දේශපාලන බලය තාවකාලිකයි.. මහජන විශ්වාසය එසේ නොවේ - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්‍රි කියයි
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
තමන්ගේ පුද්ගලික නිරීක්ෂණයට අනුව, අතීතයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සහ එවකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෝෂාභියෝගයකින් ධූරයෙන් ඉවත් කිරීම වැනි සිදුවීම්වලින් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ද ක්‍රමයෙන් පිරිහීමට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ පුද්ගලයින්ට ගොතන ලද චෝදනා (Concocted charges) මත පදනම්ව අමානුෂික ලෙස සැලකීම සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානි කිරීම දිගුකාලීන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන මහා පාපයක් බව ද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉතිහාසය විසින් ඕනෑම සමාජයකට වටිනා පාඩම් කියා දෙන බවත්, බුද්ධිමත් ජාතීන් එම පාඩම් මනාව ඉගෙන ගත යුතු බවත් අලි සබ්‍රි වැඩිදුරටත් අවධාරණය කර සිටි.
"පොලිසිය මහජනතාව නොමඟ යවනවා"
එසේම හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබා ගැනීම සහ ඔහුට අමානුෂික ලෙස සැලකීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයක් ද එල්ල කර තිබේ.
එහිදී අලි සබ්‍රි පෙන්වා දෙන්නේ සුරේෂ් සලේ, දැනට පසුවන්නේ අධිකරණ අත්අඩංගුවේ (Judicial Custody) නොව, විධායකය සතු බලතල ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝග මත බවයි.
මෙම සැබෑ තත්ත්වය වසන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ නිකුත් කරන බවට ද ඔහු ඍජුවම චෝදනා කර සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්