News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට... ඒත් උග්‍ර ආචාර්යවරු හිඟයක්

Mar 17, 2024 at 06:44 AM
|

නවතම Times Higher Education ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රීලංකාවේ වෛද්‍ය පීඨ ජාත්‍යන්තරව පිලිගත්  ඉහළ ස්ථානයක රැදී පවතී. 

මෙහි කොලඹ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල 501-600 කාණ්ඩයේද කැලණිය විශ්ව විද්‍යාලය 801-1000 කාණ්ඩයේ ද රැඳී සිටී.

ලෝකය පුරා මේ වන විට වෛද්‍ය විද්‍යාල 4000කට ආසන්න ගණනක් පවතින අතර මෙහිදී University of East London , Massey University of New Zealand , University of Northumbria , University of Plymouth , Cardiff Metropolitan University , Aichi Medical University (Japan) ,University of Johannesburg  ආදී කීර්තිමත් විශ්ව විද්‍යාල ගණනාවක් පවා කොලඹ විශ්ව විද්‍යාලයට පහලින් ශ්‍රේණිගත කිරීම් වල රැඳී සිටීම විශේශත්වයකි.

මේ මොහොත වන විට වෛද්‍ය පීඨ වලට රජයෙන් ලබා දෙන අරමුදල් සහ නව පර්යේෂණ  වලට ලබා දෙන පහසුකම් විශාල වශයෙන් කප්පාදු කර ඇති අතර ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු නොවිසඳුණු ගැටලු ගණනාවක් මධ්‍යයේ වුවත් මෙවැනි ශ්‍රේණිගත කිරීම් වල සැලකිය යුතු ස්ථානයක රැඳී සිටීම සතුටු විය යුතු කරුණකි.

නමුත් පාලකයන් තවදුරටත් රජයේ වෛද්‍ය පීඨ කඩා වැටෙන ආකාරයේ අරමුදල් කප්පාදු කිරීම් , රජයේ වෛද්‍ය පීඨ වලට අදාල රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ලබා දීම ආදිය ඉදිරියටත් සිදු වුවහොත් ලංකාවේ සමස්ත වෛද්‍ය අධ්‍යාපනයම දරුණු අගාධයකට යාමේ පෙර නිමිති පහළ වෙමින් තිබීම කණගාටුවට කරුණක්.

(NO PMC - For Free Education  පිටුවෙන් උපුටා ගන්නා ලදී) 

මේ පිළිබඳව අදහස් දක්වමින් මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මෙරට තක්කඩි දේශපාලකයන්ගේ උදව්වෙන් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල දා ගැනීමට ඇතැමුන් ක්‍රියාකරමින් සිටින බවත්,  රජයේ වෛද්‍ය පීඨවල   උග්‍ර ආචාර්යවරු  හිඟයක් මතුවී තිබීම බරපතළ තත්ත්වයක් බවත් ය.

පහතින් දැක්වෙන්නේ මහජන යුතුකම් කේන්ද්‍රය විසින් මේ පිළිබඳව දක්වා ඇති අදහසයි.

"හැත්තෑව පැන්න වයසක මහාචාර්යවරු ආචාර්යවරු  කීපදෙනෙක්  මේ රට නැත්තටම නැති කරපු රටේ මිනිස්සු හිඟන්නෝ කරපු තක්කඩි දේශපාලනඥයොත් එක්ක එකතු වෙලා පෞද්ගලික වෛද්‍ය  විද්‍යාල දාගන්න ඕන උනාට  රජයේ වෛද්‍ය පීඨවල  උග්‍ර ආචාර්යවරු  හිඟයක් තියෙනවා. 

කොළඹ වෛද්‍ය පීඨයට වගේ පහසුකම් නැති හෝමාගම හොරණ හෝ පානදුර රෝහල්වලට  පෞද්ගලික වෛද්‍ය සිසුන්  500  ක්  පුහුණු කරන්න ආචාර්යවරු හා පහසුකම් කෝ....... 

අනික හෝමාගම කියන්නේ  රජයේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨ සිසුන් ඉගෙන ගන්න තැනක්.

පානදුර හොරණ කියන්නේත්  මොරටුව වෛද්‍ය පීඨයේ සිසුන් ඉගෙන ගන්න තැනක්.

සියලු අංග සම්පූර්ණ පහසුකම් තියෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  රෝහලට පවා  රෝගීන්  එන්න මැලිකමක් දක්වනවා  උපකරණ තිබුනට වැඩක් නෑ ප්‍රමිතිය තියෙන්න ඕන. 

පන්සියයක් පුහුණු කරන්න කොළඹ වගේ දෙගුණයක් රෝගීන් ඉන්න ඕන ඒ පහසුකම් තියෙන්න ඕන. 

එතකොට ඒ පහසුකම් දෙන්න රජයේ අනෙකුත් රෝහල් වට්ටල වහන්න  කටයුතු කරලද කරන්න වෙන්නේ. කෝ පුහුණු වෛද්‍යවරුආචාර්‍යවරු?. 

ඒවට ඉන්දියාවෙන්  ගෙන්වනවද ......රජයේ වෛද්‍ය පිඨ ටික වට්ටලා ඒකෙ ඉන්න අය ගන්නවද? 

තමන්ගේ කල්ල මරේ ගොඩදාගන්න රටේ මහජනතාවට බෙහෙත් කියල වතුර දුන්න සෞඛ්‍ය ඇමතිල සෞඛ්‍ය බලධාරීන් *ඉන්න රටේ  ප්‍රමිති ගත පෞද්ගලික වෛද්‍ය පීඨ  දාන්න පුළුවන් කියලා කවුරු හරි කියනවනම් ...ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතුයි. 

ඒකෙන්ම හිතාගන්න පුළුවන් ජාවාරම්කාරයන්ගේ වෙන්දේසිකාරයන්ගේ රට විකුණන ආකාරය උන්ට ප්‍රමිතිය වැඩක් නෑ. 

මතකනේ මෑතකදී ගැසට් එකක් ගැහුවා අපේ රටේ කුළුබඩු  වෙනුවට විදේශයන් වලින් බාල ඒවා ගෙනල්ලා අපේ තේ වලට කලා වගේ ප්‍රථි අපනයනය කරන්න. 

බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා ආවහම අප රටේ මිනිස්සුන්ට හරි සැපයි .....

ඒ විතරක් නෙමෙයි  කෝටි ගානක් වියදම් කරලා සුළු වැටුපකට දොස්තර කම ගන්න මිනිස්සුන්ට පිස්සුවක් නෑ. 

ඊට වඩා හොඳයි මහ බැංකුවේ රැකියාවකට යනවා පොඩි ගානක් වියදම් කරලා. 

හරි හරි එට්කා අත්සන් කරයින් පස්සේ ඉන්දියාවෙන්  පේමන්ට් තුළ ඉන්න සහතිකේ විතරක් තියෙන නමට පමණක් බාල දොස්තරලා ගෙන්න ගන්න පුළුවන්. 

අපේ ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනය නිසා අපි ඉන්නේ ඉන්දියාවට වඩා ඉහල තැනක අපි 46 ඉන්දියාව 112.  

ගොඩක් වෙලාවට රටේ පාලකයන් හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ විසිනම වැනි ප්‍රාන්තය වුණාට කමක් නෑ කියලනේ. 

හරි හරි කලබල වෙන්න එපා 2048  දී දියුණු රටක්." 

- මහජන යුතුකම් කේන්ද්‍රය -

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.