විදේශ ණය ඩොලර් මිලියන 788 කින් සහ දේශීය ණය රුපියල් බිලියන 490 කින් වැඩිවේ..
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රජය මේ වසරේ ඩොලර් බිලියන 8.094 ක් ණය සහ පොලිය ලෙස ගෙවා ඇති බවට පුවතක් සංසරණය වේ. එය ඉලක්කම් විජ්ජාවක් මිස, ජනරජය බැදී ඇති ණය කන්දරාවෙන් නිදහස්වීමක් නොවේ.
නමුත් සත්‍යය නම් මේ වසරේ පළමු මාස 3 තුල පමණක්, මෙරට විදේශ ණය ඇ.ඩො.මි. 788 කින් ද, දේශීය ණය රු. බි. 490 කින් වැඩිවී ඇත.
රාජ්‍ය ණය කලමනාකරණ දොපාර්තමේන්තුවේ නිල වාර්තා අනුව, ගෙවන ලද මුලික මුදල (Principal Amount) ඩො.බි. 5.98 කි. ණය පොලී වටිනාකම ඩො.බි. 2.11 කි. එකතුව 8.094 කි. එය කරුණු වශයෙන් ගත් කළ සත්‍යයකි. නමුත් මෙම මුදල් ගෙවා ඇත්තේ ඩොලර් වලින් නොව ශ්‍රී ලංකා රුපිියල් වලිනි. එසේ ගෙවන ලද මුදලට ආසන්න මුදලක් නැවතත් භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් නිකුත් කර දේශීය ණය වශයෙන් ලබාගෙන ඇත.
විදේශ ණය පියවීම
ශ්‍රී ලංකා රජය 2026 පළමු කාර්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරිමට අනුව බහුපාර්ශවීය ආයතන වෙත ඩො.මි. 234 ක් ද, ද්විපාර්ශවීය ණය හිමියන් ට ඩො. මි. 207 ක් ද, පුද්ගලික ණය හිමියන්ට ඩො.මි. 89 ක් ද ලෙස ඩො.මි. 530 ක් ගෙවා ඇත. මේ ඩො.මි. 530 හැර මේ කාර්තුව තුල වෙනත් විදේශ ණය හෝ පොලී ගෙවීමක් ඩොලර් වලින් සිදු කර නැත.
2026 වසරේ දී ලංකා රජය බහු පාර්ශවීය හා ද්විපාර්ශවීය ණය හිමියන්ට ඩොලර් බිලියන 2.7 ක් ගෙවිය යුතුය. 2026 ජූනි දක්වා එයින් ඩො.බි. 1.3 ක් ගෙවා ඇත. තවත් ඩො.බි. 1.4 ක් මේ වසරේ ඉදිරි මාස 6 තුල ගෙවිය යුතුව ඇත.
විදේශ ණය වැඩිවීම
පසුගිය සතියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලංකාවට ඩො.මි. 695 ක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඩො.මි. 450 ක් ද, ලෝක බැංකුව මගින් ඩො.මි. 200 ක් ද ඉදිරියේ දී ලබාගැනීමට නියමිතය. එයට අමතරව ව්‍යාපෘති ණය ලෙස තවත් ඩො. මි. 100 ක් ලැබීමට ඇත. සරළව මෙම ඩොලර් වලින් මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ගෙවූ විට, වෙනත් ඉතිරියක් බලාපොරොත්තු විය නොහැකිය. මේ සියළු ලැබීම් හා ගෙවීම් ජා.මු.අ. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව 2022 – 2023 දී ගිවිසුම් ගත එකඟතාවයන් ය.
දේශීය ණය ගෙවීම්
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය විසින් කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර සුරැකුම්පත් සහ දේශීය බැංකු වෙත ව්‍යාපෘති ණය ලෙස ගෙවිය යුතු රුපියල් ණය ප්‍රමාණය පහත වගුවේ ඇත.
භාණ්ඩාගාර බිල්පත්, සුරැකුම්පත් හා දේශීය බැංකු වෙත ගොවිය යුතු ව්‍යාපෘති ණය වෙනුවෙන් ඇ.ඩො. බිලියන 7.56 කට සමාන රුපියල් ප්‍රමාණයක් 2026 පලමු කාර්තුව තුල ගෙවා ඇත. එයින් ඩො.බි. 1.59 කට සමාන රුපියල් ප්‍රමාණයක් පොලී වශයෙනි. ගෙවීමට ඇති දේශීය ණය වාරික ලෙස ඇ.ඩො. බිලියන 5.975 කට සමාන රුපියල් ප්‍රමාණයක් ගෙවා ඇත.
එසේ පියවා ගත් මුදල් නැවත ලබා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් දේශීය භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත් පෙරළා නිකුත් කර (රොල් ඕවර්) කර ඇත. එබැවින් මේ ගෙවීම් හේතුවෙන් රටේ සමස්ත ණය ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් සිදුව නැත.
2026 අලුතෙන් එකතු කරගත් ණය කන්ද
2026 පලමු කාර්තුව තුල නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත් හා සුරැකුම්පත්වල වටිනාකම (රුපියල් ණය) රුපියල් බිලියන 1,210 (ඇ.ඩො.බි. 3.84) කි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් තවත් රුපියල් බිලියන 720 ක් (ඩො. බි. 2.30) ක් ලංකාව අලුතෙන් ණය වී ඇත.
2026 පළමු කාර්තුව තුල, අලුතෙන් ලබාගත් දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 1930 (ඇ. ඩො.බි. 6.04කට සමානය) කි.
ආණ්ඩුව වසන් කරන කරුණ නම් ලංකා ජනරජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා විදේශ බැංකු වෙතින් ඩො. මි. 1,500 කට ආසන්න ප්‍රමාණයක් ද වසරේ පළමු මාස කිහිපය තුල ලබාගෙන ඇති බවයි. දේශීයව තවත් රු.බි. 1930 (ඩොලර් මිලියන 6.04) ක ණය ලබා ගෙන ඇති බවයි.
ලංකා ආණ්ඩුව 2022 බංකොලොත් භාවයට පත් වූ නමුත් බහු පාර්ශවීය ණය ගෙවීම පැහැර හැරියේ නැති තරම්ය. 2024 ආරම්භවන විටත් බහුපාර්ශවීය ණය කිසිදු මුදලක් හිඟ ලෙස පැවතියේ නැත.
ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟාව අනුව ණය ශේෂය පහසුවෙන් හදුණාගැනීම සඳහා දේශීය වශයෙන් ලබා ගන්නා රුපියල් ණය ද එක් එක් නිශ්චිත දිනවලට පවතින විනිමය අනුපාතිකයන්ට අනුව ලේඛන ගත කිරීමක් සිදු වේ. එය හුදෙක් සන්නිවේදන පහසුව සඳහා ඇතිකර ගත් එකඟතාවයක් මිස රුපියල් ණය ඩොලර් වලින් පියවීමක් හෝ ඩොලර් ණය රුපියල්වලින් පියවීමක් ගම්‍ය නොවේ.
වඩාත් නිවැරදි ක්‍රමවේදය රුපියල් ණය රුපියල් ලෙස ද, ඩොලර් ණය ඩොලර් ලෙස ද, ගණනය කිරීම වේ. ඒ අනුව, 2024 අවසානයේ පියවීමට තිබු දේශීය ණය ප්‍රමාණය රු. බිලියන 18,883 ක් වූ අතර, එය 2026 මාර්තු 31 වන දිනට රු. බි. 19,383 දක්වා රු. බිලියන 490 කින් වැඩිවී ඇත.
එසේම, 2024 12. 31 දිනට පැවති විදේශ ණය ශේෂය ඩො.. මි. 36,680 සිට ඩො.මි. 37,468 දක්වා ඩො.මි. 788 කින් වැඩිවී ඇත.
රැවටෙන්න එපා! ඩොලර් බිලියන 8.094 ක් ක ණය ගෙවු කතාව ඉලක්කම් විජ්ජාවක් පමණී. දේශීය රුපියල් හා විදේශීයෙ ඩොලර් ණය දෙවර්ගයම වැඩිවී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම