News Category
From Date
To Date
Maximum Number of Result

අල, ළූණු, කිරිපිටි වලින් සිදු කළ මහා මංකොල්ලයක් එළියට

Apr 1, 2024 at 07:24 PM
|

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඒ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවැනි වාර්තාව අද (01) පාර්ලිමේන්තුවේදී සභාගත කරමිනි.

මේ වසරේ ජනවාරී පළමු වැනිදා වැට් බදු වැඩි කිරීම සිදු කළේ රු.බි. 600 ක් රජයට එකතු කර ගැනීමේ අරමුණෙන් බවත්, පසුගිය අවුරුදු පහ තුළ ඉහත ආයතන විසින් එකතු කර නොගත් බදු ආදායම් ප්‍රමාණය රු. බි. 656 ක් බව ද ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

කෝටි 100 ට වැඩි බදු පැහැර හැර ඇති ප්‍රමාණය 92ක් බවත්, කෝටි 50-100 අතර 104 දෙනෙකු සිටින බවත්, මිලියන 300-400 අතර 57 දෙනෙකු සිටින බවත්, මිලියන 50-100 අතර 630 දෙනෙකු සිටින බවත් මිලියන 10 – 50 අතර 3108 දෙනෙකු සිටින බව ද සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ 4479 දෙනෙකුගෙන් අදාළ බදු ආදායම් අය කර නොගෙන රටේ සමස්ත ජනගහනයෙන් කිරිපිටි, සීනි, වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ඇතුළු සියලු දේ සඳහා වැට් බදු අය කිරීම යුක්ති සහගත නොවන බව ද ඒ මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ආනයන අපනයන ගැන ද කතා කළ පාඨලී චම්පික රණවක මහතා 2023 දී රු. 92ට ගෙන්නවන ලද බී ළූනු කිලෝවක් ඔරුගොඩවත්තේදී රු. 365 කට අලෙවි කොට ඇති බවත් ඒවා පාරිභෝගිකයා අතට පත්වනවිට කිලෝවක මිල රු. 700කට ආසන්න වන බව ද පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

අර්තාපල් කිලෝවක් රු. 110 කට ගෙන්වා ඇතත් ඒවා අලෙවි කොට ඇත්තේ රු. 840 කට බව ද පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඒ භාණ්ඩ ආනයනය කළ ව්‍යාපාරිකයන් කිහිප දෙනා දළ වශයෙන් ලබා ඇති ආදායම කෝටි 8000ක් බවද ඒ අයථා ලාභ ලැබූ අයට බදු අය නොකොට ඇති බව ද ප්‍රකාශ කළ අතර, එවැනි ආනයනය කරන ලද භාණ්ඩ ලැයිස්තුවක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සභාගත කළේය.

ජාවාරම්කාර මත්පැන් ව්‍යාපාරිකයන් ගැන ක්‍රම සහ විධි කාරක සභාවෙන් හෙළිදරව් කළ පසු 2023 සැප්තැම්බර් මාසයේදී පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම කෝටි 100 කින් වැඩි වූ බව ද පෙන්වා දුන් ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා දොම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය හොර ස්කාගාරයක් වටලා එහි සේවය කළ සේවකයින් 18 දෙනෙකු බන්ධනාගාර ගත කොට තිබුණද ඒ ආයතනයේ හිමිකරුවන්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද සඳහන් කළේය.

බංග්ලාදේශය වැනි රටවල් පවා මේවනවිට ඩිජිටල් බැංකු දහයක් පමණ පවත්වාගෙන යන බවත් සියලු ගනුදෙණු බැංකුකරණය වීම තුළින් බදු ආදායම් එකතු කරගත හැකි ආකාරය පැහැදිලිව ලබාගත හැකි බවත් ශ්‍රී ලංකාව තුළද ඉලෙක්ට්‍රොනික් වේදිකාවක් සැකසීමට යෝජනා කරන බව ද එමගින් දැනට බදු පැහැර හැරීම් කරන ලක්ෂ දහයකගෙන් බදු අයකර ගැනීමට රජයට හැකි වන බවද එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩි දුරටත් සඳහන් කළේය.

අස්වැසුම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී මහත්ම මහත්මීන්ගේ ශක්තිය භාවිත කිරීම සුදුසු බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

එමගින් අස්වැසුම වැඩසටහනෙන් ලබාදෙන මුදල් වැඩදායක දෙයකට වැය කරනවාද නොඑසේනම් අයහපත් දෙයකට යෙදවීම වළක්වා ගැනීමට හැකිවන බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ නිවසේ ගෘහ මූලිකත්වය දරන මව වෙනුවෙන් ආධාර කාඩ් පතක් ලබා දෙන බවත්, එමගින් බැංකුව හරහා වියදම් සිදු කිරීම නිසා ඒවා වියපැහැදම් කළේ කුමකටද යන්න සොයා බැලිය හැකි බව ද පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.