මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සහ ඇතැම් භික්‍ෂූන් අද නිර්මල බුදු දහම විකෘති කරනවා – රාමඤ්ඤ නිකායේ මහ නාහිමි
“අවුරුද 2500 කටත් වඩා පවත්වා ගෙන එන බුද්ධ චරිතය, සිද්ධාර්ථ චරිතය හා නිර්මල බුද්ධ ධර්මය අද සමහර භික්ෂූන් හා පුද්ගලයන් විසින් විකෘති කරමින් සිටිනවා, මේ සම්බන්ධව රජය මෙයට වඩා සැලකිලිමත්ව කටයූතූ කළ යුතු” යයි රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලාවේ සිරි විමල මහානායක හිමියෝ කෑගල්ලේ පැවති උත්සවයකදී පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුයේ මිරිහැල්ල සිරි සම්බෝධි විහාරය සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අටවිසි බෞද්ධ මන්දිරය හා අවුරුදු 300 කටත් වඩා පැරණි බෝධිය වටා ඉදිකෙරුණු බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයේදී පැමිණ සිටි පිරිස අමතමිනි.
“අප බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබා ගත් බෞද්ධ දර්ශනය අද ලෝකයාම පිළිගන්නවා. අද මේ රටේ මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් හා භික්ෂුන් මේවා වරදවා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේලු. බුදු වුණේ ලංකාවේලු. පිරිනිවන් පෑවේත් මේ රටේදීලු. මෙවැනි මිථ්‍යා මත පළ කරමින් තමා රහත් වුණු පඬිවරයෙක් බවට අඟවමින් බෞද්ධ ජනතාව මුළා කරමින් යනවා. මේ කටයුතු සොයා බලන්න කියා මහානායක ස්වාමීන් වහන්සේලා රජය දැනුවත් කර තිබෙනවා.
අද පන්සල්වල තරුණ භික්ෂූන් වහන්සේලා අඩුයි. සමහර පන්සල්වල ඇත්තේම නැහැ. මෙම ස්ථානයේ තරුණ භික්ෂූන් සිටීම සතුටට කරුණක්. අපේ දායකයන් අද ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන්. ඒත් කොහොම හරි පන්සලට දානේ ටික ගෙනවිත් දෙනවා. දානය දීමෙන් විශාල වශයෙන් පින් සිදුවෙනවා. සිල් රැකීමත් භාවනාවත් කළ යුතුයි. ඉන් විශාල වශයෙන් පින් රැස්වෙනවා මෙන්ම හොඳ ආත්මයක් ලබන්නත් හේතු වෙනවා” යයිද රාමඤ්ඤ මහ නාහිමියෝ පැවසූහ.
රාමඤ්ඤ නිකායේ අනුනායක දීවෙල මහින්ද හිමියන්ද අනුශාසනාවක් සිදු කළ අතර මෙයට දෙවසරකට පෙර අපවත් වී වදාළ දීවෙල ධම්මානන්ද හිමියන්ට පින් පිණිස ගුණානුස්මරණ පින්කමක් ද පැවැත්විණි. විහාරවාසී සුනන්ද හිමියන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය