News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය ආසන්නයේ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිවිය හැකියි - පාඨලී අනතුරු අඟවයි

Mar 30, 2024 at 05:33 PM
|

ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.

වසර 2015 න් පසු විවිධ පාර්ශව බලය ලබාගැනීම සඳහා සමාජය භේද කිරීමට පියවර ගෙන තිබේ. ඒ අතර මුස්ලිම් සිංහල ජාති අතර අවිශ්වාසය වර්ධනය ද තිබිණ. බෞද්ධ ඉස්ලාම් මත ගැටුමක් ද ඇති කිරීමට පියවර ගැනිණ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීමෙන් පසු මෙම ගැටලුකාරී බලවේග ආරම්භ විය.

ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී නැවතත් එවැනි විනාශකාරී බලවේග ක්‍රියාත්මක විය හැකි බව රණවක මහතා පෙන්වා දෙයි. එවැනි ජාති ආගම් භේද මතුකිරීම පාලනයේ වගකීම වර්තමාන ජනපතිට සහ ආරක්ෂක අංශවලට ඇති බව හෙතෙම අවධාරණය කරයි.

පාස්කු ප්‍රහාරය ද එවැනි බලවේගයක ක්‍රියාවක් විය හැකිය. ඒ සම්බන්ධ තොරතුරු විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා තිබේ. ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශයක් ලබාදුන්නේය. ඒ අනුව පාස්කූ ප්‍රහාරය සම්බන්ධ නිවැරදි තත්වය සෙවීම ද රජයේ වගකීමක් බව රණවක මහතා මාර්තු 29 වෙනිදා පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනරජ පෙරමුණ සමුළුවේ දී සඳහන් කළේය.

වත්මන් අර්බුදයෙහි කොටස් දෙකකි. පවුලේ ගැටලුව ඉන් එකකි. රණවක මහතා පෙන්වා දෙන්නේ, රටේ පවුල්වලින් සියයට 90 කට ආර්ථික අර්බුදය ඉතා අහිතකර ලෙස බලපා තිබෙන බවයි. ආදායම අඩු වී ඇති අතර වියදම තුන් ගුණයකින් වැඩි වී ඇත. රැකියා අහිමි වීම් රැසක් සිදූව ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා කියයි. ව්‍යාපාර බිඳවැටී තිබේ. ආදායම් වියදම් අසමතුලිත වී ඇත.

දෙවැන්න රටේ ප්‍රශ්නයයි. රටේ ද ආදායම් වියදම් අසමතුලිත වී ඇත. මෙම තත්වයෙන් රට මුදා ගැනීම සඳහා විධිමත් වැඩපිලිවෙලක් අවශ්‍ය බව රණවක මහතා පවසයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් යටතේ එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි. රටේ ආදායම වැඩි කළ යුතුය. ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි. ඒ සඳහා තරුණ ප්‍රජාව බල ගැන්විය යුතුය. ඔවුන්ගේ ඩොලර් උත්පාදන ශක්‍යතාව වැඩි කිරීම අතිශය වැදගත් වෙයි. මීට පෙර තාක්ෂණ නගර මගින් එවැනි වැඩපිළිවෙළක් සැලසුම් කළ ද, විරුවෙක් යැයි කියූ පුද්ගලයෙකු බලයට පත්කිරීමෙන් එම වැඩපිළිවෙළට බාධා මතු වූ බව රණවක මහතා සිහිපත් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;,

“ඉන්දියාවේ විදේශ ඇමතිතුමා එතුමාගේ කලින් විදේශ ලේකම් ජයශංඛර් මැතිතුමා. මෝදි අගමැතිතුමා 2014 මහා මැතිවරණය ජයග්‍රහණය කරලා ඉන්දියාවේ අගමැති වුණා. ඉන්දියාවේ අගමැති වුනහම එතුමාට ඇමරිකා එක්සත් ජනපදයට යන්න ඊට කලින් වීසා එක දුන්නේ නෑ. යුධ අපරාධකාරයෙක්, පැසිස්ට්වාදියෙක් කියලා. එතුමා ගියා ඇමරිකා එක්සත් ජනපදයට. ගිහිල්ලා එකේ ඉන්දියානුවන්ට කියලා මහා ජන හමුවක්; ඒ ජන හමුව පවත්වන්න කලින් මෝදි අගමැතිතුමා ජය්ශංඛර් මහත්තයාට උපදේශයක් තිබුණා. මොකක්ද?

අපේ මේ ඉන්දියානුවන් කෝටි තුනක් අද ලෝකය පුරා ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයෙ ඉන්නවා. මේ අය හැමෝගෙන්ම අපේ රට ඇතුලේ ආයෝජන බීජ වපුරන්න ඕනේ. රැකියා බීජ වපුරන්න ඕනේ. ඒ නිසා මට අවශ්‍යයි සෑම කෙනෙක්ගේම තොරතුරු. ඒ අය සෑම කෙනෙකුටම මේ ජයග්‍රහණ ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ඔබේ විදේශ අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුයි කියලා. ඒ අනුව අද මොකද වෙන්නේ? කේරළයේ ඉන්න තාක්ෂණ සේවා සපයන ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරිකයා කේරළයේ රැකියා හත් අටදාහක් ඇති කරනවා. තමිල්නාඩුවේ, ගූගල් එකේ ප්‍රධානියාත් තමිල්නාඩුවේ ඉංජිනේරුවෙක්. එයා 7000 ක් තමිල්නාඩුවෙන් හදනවා නව තාක්ෂණ සේවාවන්. මේ අයි ෆෝන් එක දැන් තමිල්නාඩුවේ හදනවා. තමිල්නාඩුව මතකද මෝඩි මහත්තයට විරුද්ධයි. තමිල්නාඩුවේ මහ ඇමති, මෝඩි මහත්තයත් එක්ක නැහැ. හැබැයි තාක්ෂණයෙන් ඒ තමිල්නාඩුව, කේරලය, කර්ණාටකය, අන්ද්‍ර ප්‍රදේශය නගිනවා.

ලංකාවටත් නගින්න පුළුවන්. මොකද ලංකාව ඊට වඩා උගත් මිනිස්සු ඉන්න තැනක්. අපේ මේ හතළිස් දෙලක්ෂයක් පිටරට ඉන්න මිනිස්සුන්ගෙන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, යුරෝපයේ, ජපානේ, කොරියාවේ ජීවත් වෙන ලාංකිකයන්ටයි අපි හොයලා කියනවද? අර සමහරු කියනවා වගේ වැඩියෙන් ඩොලර් පන්සීයක් එවන්නේ නැහැ. අපි මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුප නවත්තනවා. ඕගොල්ලෝ අපිට පන්සීයක් එවන්න.. ඒක නෙමෙයි අවශ්‍යතාව. අපේ රට තුළ තාක්ෂණ සේවා සපයන රැකියා දහයක් ඇති කරන්න පුළුවන්ද? සීයක් ඇති කරන්න පුළුවන්ද? දාහක් ඇති කරන්න පුළුවන්ද?

ඒ වගේම අපේ රට ඇතුලේ අලුත් තාක්ෂණ ක්‍රියාවලීන් ගොඩනගන්න ඒ අයගේ සම්පත් දායකත්වය කොහොමද ලබාගන්නේ කියන එකට අපිට වැඩපිළිවෙලක්. එදා 2014 ආරම්භ කරපු ඉන්දියාවේ ගමන කෙළවර වෙලා තියෙන්නේ අද කොහොමද? ට්‍රිලියන හතරක දැවැන්ත ආර්ථිකයක් ඉන්දියාවේ නිර්මාණය වෙනවා. කාවවත් ගණන් ගන්නේ නැති හැමෝම පිළිගන්න තාක්ෂණ බලයක් බවට පත්වෙනවා. මතක තියාගන්න යෝධ ඉන්දියාවට කෝටි තුනයි පිටරට ඉන්නේ. අපිට හතළිස් ලක්ෂයක් ඉන්නවා පිටරට. ඒ හතළිස් ලක්ෂය අපි පාවිච්චි කරනවා නං, රට මෙතනින් ඩොලර් උත්පාදනය කරන මැෂිමක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ වැඩපිළිවෙල අපි මෙතන යෝජනා කරනවා.”

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුනෙන් එකකට අඩු කළ හැකි බව ද රණවක මහතා පෙන්වා දෙයි.

වියදම අඩු කිරීමට ඉන් හැකියාව ලැබේ. රථවාහන භාවිතයද අඩු වන අතර, වියදම් අවම කිරීමට එය පිටිවහලකි. රාජ්‍ය සේවයේ කාර්යසාධනය වර්ධනය කළ යුතුය. කාර්යසාධනය මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් සැකසිය යුතු බව ද ඔහු යෝජනා කරයි.

මේ අතර ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත්, ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යයෙන් පැවැත්වෙන බවයි. එහිදී ජනතාව රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

මීට පෙර අවස්ථාවක රණවක මහතා කියාසිටියේ පුළුල් දේශපාලන සන්ධානයක් යෝජනා කළහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.