STF නිල ඇඳුම ඇඳගත් පාසල් කැඩෙට් කණ්ඩායමක් ටී 56ත් අරන් පෙරඩ් එකෙත් ගිහින් - පොලිසියෙන් විමර්ශන
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ ටී 56 ගිනි අවි අතැතිව ගම්පහ ප්‍රධාන පාසලක කැඩෙට් කණ්ඩායමක් පෙළපාලියක (පෙරඩ්) පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (07දා) විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පෙළපාලියක නිරත වූවන් මෙම සිසුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිතා කරන රෙදි වර්ගයම යොදාගෙන නිල ඇඳුම සකස් කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් මෙම නිල ඇඳුම් මැසූ අනුරාධපුරයේ රෙදි සාප්පුවක හිමිකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. නිල ඇඳුම් ඇන්ද සිසුන් සමාජ මාධ්‍යවල (TikTok) පෙනී සිටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව නිල ඇඳුම් සකස් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පාසල් ශිෂ්‍ය භටයින් සඳහා අනුමත කළ නිල ඇඳුම් කට්ටල දෙකක් නිර්දේශ කර තිබියදී හමුදාවක හෝ විශේෂ බළකායක නිල ඇඳුමක් පරිහරණයට අවසර දී නොමැති අතර මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවත් උසස් නිලධාරියෙක් පැවසීය.
ශිෂ්‍ය භටයින් සඳහා සරඹ පෙළපාලි හා පුහුණු කටයුතුවලදී පොයින්ට් 2.2 වර්ගයේ පතුරම්වලින් පමණක් වෙඩි තැබිය හැකි අර්ධ ස්වයංක්‍රීය වෙනම අවියක් නිකුත් කර ඇති අතර මෙම සිසුන් අත්වල ටී56 ගිනිඅවි රැගෙන සරඹ පෙළපාලියට සහභාගි වී සිටීම ගැටලුවක් බවත් ඔහු කීය. ස්වයංක්‍රීය ගිනි අවියක් ලබාදිය යුත්තේ පූර්ණ සංග්‍රාමික පුහුණුව ලත් ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට බවත් එම අවි පාසල් සිසුන්ට ලබාදුන්නේ කාගේ වුවමනාවකටද යන්න විමසා බැලිය යුතු බවත් ඔහු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ සිසුන් භාරයේ තිබූ නිල ඇඳුම් පොලිස් භාරයට ගත් බවත් කිහිපදෙනෙකුගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කරගත් බවත්ය. සිසුන්ට ගිනිඅවි ලබාදීම නීත්‍යනුකූලව සිදුකර ඇති බවත් එම ගිනිඅවි නිෂ්ක්‍රීය කර පොලිස් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සරඹ සංදර්ශනය සඳහා ලබාදීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා පවසා තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය