News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට... ඒත් උග්‍ර ආචාර්යවරු හිඟයක්

Mar 17, 2024 at 06:44 AM
|

නවතම Times Higher Education ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රීලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තරව පිලිගත්  ඉහළ ස්ථානයක රැදී පවතී. 

මෙහි කොලඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල 501-600 කාණ්ඩයේද කැලණිය විශ්ව විද්‍යාලය 801-1000 කාණ්ඩයේ ද රැඳී සිටී.

ලෝකය පුරා මේ වන විට වෛද්‍ය විද්‍යාල 4000කට ආසන්න ගණනක් පවතින අතර මෙහිදී University of East London , Massey University of New Zealand , University of Northumbria , University of Plymouth , Cardiff Metropolitan University , Aichi Medical University (Japan) ,University of Johannesburg  ආදී කීර්තිමත් විශ්ව විද්‍යාල ගණනාවක් පවා කොලඹ විශ්ව විද්‍යාලයට පහලින් ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටීම විශේශත්වයකි.

මේ මොහොත වන විට වෛද්‍ය පීඨ වලට රජයෙන් ලබා දෙන අරමුදල් සහ නව පර්යේෂණ  වලට ලබා දෙන පහසුකම් විශාල වශයෙන් කප්පාදු කර ඇති අතර ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු නොවිසඳුණු ගැටලු ගණනාවක් මධ්‍යයේ වුවත් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වල සැලකිය යුතු ස්ථානයක රැඳී සිටීම සතුටු විය යුතු කරුණකි.

නමුත් පාලකයන් තවදුරටත් රජයේ වෛද්‍ය පීඨ කඩා වැටෙන ආකාරයේ අරමුදල් කප්පාදු කිරීම් , රජයේ වෛද්‍ය පීඨ වලට අදාල රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබා දීම ආදිය ඉදිරියටත් සිදු වුවහොත් ලංකාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනයම දරුණු අගාධයකට යාමේ පෙර නිමිති පහළ වෙමින් තිබීම කණගාටුවට කරුණක්.

(NO PMC - For Free Education  පිටුවෙන් උපුටා ගන්නා ලදී) 

මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මෙරට තක්කඩි දේශපාලකයන්ගේ උදව්වෙන් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල දා ගැනීමට ඇතැමුන් ක්‍රියාකරමින් සිටින බවත්,  රජයේ වෛද්‍ය පීඨවල   උග්‍ර ආචාර්යවරු  හිඟයක් මතුවී තිබීම බරපතළ තත්ත්වයක් බවත් ය.

පහතින් දැක්වෙන්නේ මහජන යුතුකම් කේන්ද්‍රය විසින් මේ පිළිබඳව දක්වා ඇති අදහසයි.

"හැත්තෑව පැන්න වයසක මහාචාර්යවරු ආචාර්යවරු  කීපදෙනෙක්  මේ රට නැත්තටම නැති කරපු රටේ මිනිස්සු හිඟන්නෝ කරපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල දාගන්න ඕන උනාට  රජයේ වෛද්‍ය පීඨවල  උග්‍ර ආචාර්යවරු  හිඟයක් තියෙනවා. 

කොළඹ වෛද්‍ය පීඨයට වගේ පහසුකම් නැති හෝමාගම හොරණ හෝ පානදුර රෝහල්වලට  පෞද්ගලික වෛද්‍ය සිසුන්  500  ක්  පුහුණු කරන්න ආචාර්යවරු හා පහසුකම් කෝ....... 

අනික හෝමාගම කියන්නේ  රජයේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨ සිසුන් ඉගෙන ගන්න තැනක්.

පානදුර හොරණ කියන්නේත්  මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන් ඉගෙන ගන්න තැනක්.

සියලු අංග සම්පූර්ණ පහසුකම් තියෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  රෝහලට පවා  රෝගීන්  එන්න මැලිකමක් දක්වනවා  උපකරණ තිබුනට වැඩක් නෑ ප්‍රමිතිය තියෙන්න ඕන. 

පන්සියයක් පුහුණු කරන්න කොළඹ වගේ දෙගුණයක් රෝගීන් ඉන්න ඕන ඒ පහසුකම් තියෙන්න ඕන. 

එතකොට ඒ පහසුකම් දෙන්න රජයේ අනෙකුත් රෝහල් වට්ටල වහන්න  කටයුතු කරලද කරන්න වෙන්නේ. කෝ පුහුණු වෛද්‍යවරුආචාර්‍යවරු?. 

ඒවට ඉන්දියාවෙන්  ගෙන්වනවද ......රජයේ වෛද්‍ය පිඨ ටික වට්ටලා ඒකෙ ඉන්න අය ගන්නවද? 

තමන්ගේ කල්ල මරේ ගොඩදාගන්න රටේ මහජනතාවට බෙහෙත් කියල වතුර දුන්න සෞඛ්‍ය ඇමතිල සෞඛ්‍ය බලධාරීන් *ඉන්න රටේ  ප්‍රමිති ගත පෞද්ගලික වෛද්‍ය පීඨ  දාන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ...ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුයි. 

ඒකෙන්ම හිතාගන්න පුළුවන් ජාවාරම්කාරයන්ගේ වෙන්දේසිකාරයන්ගේ රට විකුණන ආකාරය උන්ට ප්‍රමිතිය වැඩක් නෑ. 

මතකනේ මෑතකදී ගැසට් එකක් ගැහුවා අපේ රටේ කුළුබඩු  වෙනුවට විදේශයන් වලින් බාල ඒවා ගෙනල්ලා අපේ තේ වලට කලා වගේ ප්‍රථි අපනයනය කරන්න. 

බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා ආවහම අප රටේ මිනිස්සුන්ට හරි සැපයි .....

ඒ විතරක් නෙමෙයි  කෝටි ගානක් වියදම් කරලා සුළු වැටුපකට දොස්තර කම ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ. 

ඊට වඩා හොඳයි මහ බැංකුවේ රැකියාවකට යනවා පොඩි ගානක් වියදම් කරලා. 

හරි හරි එට්කා අත්සන් කරයින් පස්සේ ඉන්දියාවෙන්  පේමන්ට් තුළ ඉන්න සහතිකේ විතරක් තියෙන නමට පමණක් බාල දොස්තරලා ගෙන්න ගන්න පුළුවන්. 

අපේ ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනය නිසා අපි ඉන්නේ ඉන්දියාවට වඩා ඉහල තැනක අපි 46 ඉන්දියාව 112.  

ගොඩක් වෙලාවට රටේ පාලකයන් හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ විසිනම වැනි ප්‍රාන්තය වුණාට කමක් නෑ කියලනේ. 

හරි හරි කලබල වෙන්න එපා 2048  දී දියුණු රටක්." 

- මහජන යුතුකම් කේන්ද්‍රය -

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.