News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය දේපළ විකිණීමට නගර වැසියෝ එරෙහි වෙති

Apr 4, 2024 at 08:23 AM
|

ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිණීමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවත්, සදාචාර විරෝධී ලෙස  රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපළ බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය  පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත්, එම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී වන බවත් අර්බන් සිටිසන් සංවිධානය පවසයි.

රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ලිපියක් යොමුකරමින් එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය පෙන්වා දෙන්නේ මෙසේ රාජ්‍ය ආයතන හා සම්පත් විකිණීමට වත්මන් ආන්ඩුවට ජනතා වරමක් ලැබි නොමැති බවයි.

අදාළ ලිපිය පහළින්...

ගරු රංජිත් සියඹලාපිටිය පා.ම
මුදල් රාජ්‍ය අමාත්‍ය,
මුදල් අමාත්‍යාංශ, 
කොළඹ 1.

ගරු ඇමති තුමනි,

අපගේ නියෝජිතයන් ලෙස පත්වන ඔබට අපගේ පැවැත්ම, නිදහස, සංවර්ධනය, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්  ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයට පොදු දේපල පවත්වාගෙන යෑමට හා සංවර්ධනය කිරීමේ වගකීම  පැවරෙනවා ඇත.

ජනතාවගේ ඡන්දයෙන් පත්වන  ජනතා නියෝජිතයන් පෙරලා ජනතාවට වගකීමට බැඳී  සිටින ඇති අතර පාරදුෂ්‍ය භාවයෙන්  පරිපාලන කටයුතුවල නියැලීමේ මූලික ගුණාංගය රැකිම ඔබගේ යුතුකමක් වන බවත් එසේ විය යුතු බවට අපේක්ෂා කිරීම ජනතාවට ඇති අයිතිවාසි කමක්ද වේ, 

ව්‍යවස්ථාවෙන් සහතික කර දී තිබෙන ජනතා පරමාදිපත්‍ය ආරක්ෂා කිරීම ඔබගේ පරම වගකීම වුනද මෑතක සිට අවාසනාවන්ත ලෙස ජනතා නියෝජිතයින් හා අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන් මෙම වගකීම ඉටු නොකොට සිතූමතේ රටට බලපාන  තීරණ ගැනිම කනගාටු දායකය.

පොදු දේපළ, රාජ්‍ය ව්‍යාපාර පිහිටුවන්නේද නඩත්තු කරන්නේද  හා පවත්වාගෙන යන්නේද භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලින් වන අතර ඒ සඳහා මහජන මුදල් යොදවන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් වන බැවින් මෙම දේපල සියල්ලෙහි  හිමිකාරීත්වය ඇත්තේ  මහජනතාවටය.

ආන්ඩුවේ ප්‍රතිපත්ති  තීරණය කිරීමේ බලය කැබිනට් මන්ඩලයටද බදු පැනවීමේ හා මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවටද සතු වුනත් අතිගරු ජනාධිපති , කැබිනට් මන්ඩලය,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා  අමාත්‍යාංශ ලේකම්වරු තම බලය භාවිතා කළ යුත්තේ ජනතා සුභ සිද්ධිය පිනිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  පමණි. ඊට හේතුව ඔවුන් සියලු දෙනා විසින් මෙම බලය දරා සිටින්නේ ජනතාව වෙනුවෙන් දරන භාරයක් ලෙස පමනි.

එමනිසා ජනතාවට අයිති සේවා සපයන හෝ වානිජමය රාජ්‍ය ආයතන විකිනිමේදි හා අන්සතු කිරිමේදි ඒ සදහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව  ජනතා නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත යුතුය.

සදාචාර විරෝධී ලෙස  රජයේ විධායක ඒකකයක් වන කැබිනට් මණ්ඩල අනුමැතියෙන් පමණක් පොදු දේපල බැහැර කිරීම ජනතා පරමාධිපත්‍ය බලය  පාවාදීමක් හා ජනතා පරමාධිපත්‍යය අවතක්සේරු කිරීමක් වනබවත් එම ක්‍රියාව වියවස්තා විරෝධී වන බවත් පෙන්වාදීමට කැමැත්තෙමු.

