News Category
From Date
To Date
Maximum Number of Result

එදා ත්‍රීවිල් තල්ලුකරගෙන ගියේ... අද ඉන්ධන තියෙනවා... මාලිමාවට ජයවේවා කියලා පෝස්ටර් අලවගෙන යන්න පුලුවන් - ජනපති රනිල් කියයි

Apr 5, 2024 at 05:43 AM
|

“එදා ත්‍රීවිල් ඔක්කොම තල්ලුකරගෙන ගියේ. අද ඕන තරම් ඉන්ධන තියෙනවා. දෙස් විදෙස් මගීන් ඉන්නවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ත්‍රීවිලර් එකේ දාගෙන… ජාතික ජන බලවේගයට ජය වේවා කියලා පෝස්ටරයක් අලවගෙන යන්න පුළුවන්” යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළේය.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට (04) එක් වෙමිනි.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබේ. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500කි.

විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයකි. එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සපයනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය.

මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් ද පිළිගැන්විණි.

ජනාධිපතිවරයා විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු විසඳමින් ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ලබාදිය හැකි සහන පිළිබඳ වාර්තාවක් මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ලබාදෙන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසීය. එම වැඩපිළිවෙළෙහි වාසිය මැණික් පතල්කරුවන්ටද හිමිවිය යුතු බව තමා දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද විවෘත වන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය මගින් මෙරට මැණික් ජාත්‍යන්තරයේ නිසි වටිනාකමක් ලබාගත හැකි තත්ත්වයට පරිවර්තනය කළ හැකි බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ වැඩකටයතු ආරම්භ කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීයි. ඒ වගේම මේ මධ්‍යස්ථානය ඉදිකිරීමට කැපවීමෙන් කටයුතු කළ ලොහාන් රත්වත්තේ සහ චාමර සම්පත් යන අමාත්‍යවරුන් ද සිහිපත් කළයුතුයි.

මෙම මධ්‍යස්ථානය රත්නපුරයට පමණක් නොවෙයි, රටේම ප්‍රධාන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් දියුණු කිරීම සඳහා රජය අවධානයෙන් කටයුතු කරන අතර ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම එහි අරමුණ වෙනවා. කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2021-2022 කාලසීමාව තුළ ඉතා අසීරුතාවකට මුහුණ දුන්නා. කෙසේ හෝ 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණා. එම දායකත්වය රටේ ආර්ථිකය ගොඩනැගීමට ද ශක්තියක් වූ බව කිවයුතුයි.

ඒ වගේම බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු පිරිසක් පැමිණ මා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස මම නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. එසේම ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතුයි. මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතුයි.

අපි වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණා. නමුත් අද ප්‍රතිඵල දෙස බැලීමේදී විශ්වාසයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

2022 ජූලි මාසයේ මෙරට දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය සෘන 7.4යි. 2024 එය ධන 4.5යි. වසර දෙකකින් සිදුව ඇති වෙනස එමඟින් පැහැදිළි වෙනවා. එම වෙනස සිදු කළේ මෙම අසීරුතා දරාගත් ජනතාවයි.

2022 ජූලි මාසයේ උද්ධමනය 54.6%යි. අද උද්ධමනය .9%යි. උද්ධමනය පාලනය වූ විට රුපියල ශක්තිමත් වෙනවා. එදා බැංකු පොළිය 23.8%යි. දැන් 10.3%යි. ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා මෙය අඩු කිරීමට හැකිවනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එදා විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 300.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා.

2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා.

ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි.

රජයේ ණය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 128%ක් තිබෙනවා. 2032 වන විට අපි එය 95%කට අඩු කරගත යුතුයි. දැනට අපිට අවශ්‍ය මුදල් අදායම්වලට අමතරව දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් ලබා ගැනීමට තිබෙනවා. 2032 වන එය 13%කට අඩු කිරීමට තිබෙනවා. ඒ වගේම විදේශ ණය ලබා ගැනීම අද දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4%ක් වෙනවා. එය 2025 වසරේ සිට 2.3%ක අතිරික්තයක් බවට පත් කරගත යුතුයි. මෙම ඉලක්ක සමග අප ඉදිරි වැඩකටයුතු කළයුතුයි.

මෙම කටයුතුවලින් ඉවත්වුවහොත් අපිට ණය ලබා දුන් රටවල් අපට දන්වනවා “ඔබ කොන්දේසි කැඩුවා ඒ නිසා ණය නැවත දෙන්න” කියලා. නමුත් අපි මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට ගියහොත් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා.

ඒ වගේම මෙවර අපට මහ කන්නයේ දී හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. ඒ වගේම මේ සිංහල අලුත් අවුරුද්දේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අපි කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙනවා.

මේ මාසයේ සහ ලබන මාසයේ තවත් සහල් කිලෝ 20ක් අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. එසේම විමධ්‍යගත අයවැය ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. ඒ වගේම විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.

එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට ඉන්ධන තිබුණේ නැහැ. විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම වැඩි වී තිබෙනවා. අද ත්‍රිවිල් රථවල පෝස්ටර් ගහගෙන දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි.

– Repoter

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.