තායිවානයට රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවක්
අද (03) උදෑසන තායිවානයේ නැගෙනහිර පළාතේ Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවකින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් විය.
එරට වේලාවෙන් පෙරවරු 7.58 ට Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ භූමිකම්පාව එහි අගනුවර වන තායිපේ ඇතුළු දිවයින පුරාවටම සංවේදනය වූ බව බලධාරීහු පවසති.
තායිවානයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 97 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.මේ අතර ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ ඇතැම් පුද්ගලයන් තවමත් නිවෙස් තුළ සිරවී සිටින බවයි.
තායිවානයේ මධ්‍යම කාලගුණ පරිපාලනයේ භූ කම්පන මධ්‍යස්ථානයේ ප්‍රධානී Wu Chien-fu ට අනුව 1999 වසරෙන් පසු තායිවානයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව මෙම භුමි කම්පාව වේ.
උස් ගොඩනැගිලි කිහිපයක් අර්ධ වශයෙන් කඩා වැටී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල භූමිකම්පාව හේතුවෙන් නායයෑම් සිදුව තිබේ.
තායිවානයේ නගර කිහිපයක අධිවේගී දුම්රිය සේවා මෙන්ම Hualien ප්‍රදේශයේ රජයේ කාර්යාලවල කටයුතු පෞද්ගලික කර්මාන්තශාලාවල කටයුතු මෙන්ම පාසල් වල කටයුතුද අත්හිටුවා තිබේ.
ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට අනුව ෂැංහයි ඇතුළු චීනයේ ප්‍රධාන භූමියේ නගර කිහිපයකට ද භූමිකම්පනය දැනී තිබේ.
මේ අතර දකුණු ජපානයට සහ පිලිපීනයේ උතුරු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජපානයේ ඔකිනාවා හි නාහා ගුවන් තොටුපළ සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව නිවේදනය කර තිබේ.
https://twitter.com/i/status/1775323105440698837
ජපානයේ කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ සුළු සුනාමි තත්වයක් යොනාගුනි, ඉෂිගාකි සහ මියාකෝ යන ජපානයේ දකුණු දූපත් වෙත ළඟා වී ඇති බවයි.ජපාන කාලගුණ විද්‍යා සේවය මුලින් මීටර් 3 ක් දක්වා වන සුනාමියක් පුරෝකථනය කළ නමුත් පසුව එය මීටර 1 දක්වා අඩු වන බව නිවේදනය කළේය.
https://twitter.com/i/status/1775343685091176466
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..