කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීමේ ඓතිහාසික ලේඛන ගම්මන්පිල ඉල්ලයි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින්ද ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කරන බැවින් ද මේ සම්බන්ධ සැබෑ තත්වය පිළිබදව මෙරට ජනතාව දැනුම්වත් කල යුතු බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අරමුණින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වන ඓතිහාසික ලේඛනයන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා දෙන ලෙස ඒ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමට කටයුතු කර ඇත.
ඊට අදාල ලිපිය මෙහි දැක්වෙයි.
2024 අප්‍රේල් 11 දින
තොරතුරු නිලධාරි
විදේශ කටයුතු අමාත්‍යාංශය
ජනරජ ගොඩනැගිල්ල
ශ්‍රීමත් බරොන් ජයතිලක මාවත
කොළඹ 1
හිතවත් තොරතුරු නිලධාරිතුමනි
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳ ඓතිහාසික ලේඛණ ලබා ගැනීම
කච්චතිව දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳ ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් මාතෘකාවක් වී ඇති බැවින් ද ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බැවින් ද මතු දැක්වෙන ලේඛණයන්ගේ පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන අනුව හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් සහතඥ වෙමි.
1) ශ්‍රී ලංකාව විසින් ඉතිහාසය පුරා කච්චතිව දූපත පාලනය කළ බවට ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසේ සිට පවතින ඓතිහාසික සාක්ෂි
2) 17 වන සියවසේ දී කච්චතිව් දූපත ඉන්දියාවේ රාමනාද් රාජධානියේ පාලනයට නතු වීමට බලපෑ හේතු දැක්වෙන ලේඛණ
3) 1920 දී කච්චතිව් දූපත බ්‍රිතාන්‍ය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ අයිතිය තහවුරු කිරීමේ ලේඛණ
4) 1974 දී අත්සන් කළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
5) 1976 මාර්තු මාසයේ දී අත්සන් කළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
6) 1976 ජුලි මාසයේ දී අත්සන් කළ ඉන්දියාව, මාල දිවයින සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා නිර්ණය කිරීමේ ගිවිසුම
7) කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හුවමාරු වී ඇති ලිපි
8) කච්චතිව දුපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති සාකච්ජාවන්හි වාර්තා
මෙයට ඔබේ සේවයට කැප වුණු
උදය ගම්මන්පිල
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය