ආරක්ෂා කළ සෞඛ්‍ය දර්ශක විනාශ කිරීමේ කටයුත්තකටද නියැලී ඇත.

 රජය විසින් කළ යුතුව තිබුණේ  රටේ මහජන මුදල් රුපියල් බිලියන 35 ක් කොතලාවලට ලබාදී වෛද්‍ය අධ්‍යාපනය විනාශ කිරීම නොව  එම බිලියන 35න් කොටසක් දැනට අර්බුදවලට ලක් ව ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ වන මොරටුව සබරගමුව වයඹ සහ පහසුකම් අඩු වෛද්‍ය පීඨ වෙත ලබා දී එහි තත්ත්වය උසස් කොට ලෝකයේ ඉහළ ප්‍රමිතිය සහිත වෛද්‍ය පීඨයන් බවට පත්කොට එයට විදේශ සිසුන් ආකර්ෂණය කර ගැනීමයි. 

එමගින් රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමයි. 

එහෙත් ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් තිබෙන එකම රට වන ඉන්දියාව ලෝකයේ විශාලම  වෛද්‍ය සිසුන් ප්‍රමාණයක්  පිටරට ඉගෙනීමට යන රට බවට පත්ව ඇති අතර , ලෝක සෞඛ්‍ය දර්ශකවල 112 වැනි ස්ථානය ලබාගෙන ඇත. 

ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය තිබුණේ නම් ඉන්දියානු සිසුන් පිටරට යන්නේ නැත. 

ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති එහෙත් සෞඛ්‍ය අතින් ඉතා දියුණු තත්ත්වයක එනම් සෞඛ්‍ය දර්ශකවල අංක එකේ සිටින සිංගප්පූරුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැත. 

ඔවුන් තමන්ට ඇවැසි උගත් වෛද්‍යවරුන් ලෝකයේ පිළිගත් වෛද්‍ය පීඨ වෙතින් තම රට වෙත ආකර්ෂණය කරගෙන ඇත. 

එසේ නොකොට ඔවුන්ටත් ඕන තරම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාගත හැකි රටකි සිංගප්පූරුව , එහෙත් සෞඛ්‍ය ප්‍රමිතිය ආරක්ෂා කර ගත යුතු බැවින් ඔවුන් එසේ කළේ නැත. 

එහෙත් ශ්‍රී ලංකාව මෙතෙක් කල් තමන් ආරක්ෂා කරගෙන ආ ආරක්ෂණ ප්‍රතිපත්තිය විනාශ කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය මැදිහත් වී ඇත. 

දැනටමත් රජයේ වෛද්‍ය පීඨ වලට උග්‍ර ආචාර්යවරු  හිඟයක් තිබියදී  එය විසඳීම වෙනුවට  මුදල් නිසා අර්බුදය දිග්ගැස්සීම රටේ පොදු මහජනතාවට එරෙහිව  කරනු ලබන කුමන්ත්‍රණයක් නොවේද?. 

රටේ සෞඛ්‍ය දර්ශක ආරක්ෂා කිරීමට රට රැකීමට පෙරට ආ යුතු ආරක්ෂක අංශ විසින්ම*එය විනාශ කිරීමට කටයුතු *සිදුවන්නේ නම් එය බරපතළ අභාග්‍ය සම්පන්න තත්වයක් බව අමුතුවෙන් පැවසිය යුතු නැත. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය දුර්මුඛ කර විනාශ කිරීමට මෙතෙක් රට විනාශ කළ තක්කඩි දේශපාලඥයන් සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක් වී ඇත. 

එසේම ගිරව් වගේ දොඩවන ඇතැම් මාධ්‍යවේදීන්ද සිංගප්පූරුව සහ  ඉන්දියාව අධ්‍යයනය කර අදාළ මාධ්‍ය සාකච්ඡා වලට පැමිණ පිළිතුරු දිය යුතුව ඇත.

- මහජන යුතුකම් කේන්ද්‍රය




සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.