News Category
From Date
To Date
Maximum Number of Result

මව්බිම ජල විදුලියෙන් ආලෝකවත් කළ විමලසුරේන්ද්‍ර

Feb 26, 2024 at 10:36 AM
|

1874 සැප්තැම්බර් මස දාහත් වැනි දින ගාල්ල ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර උපත ලැබීය.

මීට වසර එකසිය තිස්හයකට පෙර 1874 සැප්තැම්බර් මස දාහත් වැනි දින ගාල්ල ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ දේව පුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව වූයේ දෝන ක්‍රිෂ්ටිනා ජයසිංහයි.

විමලසුරේන්ද්‍රගේ පියතුමා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප්‍රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබා සිටියේය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙක්ද විය. එදා එංගලන්තයේ වික්ටෝරියා මහා රාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට "මුහම්දිරම්" යන ගෞරව නාමය හිමිවී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර දක්ෂතා රැසක් පිරි දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය.

👉1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ අතින් පාසලේ දක්ෂතම ශිෂ්‍යාට හිමි ත්‍යාගයද දිනා ගැනීමට විමලසුරේන්ද්‍ර සමත්විය.

ඉන්පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත්‍ර සූත්‍ර, ආදර්ශයන් නිර්මාණය කොට ස්‌වකීය සහජ කුසලතාවන් දියුණු කර ගත්තේය. 

ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින් සමත් වූයේ ද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙකදී ඉන්දියාවේ පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන්පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරු වරයකු ලෙසින් සේවය කිරීමට අවස්‌ථාව ලැබිණි. 

👉1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ඝන වනාන්තරයෙන් වැසීගිය අධික සීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්රන්, මැණික්‌ වැනි ඛනිජ සම්පත් තිබේදැයි පරීක්‍ෂා කර බලා රජයට වාර්තා කිරීමයි. 

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංග්‍රීසීන් විසින් ලංකාවට අල්ලාගෙන එන ලද ඉංජිනේරු දැනුමක්‌ ඇතිව සිටි සිරකරුවෙකි.

මේ සිරකරුවා සමඟ කැලණි ගංගා නිම්නයේ රත්රන්, මැණික්, වැනි ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුණ විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්‌වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්‌ වූ ලක්‍ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි. ඊට පසු දිනෙක කෙහෙල්ගමු ගංගා නිම්නයේදී කෙහෙල්ගමු හෙවත් ඇබර්ඩීන් දිය ඇල්ල දැකගත හැකි විය.

මේ දිය ඇලි රිදී කඳන් ලෙස බිමට ඇද හැලෙන ආකාරය ඔවුහු බලා සිටියහ. මේ පොළොවෙහි රත්රං කෙසේ වෙතත් මේ දිය ඇල්ලේ නම් රත්රං තිබෙනවාමයි කියමින් දූරදර්ශීව විමලසුරේන්ද්‍ර සතුටින් තෙපලන්නට විය.

👉ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ්‍රමණය කරවීමෙන් විදුලිය බලය උපදවාගත හැකි බැව් විමලසුරේන්ද්‍රයන්ට අවබෝධ විය.

👉1924 දී විමලසුරේන්ද්‍රගේ ජල විදුලි බල යෝජනා ක්‍රමය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මතවී එහි වැඩ ආරම්භ විය.

 එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුකොට ගෙන මෙම ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. 

මෙය හරියාකාරව කරගෙන යැමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යqහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමලසුරේන්ද්‍රට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1931 දී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.

👉1950 දී කෙහෙල්ගමුඔය නෝර්ටන් ප්‍රදේශයේදී (අද විදුලිපුර) ගල්කඳු දෙකක්‌ අතර මහා කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකිරීමෙන් හරස් කරන ලදී. මහා ජල කඳ අඩි 9400 ක් තරම් දිග උමඟයක් තුළින් ඩබල්කටින් කන්දට යටින් ගමන්කොට කැළඹුම් ළිඳට වැටී එතැන් සිට නල මාර්ග හතරක්‌ දිගේ තවත් අඩි 6000 ක්‌ තරම් පහළට ගමන්කොට මස්කෙළිය ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරයේ තලබවන යන්ත්‍ර ක්‍රියාත්මක වෙයි. 

එය ලක්‌ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ පළමු පියවරයි.

ජල විදුලි බලය ලබාගත් මංගල මොහොතේදී විමලසුරේන්ද්‍ර ශූරීන්ට ඇතිවූ චිත්ත සන්තෘෂ්ඨිය වචනයෙන් කියා නිම කළ නොහැකි වූ බැව් එතුමා ප්‍රකාශ කර ඇත. ඒ මෙසේය. 

👉"මා විසින් සැළසුම් කොට ආරම්භ කරන ලද විදුලිබල යෝජනා ක්‍රමයේ අනාගත ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබී ගියද මගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ඵල නෙළා ගැනීම දැකගන්නට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳ මම උද්දාමයට පත්වෙමි. ප්‍රීතිවෙමි. සතුටුවෙමි. මා විසින් මීට වසර 50 කට පමණ පෙර අවලෝකනය කළ අරුණාලෝකය මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැක බලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක්‌ මම ලබන්නෙමි.

මීට වසර සියයකට පමණ පෙර සිහිනයක්‌ව පැවැති ජල විදුලි බලය පිළිබඳව විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස් කළහ. 

ලක්‌ෂපාන, නවලක්ෂපාන, විදුලිපුර, පොල්පිටිය. කැණියොන්. පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ, බලංගොඩ, කුකුලේගඟ, සමනළ හා කොත්මලේ ආදී ජල විදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර සියල්ලද විමලසුරේන්ද්‍ර චින්තනයේ ප්‍රතිඵල වන්නේය.

👉අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු, ඩීසල්, තෙල් ආදී ඉන්ධන නොයොදා ස්වාභාවික සම්පතක් වූ ජලයේ බලය උපයෝගි කරගෙන ජල විදුලිය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටය.

👉උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බුහැඩයේ වක්‌ දුම්රිය මාර්ගය සැළසුම් කිරීමත්, 

👉ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබාදීමත්, 

👉රත්නපුරයේ පිඟන් මැටියෙන් ශ්‍රී ලංකාව තුළ පිඟන් භාණ්‌ඩ නිෂ්පාදනයට කටයුතු කිරීමත්, 

👉රබර් ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට මඟපෙන්වා දීමත්. 

👉👉විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැළසුම් සකස්‌ කිරීමත් විමලසුරේන්ද්‍ර සූරීන්ගේ දක්‌ෂතාවලින් කීපයක්‌ පමණයි.

👉බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්‌ෂණය ද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමය වන්නේය.

චූඩාමාණික්‍යය සහිත අඩි විසිහතරක් උස් වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයට ද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට, ජාතියට, අමිල සේවයක් කළ විමලසුරේන්ද්‍ර සූරීන් 1953 දී අප අතරින් සදහටම සමුගත්තේය. ඒ වනවිට ඔහු 79 වැනි වියෙහි පසුවිය. 

👉විමලසුරේන්ද්‍ර සූරීන්ට උපහාරයක් වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය "විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය" නමින් නම්කර තිබේ.

- Indu Abenayake -




සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.