නලියාට නෙලන්නට ප්ලෑන් ගැසූ අතීතයේ සිට වර්තමානය දක්වා නලින් සර් ගැන මගේ මතකය - ඉසුරු ප්‍රසංග

මහාචාර්ය නලින් ද සිල්වා වහා සේවයේ පිහිටවනු!
👉මේ වැකිය සඳහන් පෝස්ටරය මා දුටුවේ මා ඉතා ළාබාල කාලයේ කොළඹ සරසවිය ඉදිරියෙන් බස් රථයක ගමන් කළ මොහොතකය. නලින් සර් ගැන මගේ පළමු මතකය වන්නේ එයය.
👉 මේ කියන මහාචාර්යවරයා නිකම්ම නිකම් මහාචාර්යවරයෙකු නොව වෙනස් විදිහට හිතන පුද්ගලයෙකු බව මා දැනගත්තේ පාසල් කාලයේ අහම්බෙන් කියැවූ පුවත්පත් ලිපි නිසාය.
👉 උසස් පෙළ හදාරන කාලයේදී මේ අමුතු පුද්ගලයා මුල් වරට සජීවීව දැකගන්නට මට අවස්ථාව ලැබිණි. ඒ මිනුවන්ගොඩ පැවති එතුමාගේ දේශනයකදීය.
👉 එහෙත් දේශනයේදී එතුමා කියූ අදහස් මට වහ කඳුරු ලෙස දැනුණේ මා ඒ වන විට වාමාංශික දේශපාලනයේ භක්තිමත් අනුගාමිකයෙක් වී සිටීම නිසාය.
👉 දේශනය අසා ගෙදර පැමිණි මම වහාම නලින් ද සිල්වාට පුල්ස්කැප් කොළ 13ක ලිපියක් ලීවේ ඔහුගේ අදහස් කෙතරම් මුග්ධ ඒවාදැයි පෙන්වාදීම සඳහාය.
👉 ලිපියට නලින්ගෙන් පිළිතුරක් නොලැබුණත් චින්තන පර්ෂදයේ කපිල පීරිස් මට ලිපියක් එවමින් මහාචාර්යතුමා හමුවීමට ඔවුන්ගේ වැඩසටහනකට එන ලෙස ඇරයුම් කර තිබිණි.
👉 මට එයට සහභාගී වන්නට බැරි වුවද නලින් ද සිල්වා එදා සිටම හොල්මන්ක් සේ මා බියපත් කරමින් මා පසුපස හඹා ආවේය.
👉 ඔහුගේ අදහස් මගේ ලෝකය කළඹවා මා තුළ විශාල සිත් වේදනාවක් ජනිත කර තිබිණි. පාසල් කාලය මෙන්ම සරසවි ජීවිතය පුරාවටද ඒ වේදනාවෙන් පැසව පැසවා ඉන්නට මට සිදුවිය.
👉 ඔහු දෙමළ ජාතිවාදය ගැන දැරූ අදහස් සම්බන්ධව මට විරෝධයක් නොතිබුණද විද්‍යාව, දැනුම හා විශේෂයෙන් මාක්ස්වාදය ගැන ඔහු ලියූ කියූ දෑ මට නයාට අඳුකොළ බඳු විය.
👉 2006 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය නලින්ගේ නම නොකියා නලින්ට නෙලීම සඳහා “ක්වොන්ටම් ලෝකයේ දයලෙක්තිය” නමින් පොතක් ප්‍රකාශයට පත් කළේය.
👉 එහි වැඩ කටයුතු සඳහා මා ඉමහත් උනන්දුවෙන් දායකත්වය ලබාදුන්නේ ඒ දවස්වල අප නිතර කියූ ආකාරයට “නලියාට නෙලීම” මගේ ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනාව වී තිබූ බැවිනි.
👉 “නලියාට නෙලමු” යැයි කුමන වහසි දෙඩුවද ඔහු කියූ ඇතැම් අදහස්වල ප්‍රබලතාව ගැන මේ කාලය වන විටත් මා තුළ රහසිගත පැහැදීමක් ඇති වී තිබිණි.
👉 ඒ ඔස්සේ කළ කියැවීම් හැදෑරීම්වල අවසානය වූයේ තව වසර හතරක්, පහක් ඇතුළත මා බුදුන්ට අභිමුඛ වූ ආලවකයාගේ තත්ත්වයට පත්වීමය.
👉 මා කිසිදා නලින් සර්ගේ පරම අනුගාමිකයෙකු නොවූ අතර, එතුමන්ගේ සමහර අදහස් හා ක්‍රියාකාරකම් ගැන මට අදටත් බොහෝ විවේචන තිබේ.
👉 එහෙත් මාක්ස්වාදය, හේතුවාදය, රැඩිකල් නිරාගමික කල්ලි, ගංජා සාහිත්‍ය සංවාද ආදී සියල්ලේ නොමඳ පහස ලබමින් ජාතික මතවාදය කරා සේන්දු වූ මගේ අදහස් වෙනස් කළ තීරණාත්මක චරිත කිහිපය අතර, නලින් සර්ට හිමිවන්නේ වැදගත් ස්ථානයක් බව නොකියාම බැරිය.
👉 දැනුම ගැන, සංස්කෘතිය ගැන, විද්‍යාව ගැන වෙනස් ආකාරයට හිතන්නට ඔහු අපට වෙනස් මාවතක් පාදා දුන්නේය.
👉 විකල්ප මහත්වරුන්ගේ ඊනියා දැනුමේ සෙල්ලම් පිස්තෝලවලට බිය නොවී සිටින්නට අපට ශක්තිය ලැබුණේ එතුමා නිසාය.
👉 එය මට පමණක් නොව තව බොහෝ දෙනෙකුට සිදුවූ බලපෑමකි.
👉 ජාතිකත්වයට නැඹුරු අදහස් දරන මා දන්නා අතිබහුතරයක් දෙනා මට කියූ කතාවක් තිබේ. ඒ තමන්ට ඒ සඳහා මූලික පදනම වැටුණේ නලින් ද සිල්වාගේ ලිපිවලින් බවය.
👉 අද වන විට මම එතුමාගේ පොත් සියල්ලම පාහේ කියවා ඇත්තෙමි.
👉 පුවත්පත් සදහා එතුමාගේ සම්මුඛ සාකච්ඡා ලබාගෙන ඇත්තෙමි.
👉 ලිපිවලින් පමණක් නොව තම විරුද්ධවාදීන්ගේ මුහුණටම පඬියා, පුස්සා, නිවටයා යැයි කියමින් එතුමා බැණ වදින දර්ශන සජීවීව අත් විඳ ඇත්තෙමි.
👉 දේශන, සංවාද ආදි විවිධ වැඩසටහන්වල සිදුවූ හමුවීම්වලට අමතරව, එතුමාගේ මහරගම නිවසේදී සහ කැලණිය සරසවියේදී කීප වතාවක්ම එතුමා හමුවී දිගු සංවාදවල නිරත වී ඇත්තෙමි.
👉 එහෙත් ඒ කිසිම අවස්ථාවක එතුමා සමඟ එකට හිඳ ඡායාරූපයක් ලබාගැනීමට උනන්දු නොවීම ගැන අද මට වෙනදා නොතිබූ කනගාටුවක් දැනේ.
👉 එවැනි ඡායාරූපයක් ලබාගෙන තිබුණේ නම් මා අද මේ සටහනට එක් කරන්නේ ඒ ඡායාරූපයයි.
👉 එය නැවත කිසිදා ලබාගත නොහැකි ඡායාරූපයකි.
👉 එහෙත් නලින් සර්ගේ අදහස් සජීවී පරාග සේ සිය දහසක් දෙනාගේ සිත් තුළ පැළවෙමින් අනාගත පරම්පරා කරාද සම්ප්‍රෙෂණය වන බව මම හොඳාකාරවම දනිමි.
👉 එදා ඔහුට නෙලන්නට සිහින දුටු මම අද මහත් ගෞරවයෙන් ඔහුට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්