
තරුෂිකාට සිදු කළ දෙයට නොදෙවෙනි සිදුවීමක් මහනුවර අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ
ජාතික පාසල් වුෂු තරගාවලිය සැප්තැම්බර් මස 23, 24, 25 යන දිනවලදී මහනුවර දිගන දි පැවත්වීමට කටයුතු කර තිබූ අතර, ප්‍රධාන ආරාධිතයා වන මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂක නොපැමිනීම නිසා වුෂු අතුරු කමිටුවේ සභාපති අතපත්තු මහතා විසින් එය ආරම්භ කර ඇත.
දිවයිනේ ජාතික පාසල් 50 කට ආසන්න ළමුන් දහසකට වැඩිය සංඛ්‍යාවක් සහභාගී වූ එම තරගාවලියේදී ළමුන්ට නවාතැන් පහසුකම් සදහා ලබා දුන්නේ තවත් අඩු පහසුකම් ඇති පාසලක් විය.
දින 03 ක් නිදාගන්න දුන්නේ පාසැලේ ඩෙස් බංකු මත වන අතර, කැසිකිළි පහසුකම් සඳහා පෝලිමේ පැය ගාණක් බලා සිටිමට සිදුවිය.
ආරක්ෂාවක් නොමැති නිසා බඩු පරිස්සම් කර ගන්න දරුවන් නිදි වර්ජිතව සිටිමට සිදුවිය. ගැහැණු දරුවෝ අන්ත අසරණ විය.
ප්‍රමාදවී ආරම්භ කිරීම නිසා නියමිත වේලාවට අවසන් කිරිමට නොහැකි වු හෙයින ළමුන් බහුතරයක් උදේ සිට බලාගෙන සිට තරග නොමැතිව කළකිරිමෙන් ආපසු ගිය අවස්ථාවන් ද වාර්තා විය.
2023.09. 24 දින එක දවසේ ඉසව් දෙකක් කිරිමට සිදුවීම නිසා ළමුන් ගේ වෙහෙස නිසා නියම දක්ෂතාවයට පැමිණිමට අපොහොසත් වි මානසික කලකිරුණු අවස්ථා බොහෝ විය.
දරුවන් කිහිපදෙනක් හදිසි අනතුරු වලට භාජනය විය. කිසිම ප්‍රතිකාරයක් කිරිමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් නොමැති වූ අතර රෝගී වූ දරුවන් ගිලන්රථ සේවයක් පවත්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා පාරේ යන ත්‍රිවිල් වලට දමාගෙන රෝහල් වලට ගෙන යෑමට සිදුවිය.
බොහෝමයක් ළමුන් පැමිණ තිබුණේ පාසල් ගුරුවරු සමගය.
පාසල් වල වුෂු උගන්වන අය විනිසුරු මංඩලයේ සිටි බැවින් තීරණ ලබා දීමේදි පක්ෂග්‍රාහීත්වය නිසා පැමිණිලි කිරිමට තිබුණද ජුරියට අදාළ මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් දි තිබුණ නියෝග වන්නේ "වීඩීයෝ බාර ගන්න එපා " යන්න නිසා අසාධාරණ සිදුවීය.
නමුත් අදාළ සිදුවීම් වාර්තා කිරීමට කැමරා ස්ථානගත කර තිබුණේ ද නැත.
වූෂු අතුරු කමිටුවේ සභාපති අතපත්තු මහතා විසින් විනිසුරු මංඩලයට බලපෑම් කළේ "මාතර පාසල් වලට " වැඩියෙන් ලකුණු ලබා දෙන ලෙසත්, කොළඹ ළමයින්ට ශූරතා නොදි වෙනත් ප්‍රදේශවල ළමුන්ට ඒවා බෙදි යන ආකාරයට කටයුතු කරන ලෙසය.
අකාර්යක්ෂම තාවය නිසා ලෝකයේ ප්‍රථම වරට එකම මෙට්ට්‍රස් එකේ ළමුන් දෙන්නෙක් තමන් ගේ තරඟ එකට කිරිමට සිදු කර වාර්තාවක් තැබිය.
පදක්කම් හා සහතික පත්‍ර ගෙනවිත් තිබුණ අතර එක ශුරතා කුසලානයක් පමණක් ගෙන විත් හැම ළමයෙක්ටම මාරු කරමින් ප්‍රධානය කර ළමයි ගේ මානසික මට්ටම පහලටම ඇද දැම්මේ ය.
2023.09.25 වන දින රාත්‍රි 10.30-1100 වනතුරු තරග පවත්වා යන්තම් අවසන් කර ගත්තේ ය. ළමුන් බොහෝම වෙහෙස මහන්සි වි නිදි මතේ සිටින විට ආරම්භක උත්සවයට වත් නොපැමිණී මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඔහුගේ පුරා ජේරුව හා කතාන්දර කියමින් ළමුන් තවත් වෙහෙස කළේ ය. උපාධියක් තිබුණත් සාමාන්‍ය දැණුමක් නැති, මෝඩ පහේ මහත්තයෙක් විය.
අසියානු ක්‍රිඩා උළෙලේදී රන් පදක්කමක් ගත් ක්‍රීඩිකාව රුපියල් 30 ක් නැතුව ක්‍රිඩාංගනයෙන් එළියට දැමු මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සිටි රටක ඉහත සදහන් කළ මං පොර මානසිකත්වයෙන් සිටී පෙර අධ්‍යක්ෂකවරුන් අනුගමනය කළ ක්‍රියාකලාපය නිසා මේ පුද්ගලයන්ගේ මානසික තත්වය මුලින්ම පරික්ෂා කර පසුව ක්‍රීඩා කටයුතු පිළිබඳ වගකීම් පැවරිය යුතුය.
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
