සාගල සහ ඇමෙරිකා ආරක්ෂක උපදේශකවරයකු අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) මහතා පැවසීය.
ජේක් සලිවන් මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සමඟ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමිනි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් තීරණාත්මක මාතෘකා රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. කඩිනම් ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය අගය කරන බව සඳහන් කළ සුලිවාන් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන මඟින් පෙන්වා දී ඇති රාජ්‍ය මූල්‍ය, මුදල් සහ පාලන යන ක්ෂේත්‍රයන්හී සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.
විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයන් හා ඒ පිළිබඳ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
කලාපයේ සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට අතර පවතින අන්‍යොන්‍ය අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැපවන බව ද සුලිවන් මහතා පැවසීය.
මෙම සංවාදය ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන අතර ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ කැපවීම පෙන්නුම් කරයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය