News Category
From Date
To Date
Maximum Number of Result

ස්තුතියි අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීතුමා... එදා බුද්ධි අංශ දඩයම සහ ආරක්ෂාව බිඳ වැටීම..

Apr 26, 2024 at 06:39 PM
|

අප එදා සිට කියන දේ අද ඔබ පාර්ලිමේන්තුවේදී පැවසුවා...

කාලයක් ඔබත් සමග සිටි  රජයක සිදුවූ අතපසුවීම් පිළිබඳව ඔබ ඉතාමත් හොඳ කරුණු පැහැදිලි කිරීමක් කරා...

සැබවින්ම එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් එය....

පාස්කු ප්‍රහාරය වන විට මේ රටේ බුද්ධිසේවා වැටී තිබුණු මට්ටම සහ එයට හේතුව ඔහු නිවැරදිව පැහැදිලි කරා...

විශේෂයෙන්ම අපි බොහෝ දෙනාට මතක ඇති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය  පැවති යුගයේ අවසාන වසර වන තෙක් රට පුරා දරුණු බෝම්බ පිපිරවීම් සිදුවුණ බව....

නමුත් අවසාන කාලය වන විට එම බෝම්බ පිපිරවීම් බොහෝදුරට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා...

කොළඹ දුම්රිය පොලේ ඩී.එස්.සේනානායක සිසුන් පිරිසක් මියගිය බෝම්බය සහ සීනිගම බස් රථයක තිබූ බෝම්බය හැර යුද්ධයේ අවසාන කාලයේ සිය කුරිරූ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කිරීමට එල්.ටී.ටි. ඊ.යට දකුණේදී බොහෝ විට නොහැකි වුණා...

නොඑසේ නම් යුද්ධයේ තීරණාත්මක කාලය වන විට,

 කිලිනොච්චිය පසුකර ඉදිරියට යන විට ,

අගනුවර සහ දකුණේ අනිත් ස්ථානවල දරුණු අන්දමේ බෝම්බ පිපිරවීමේ ප්‍රහාර සිදු වූවානම් යුද්ධය ඉදිරියට යාම ප්‍රශ්නයක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණා...

බෝම්බ පිපිරිවීම වැළැක්වීම සඳහා වූ ඒ සමත්කම  පිටිපස ගෞරවයෙන් වැඩි කොටස හිමි විය යුත්තේ යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ වලටයි..

එල්.ටී.ටී.ඊ. මතවාදයට කැමති ,

 හිත යටින් ඔවුන් අගය කරන.

ඔවුනට ආශිර්වාද කරන දස දහස් ගණනක පිරිසක් අගනුවර සහ අවට ප්‍රදේශවල සිටියදීත්, 2008, 2009 වසර  වන විට බෝම්බ පිපිරවීම් බොහෝ දුරට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව තිබුණා...

යුද්ධයේ අවසාන කාලයේ අගනුවරදි පිපිරවීමට සූදානම් කර තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසකට වැඩි ප්‍රමාණයක් බදේ සවි කර තිබූ ශීත ලොරියක්   freezer truck ත්‍රිකුණාමනයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි නිලධාරීන් සමත් වුණා...

අවසාන කාලය වන විට මරාගෙන මැරෙන   ප්‍රහාරකයන්ට කොළඹ නවාතැන් ගැනීමට තැනක් නැති මට්ටමට පත් කිරීමට හැකිවූයේ බුද්ධි අංශ ඉතා සූක්ෂම මෙහෙයුම් නිසයි...

එවැනි මිනිමරු ත්‍රස්තයන්ට නවාතැන් දීමට පෙර, එම ප්‍රහාරවලට සම්බන්ධ වීමට පැමිණ සිටින අය, 

නිවෙස් හිමියන්ගේ කෙතරම් හිතවත්තුන් වූවත්,

ප්‍රහාරයට සූදානම් වන තෙක් ඔවුන් නවත්වා ගැනීම සඳහා කෙතරම් බලපෑම් ඔවුන්ට පැමිණියත්,

ඔවුනට නවාතැන් දීමට පෙර වරක් දෙවරක් තුන්වරක් නොව දස වරක් හිතන්නට පදනම බුද්ධි අංශ වලින් දමා  තිබෙන්නට ඇති...

විශේෂයෙන්ම බුද්ධි අංශයකට රටේ පවතින නීතියට අනුවම,

සියයට සීයක් එකඟව, 

 සිය මෙහෙයුම් කළ නොහැකි බව මොළය කළඳක් තිබෙන ඕනෑම මිනිහෙකුට තේරුම් ගන්නට වෙනවා...

මන්ද එම නීති රීති අනුගමනය කරමින් මරාගෙන මැරෙන කොටියන් , මිනිස් බෝම්බ හොයාගැනීමට බැහැ...

එම ක්‍රියාදාමයන් අනුගමනය කරන විට බොහෝ විට එම තොරතුරු අදාළ ත්‍රස්තයන් අතට යාම වැළැක්වීමට බැහැ...

නීතියක් නොමැති ම්ලේචර් ත්‍රස්තයන් මර්ධනය කිරීමේදී සම්මත රටාවෙන් පිට තොරතුරු සෙවීමට සිදුවීම සහ යම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අනිවාර්යෙන්ම සිදුවෙනවා...

දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත ආරක්ෂා කරනවාද එසේ නොමැති නම් ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේදී රටේ පවතින සියලු නීති රීතිවලට අණුව ක්‍රියා කරනවාද යන්න දෙකෙන් එකක් තෝරාගත යුතුයි..

සරල වශයෙන් කිව්වොත් වෙනත් අයෙකුගේ දුරකථන සංවාදයකට සවන් දීමද නීති විරෝධී දෙයක්...

අනික බුද්ධි නිලධාරී න් කටයුතු කරන්නේ ජීවිතය පරදුවට තබමින් බොහෝ විටත් ත්‍රස්ත ප්‍රදේශවලට රිංගා යමින්...

සමහර විට ඔවුනටත් ප්‍රස්තාවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නට සිදුවෙනවා...

ත්‍රස්තයන් නිලධාරීන් සමග සම්බන්ධ වන්නේ ඔවුන් බුද්ධි නිලධාරීන් බව දැනගෙන නෙවෙයි..

එසේත් නම් නැත්නම් සිය පෞද්ගලික ඔත්තු කරුවන් ත්‍රස්තයන් හා සම්බන්ධ කරවීමට සිදුවෙනවා...

පසුකාලීනව රහස් පොලිස් නිලධාරීන් විසින් සන්නද්ධ බුද්ධි නිලධාරීන් තොරතුරු ලබාගැනීමට ත්‍රස්තයන් හා සම්බන්ධ වීමද වරදක් ලෙස තීරණය කර තිබූ බව සඳහන්..

යුද්ධ සමයේ යුධ හමුදා නාවික හමුදා  බුද්ධි නිලධාරීන් ,

යුද්ධයෙන් පසුව,

විශේෂයෙන්ම 2015 පසුව ,

ෂර්ලොක් හෝම්ස්ලා ලෙස රහස් පොලිසිය තුළ රංගනයන් කළ ,

සමහර නිලධාරින් විශ්වාස කරන ආකාරයට,

ඔවුන් කියන ආකාරයට,

 සිය බුද්ධි මෙහෙයුම් කරගෙන ගියා නම්,

 කොළඹක් ඉදිරි වන්නේත් නැත. 

යුද්ධ කරන්නට රටක් ඉතිරි වන්නේත් නැත. 

එසේ නම් ප්‍රභාකරනවා උතුර විතරක් නෙවෙයි දකුණත් අල්ලගෙන අවසන්ය...

සමහර විට එකල රහස් පොලිසියේ සිටි ෂර්ලොක් හෝම්ස්ලා යයි හිතා සිටි සමාන නිලධාරීන්ට ඒවා අවබෝධ කරගැනීමට තරම් ඥානයක් නොතිබුණා විය හැකියි..

නොයන සේනම් සිය පුද්ගලික වාසි උසස්වීම් හෝ වෙනත් වරදාන සඳහා  යම් දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ඔවුන් වැඩ කළා විය හැකියි

අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා පවසන ආකාරයටම යුද්ධය අවසන් කිරීමේ කාලය එළඹෙන විට මෙරට යුද හමුදා නාවික හමුදා බුද්ධි අංශ ලෝකයේ ප්‍රබලම ඔත්තු සේවාවන් හා කරට කර සිටින තත්ත්වයක හිටියා ...

මොසාඩ්,රෝ,සී.අයි.ඒ. එම්.අයි. 05 , කේ.ජි.බී.වැනි ඕනෑම ඔත්තු සේවාවකට නොදෙවෙනි තත්ත්වයකින් අපේ නිලධාරීන් කළේ සූක්ෂම වීර වික්‍රමාන්විත බුද්ධිමෙහෙයුම් නිසා ගැලවුණ ජීවිත සංඛ්‍යාව සමහර විට ලක්ෂ ගණනක් විය හැකියි...

පිපුරුණු බෝම්බ සංඛ්‍යාවට වඩා පිපිරෙන්නට නොදී වැළැක්වූ බෝම්බ සංඛ්‍යාව කිහිප ගුණයකට වඩා වැඩි බව නොදන්නවා ඇති...

සමහර විට පුපුරවන්නට ආපු එකාට සිදු වූ දේ පුපුරවන්නට එවපු එවුනුත් නොදන්නවා ඇති..

රහස් පොලීසිය බොහෝවිට කරන්නේ බෝම්බයක් පිපුරුණු පසු බෝම්බය පිපුරවූ අපරාධකරුවන් සොයා ගැනීමට ප්‍රයත්න දැරීමයි..

පසුකාලයක විශිෂ්ට මෙහෙයුම්වල යෙදුණු යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් ස් පොලිසියේ කුප්‍රකට නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරන අවස්ථාවලදීද මෙම බුද්ධ නිලධාරීන්ට තිබුණු එක චෝදනාවක් වූයේ සම්මත ක්‍රියාදාමයන්ගෙන් පිට ඔවුන් කරනු ලැබූ මෙහෙයුම් පිළිබඳවයි..

වනාතවිල්ලුවේදී පුපුරු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අසූවූ පසු,

 එයට වගකිය යුතු සහරාන් බව තොරතුරු ලැබුණට පසු ,

ඔහු සොයා ඔහුගේ නිවසට රහස් පොලිස් නිලධාරීන් එන විට සහරාන් නිවසේ සිට නැහැ..

නිලධාරීන් ආපසු හැරී ගොස්  දින කිහිපයකට  පසු කිහිපයකට නැවත නිවසට පැමිණි සහරාන් නිවසට පැමිණි සහරාන් බිරිඳ ද කැටුව ගොස්  ඇති බව පැවසෙනවා..

කසිප්පු බිස්නස් කාරයෙක් අල්ලා ගැනීමට වුවද පොලිසිය ඊට වඩා දැලක් ඉල්ලන නමුත්,

 අද සමහර දේශපාලන පක්ෂ වලට එක්වී,

 පාස්කු ප්‍රහාරය වැළැක්වූර්යේ නැතැයි වෙනත් අයට චෝදනා කරන,

  රහස් පොලීසියේ එදා සිටි,

නළු දේශපාලනඥයන්ගේ ගෙදර වලං පිඟන් වත් සීඩීමට කැමතියි ඇයි කියූ සමහර උසස් යැයි කියන පොලිස් නිලධාරීන් එදා කටයුතු කළේ ඒ ආකාරයටයි...

සමහරු හිතන් ඉන්නේ ඔහු ෂර්ලොක් හෝම්ස් කෙනෙක් හැටියට වුවත් ඔහුට ගැටළුව තිබී තිබෙන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරකයන් සමඟද එසේ නොගැති නම් යුද හා නාවික හමුදාව බුද්ධි නිලධාරීන් සමගද යන්නද ගැටලුවක්...

විශේෂයෙන්ම 2015 පසුව එල්ටීටීර හිතවාදී සමහර රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑම් මත මෙරට යුද හමුදාවේ හා නාවික හමුදාවේ නැගෙනහිර පළාත තුළ සහ අගනුවර තුළ  අති විශිෂ්ට බුද්ධි මෙහෙයුම් කළ ත්‍රස්තවාදීන් විසින් කිරීමට සූදානම් වූ දැවැන්ත විනාශයන් රැසක් වැළක්වූ යුද හමුදා සහ නාවික හමුද සහ බුද්ධි නිලධාරීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා...

අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූ පරිදි සත්‍ය ලෙසම ඒ වන විට අපේ බුද්ධි අංශ ලෝකයේ ඕනෑම ප්‍රබල බුද්ධි අංශයක සම මට්ටමේ කටයුතු කළ බව කියන්නට පුළුවන්...

ඇමෙරිකාවේ සී අයි ඒ. සංවිධානය ,

මහා බ්‍රිතාන්‍යයේ ඒම්.අයි.05  සංවිධානය, ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය,

 රුසියාවේ කේජීබී ඔත්තු සේවය,

 ඉන්දියාවේ රෝ ඔත්තු සේවය,

 වැනි ඔත්තු සේවාවන් හා සම හෝ ඊටත් එහා ගිය විශිෂ්ටත්වයකින් ක්‍රියා නොකළා නම් අපට එදා අවසාන සටනේදී අගනුවර සහ දකුණ බේරා ගැනීමට නොහැකි බව අනුර ප්‍රිය දර්ශන මන්ත්‍රීවරයාගේ කතාව අසන විට සැබවින්ම සැකයකින් තොරව හිතෙනවා...

හමුදාපති ධුරට පවා පත්වීමට නියමිතව  සිටි යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි එවකට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබුවා...

සමහරු වසර එකහමාරකට අධික කාලයක් රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර තබනු ලැබුවා..

එක් උසස් නාවික බුද්ධි නිලධාරියකුගේ නැන්දනිය ඔහු නැති සොවින්  දිවි නසාගෙන තිබූ අතර  එම අවමගුලටවත් පැමිණීමට එම නිලධාරියාට ඉඩක් ලැබුණේ නැහැ...

ඔහු නැගෙනහිර බුද්ධි මෙහෙයුම්වල යෙදෙද්දී එල්.ටී.ටී.ඊ.  ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් ඔහු සමග ගිය 16  දෙනෙක් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර දිවි ගලවා ගත්තේ ඉතා බරපතල තුවාල ලැබූ ඔහු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුත් පමණයි...

අගනුවරට එවීමට සූදානම් කර තිබූ පුපුරණ ද්‍රව්‍යය කිලෝ ග්‍රෑම් දහසකට අඩු ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවේද ඔහුගේ බුද්ධි ජාලය මගින්...

2015  පාලනය විසින් පත් කරනු ලැබූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවා අවසානයේ පවසනු ලැබුවා බුද්ධි අංශ පසුපස යමින් කරනු ලැබූ රහස් පොලිසියේ දඩයම් කිරීම නිසා බුද්ධි අංශ නිලධාරීන්ගේ මානසිකත්වය කඩාවැටීම බුද්ධි සේවාවන් අඩපණ කිරීමට ප්‍රබල හේතුවක් වූ බව...

විශේෂයෙන්ම අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු කතාවේදී පැවසුවා ලෝකයේ කිසිම රටක් සිය බුද්ධි අංශය මෙලෙස දඩයම් නොකරන බව...

එම  අඩපණ වීම, බිඳවැටීම නොවන්නට යුධ නාවික බුද්ධි අංශ වක් පෙර පරිදි නිදහසේ ක්‍රියා කිරීමට ඉඩ දී තිබුණා නම් රහස් පොලිසිය මෙන් පිපුරුවාට පසුව පුපුරපු එකා හොයන්නට යන්නේ නැතුව පුපුරන්නට පෙරම ුණු මෙම මහා විනාශයන් නතර කිරීම ඔවුනට එතරම් අපහසු නොවනු ඇති බව ඔවුන්ගේ අතීත විශිෂ්ට වාර්තාවන් දෙස බලන විට පැහැදිලිවම කිව හැකියි...

නමුත් කණගාටුවට කරුණ අද වන විට අග රදගුරු තුමාත්, 

කතෝලික සභාවේ මාධ්‍ය ඒකකයත්, 

පාස්කු ප්‍රහාරයට,

චෝදනා එල්ල කරන්නේ ,

චෝදනා නගන්නේ,

 එවකට බලයේ සිටි පාලකයන්ටවත්,

 එවකට රහස් පොලිසිය යම් ඉහළ තනතුරු දැරූ පුද්ගලයන්ටවත්,

අදාල  අනිත් ආරක්ෂක වල ප්‍රධාන තනතුර දැරූ පුද්ගලයන්ටත් , 

නොව,

 එම කාලය වන විට විපක්ෂයේ සිටි දේශපාලනඥයන්ටත්, 

ඒ වෙන විට මෙරට බුද්ධි අංශවල  පාලන බලයක් නොතිබුණු,

අඩු ගන්නේ රටේවත් සිටියේ නැති සමහර නිලධාරීන්ටත් වීම,

 සැබැවින්ම කණගාටුදාය ...

සහරාන්ලාටත් වඩා ඔවුන් චෝදනා එල්ල කරන්නේ එම පිරිසටය...

අනික් පැත්තෙන්  අද අගරතදගුරු තුමා සහ අනික් පිරිසගේ ගැලවුම් කාරයන් වී සි ටියේ පාස්කු ප්‍රහාරය එල්ල වෙන සමයේ රටේ තනතුරුවල සිටි දේශපාලනඥයන් විශාල පිරිසක් සහ එම පාලනය ගෙන ඒමට දායක වූ තවත් කණ්ඩායමක් වීම සැබැවින්ම විහිළු සහගතය..

අප එදා සිටම සිතන්නේ මේ රටේ හමුදා බුද්ධි අංශ බිඳවැට්ට වීමට කටයුතු කළ දේශපාලනඥයන් සහ රහස් පොලිස් නිලධාරීන් මෙන්ම ,

තොරතුරු ලැබා සිටිය තිබියදී,

 ප්‍රහාරයට පෙර ත්‍රස්තයත් අත්අඩංගුවට නොගෙන,

 ප්‍රහාරය වීමට පෙර එය වළක්වා ගැනීමට කටයුතු නොකළ රහස් පොලිස් නිලධාරීන් ද , පාස්කු ප්‍රහාරයට වැළැක්වීමට නොහැකි වීම පිළිබඳව සැබෑ වග උත්තරකරුවන් බවයි..

- ලාල් ද අල්විස් -

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.