ප්‍රතිව්‍යුහගත කිරිමේ මුවාවෙන් සම්පුර්ණයෙන්ම රජයේ අයිතියෙන් බැහැර කිරිමට සැලසුම් කර ඇති දේපලවල අයිතිය පාර්ලිමේන්තුවේ‍ අනුමැතියකින් තොරව විකිණීමට ගෙන ඇති පියවර සම්බන්යෙන් විරුද්ධ නොවි නිහඩව සිටිම මගින් ඔබ සියලු දෙනාම ජනතා පරමාදිපත්‍යට සහා ජනතා අපේක්ෂාවට පිටුපා තිබෙන බව අපගේ මතයයි.

මෙසේ රාජ්‍ය ආයතන හා සම්පත් විකිණීමට වත්මන් ආන්ඩුවට ජනතා වරමක් ලැබි නොමැති බව අවධාරණය කර සිටිමු.

රාජ්‍ය මුල්‍ය අරමුදල (IMF) විසින්ද නිර්දේශය කර ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරිමට මිස විකිණීමට නොවන බව මෙහිලා සදහන් කරන අතර රාජ්‍ය වියාපාර බිද වැටිමට හේතුවි ඇත්තේ අප පාලකයන් විසින් දක්ෂතාවය හෝ සුදුසුකම් මත පත්වීම් ලබා නොදීමත්  දූෂණය,නාස්තිය අකාර්යක්ෂමතාවය අවම කරමින්  ආයතනයේ  උන්නතිය උදෙසා තීරණ නොගැනීම, දේශපාලන හිතවත්කම් මත අධික සේවකයෙන් බඳවා ගැනීම වැනි කරුණු නිසා බව  රාජ්‍ය මූල්‍ය ආයතනය විසින් ශ්‍රි ලංකාව සම්බන්දයෙන් නිකුත් කර ඇති තාක්ෂණික වාර්තාවේ සදහන් කර ඇත.

තව දුරටත් IMF නිර්දේශ මගින් පෙන්වා දි ඇත්තේ  රජය සතු වියවස්තාපිත ආයතනයන් නිසි පාලන ක්‍රමවේදයන් අනුව පවත්වාගෙන යෑම සහා පාර්ලිමේන්තු කෝප් කමිටුවට වග වීමට යටත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනය සදහා නව පනතක් ගෙන එන ලෙසය.

වර්තමාන ජනාධිපතිතුමන් පත්වීමෙන් අනතුරුව ගෙන එන ලද අතුරු අයවැයෙන් ව්‍යවස්ථාදායකය අවසර දී ඇත්තේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගතකිරීමට කමිටුවක් පත් කිරීමට වන අතර 2022.08.31 රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාගෙන ඇත, පසුව 2022. 09.13  කමිටුවක් පත් කර ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට පටහැනිව ආර්ථික ස්ථායීකරණ හා  ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරනු ලබන කැබිනට් පත්‍රිකාවක් මෙම කමිටුවේ වගකීම් සඳහන් කරමින් එක් වගන්තියක් තුළින්  " ව්‍යාපාර SOE's ප්‍රමුඛතා පදනම මත ඉවත් කිරීමට හඳුනාගෙන ඇත " ලෙස සඳහන් කර ඇත. මෙම  " ඉවත් කිරීම " යන වචනය ඉතාමත් කූට ලෙස මෙම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇත .

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහකරණය කිරීමට යැයි පවසමින් රටේ ආරක්ෂාවට හා  ස්වෛරීත්වයට බලපාන ඇතැම් පොදු දේපොළද ශක්තිමත් රාජ්‍යයන්හි භූදේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා ලබාදෙමින් අප රටේ ස්වෛරීත්වය අනතුරේ නොදමන ලෙසත් වගකිවයුතු ජනතා නියෝජිතයකු ලෙස ව්‍යවස්ථාදායකයට පිටින් සිදුවන මෙම ක්‍රියාවලියට එරෙහි වන ලෙසත් ඔබගෙන් මෙසේ ඉල්ලා සිටිමු.

මෙයට
ශර්මිලා ගෝනවෙල 
සභාපති අර්බන් සිටිසන් සංවිධානය 

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.