“සම්මා” නම් වූ උතුම් බුද්ධ වචනය ඔබත් අවභාවිතා කරන්නෙක් ද?
වර්තමානයේ පවතින නිරාගමීකරණය හමුවේ භික්ෂූන් වහන්සේලාගේ සහ යම් යම් ශාසනික වැඩපිළිවෙලවල් තුළ පවතින ඉතා සුළු සුළු වරද සහගත දෑ වෙනුවෙන් සමාජය “සම්මා” යන අති උත්තම වචනය යොදා ගන්නා බවක් පසුගිය දිනෙක අපට අසන්නට ලැබිනි.
“අක්ඛෙය්‍ය සඤ්ඤිනො සත්තා - අක්ඛෙය්‍යස්මිං පතිට්ඨිතා” යනුවෙන් කී හෙයින් සත්ත්වයා යනු කිසිවක් පිළිබඳ විග්‍රහ කිරීම් කරනා ස්වභාවය යි. ඒ අනුව ඕනෑම රූප, ශබ්ද ආදී අරමුණක් පිළිබඳව විග්‍රහ කිරීම සත්ත්ව ගතිය යි.
ඒ අනුව තමන් මෙතෙක් එකතු කර ගත් කරුණු වලට අනුව යමක් පිළිබඳ ව විග්‍රහ කිරීම සාමාන්‍ය සත්ත්වයාගේ ස්වභාවය යි. එහි කිසිඳු දෝශයක් විද්‍යමාන නොවන්නේ අවිද්‍යාවෙන් භරිත සත්ත්ව සන්තානය තුළ එවන් ධර්මතාවක් ක්‍රියාත්මක වීම අසාමාන්‍ය කරුණක් නොවන හෙයිනි.
එ සේ වී නමුත් එම විග්‍රහ කිරීම් හෝ විවේචන සඳහා හෝ මහා ශ්‍රේෂ්ඨයන් වහන්සේලා කල්ප ගණනින් වෙහෙසී, අවසන් භවයේ ද අතිශය දුශ්කෘතයක් කොට ලොවට හෙලි කළ උතුම් දහමේ අති ශ්‍රේෂ්ඨ වචන භාවිත නොකරන්නේ නම් එය හැමට බොහෝ හිත සුව පිණිස පවතිනු ඇත.
එ සේ ලොවෙන් එතෙරට රැගෙන යන්නා වූ ලෝකෝත්තර වූ ප්‍රතිපදාවකට යොදාගන්නා උත්තරීතර වචන භාවිත කිරීම අනාගතයේ දී උතුම් සම්මා සම්බුදු සසුනක හෝ ලැබීමට ඇති දහම් දායාදය නැති කර ගැනීමක් ම ය.
එවන් වචන නීච සිතින් දරා ගැනීමෙන්, එවන් උත්තරීතර වචන මාත්‍රයකුදු සසරේ කෙදිනකවත් නෑසීම අවසන් විපාකය වශයෙන් අපට දරා ගත හැක.
කිනම් ක්‍රමයකින් හෝ ඇසුනේ වී ද පාථික සූත්‍රයේ අඩංගු පරිදී භාග්‍යවතුන් වහන්සේ අසල ම සිට භාග්‍යවතුන් වහන්සේගේ ම ගුණ කිය කියා පසුව සිවුරු හැර ගිය සුනක්ඛත්ත සේ බුදු රදුන් හමුවේ සිට වුව දහම් දායාදය ලැබීමට සුදුස්සෝ නොවනු ඇත.
එම ශබ්ද සැහැල්ලු ස්වරූපයෙන් දැක, විවේචනය කොට බොහෝ කල් දුක් ගෙන දෙන්නා වූ දුගතිගාමීත්වයට නොයමින් වෙනත් සභ්‍ය වචන ගෙන ඒවා විවේචනය කිරීම් හෝ විග්‍රහ කිරීම් සිදු කර ගැන්නයැයි අතිශය කාරුණික සිතින් ම අපි ඔබ සැමට සිහිපත් කරමු.
වර්තමානයේ පවත්නා අඥාණකම් හේතුවෙන් මතු දිනෙක හෝ දහම් අවබෝධයට ඇති අවකාශය නැති කර ගැනීම සැබෑ ම අඥාණවන්ත කාරනයක් වනු නොඅනුමාන ම ය.
සිය සත්ත්ව ගති (අක්ඛෙය්‍ය සඤ්ඤී ස්වභාවය) ප්‍රකට කිරීමට දහම භාවිත නොකර වෙනත් ශබ්ද භාවිත කරනා ලෙසට දහමේ උණුසුම නොලැබූ ඔබේ මිතුරන් දැනුවත් ද කර, ඔවුන් ද ඉහත කී පාපයෙන් මුදවා ගැනීමට උත්සුක වන්න.
හැමට බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ සහ සංඝ රත්නයේ උත්කෘශ්ඨභාවය ම අවබෝධ වන්නා වූ සුභ නව වසරක් වේවා!
හැම දෙනා ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඤ්ඤාවෙන් ඉහළට ම යොමු වේ වා!
හැමට දානයේ - ශීලයේ - භාවනාවේ පමණක් නොව සසරින් මිදීමේ අගය ද වටහා දෙන උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ම ලැබේ වා!
උතුම් තෙරුවන් සරණ යි!
සමන් දේවාරක්ෂාව ද වේ වා!
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්