අරගල සමයේ සිදුවූ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න - විමල් ඉල්ලයි (වීඩියෝ)
පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය.
අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ එම තේරිම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක් කරන ලෙසය.
එමෙන්ම අරගල සමයේදී සිදුවූ ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,
"අරගල සමයේදී ඔබතුමාව ව්‍යවස්ථාවට පිටින් රටේ ප්‍රධාන වගකීම.. ඒ කියන්නේ ජනාධිපති වගකීම භාරගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් ඇති කරපු බවට ඒ වගේම "09 සැඟවුණු කථාව" කියලා මම පොතක් එළිදැක්වූවා ඒ පොතේ ඒ කරුණ මම විවෘත්තව එළිදැක්වුවා ඔබතුමාට කුමන තානාපති කාර්යාලද, කුමන තානාපතිවරුන්ද සහ දේශපාලඥයින් කවුරුන්ද ඒ බලපෑම එල්ල කළේ කියලා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙත් සඳහන් වෙනවා දෙස් විදෙස් බලවේග නිසා ඔහුට ඒ තනතුර අතහැරයාමට සිදුවූ තත්ත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණ 03 සත්‍ය නම් මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ කියලා හිතනවනම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක්.
ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මම කථානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඇති වුණ සංසිද්ධිය පිළිබඳ.. අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කව්ද? ඒ අය කුමන අරමුණක් ඇතිව ඒක කරාද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක, දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා පත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරිම් කාරක සභාවක් පත් කරන්න. එසේ කිරීමෙන් පමණයි බාහිර රටවලට ඕනේ විදිහට ලංකාවේ ඉරණම් කථාව ලියන්න කැසකවපු ඒ පාපි බලවේග පිළිබඳව කරුණු අනාවරණ කරන්න පුළුවන්."
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..