නාමල් රාජපක්ෂට අනුශාසනාවක්.!
“සතිය” සමාජ මාධ්‍ය පිටුවේ පලවූ වාර්තාවක් දුටුවෙමි..
නාමල් මෙසේ කීවා නම් ඔහුට අනුව එය සත්‍යය..
මක්නිසාද,
ඔවුනට අපගේ මාතෘ භූමිය හා අපගේ ජීවිත
සෙල්ලමකි.
විහිළුවකි.
විකිණීමට සුදුසු වෙළද භාණ්ඩයකි.
රතුපස්වල ජලය ඉල්ලූ මිනිසුන්ට මරණය ලබා දුන්නේ මොවුහු ය.
පාස්කු ප්‍රහාරය දා සිනාසුනු මුහුණින් මාධ්‍ය කාකච්ඡා තැබුවේ ද මොවුහු ය.
හම්බන්තොට වරාය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, ශ්‍රී ලංකා ගුවන් සේවය, ටෙලිකොම් සංස්ථාව, රටෙහි බලශක්තිය, මිල්කෝ කිරි සමාගම හරහා රටෙහි වටිනා ඉඩම්ද විදේශ සමාගම් වෙත විකුණා අපට බදුබර ගසා අපගේ ලේ උරා බොන යක්ෂයෝ මොවුහු ය.
ඉදින් ඔබ පමණක් නොව තම රට ජාතිය ආගම ගැන පම්පෝරි ගසා පාර්ලිමේන්තු ගිය බොහෝ දෙනාගේ නිරුවත ඔබගේ නිරුවත සේම ය.
මොහුගේ කියමනට අනුව නාමල්ගේ (Namal Rajapaksa)
මව වූ ශිරන්ති දූෂණය කරනවා කියා හෝ ඔහුගේ පියා වූ මහින්ද මරණවා යැයි යමෙක් කියතහොත් එය ද එය කිරීමට ඔහුට බලයක් නැති නිසා නොසලකා හැරිය යුතුය.
එසේ නම් සනත් නිශාන්ත මරණයට පත්වූ දා එම මරණය ගැන කියූ ප්‍රකාශයන් නිසා යම් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තේ කුමක් නිසාද.?
හරීන් බබෙකු හෝ සාමාන්‍ය සිවිල් මිනිසෙකු නොවේ.
ඔහු රටෙහි ඉඩම් හා සංචාරක අමාත්‍යවරයාය.
ඔහු විදේශීය සමුළුවකදී නියෝජනය කරන්නේ රටෙහි ජනතාව මිස ඔහු හෝ ඔහුගේ පවුල නොවේ.
එබැවින් වගකීමක් රහිතව ඔහු කටයුතු කරන්නේ නම් හා විහිළු සපයන්නේ නම් ඔහු අමාත්‍යවරයෙකු ලෙස නොව එදා රජ දවස රජ මාළිගාවේ සිටි කවටයා සේ,
“පාර්ලිමේන්කුවේ කවටයා”
ලෙස කටයුතු කිරීමට ඉඩදීම වටී.
එකී කවටයා රකින කුමරා සේ ඔබටද අභිෂ්ක විය හැකිය.
තම රට ජාතිය ආගම පෙරමුණට ගෙන විහාරස්ථානවල සිටින භික්ෂූන් ද රවටාගෙන සිදුකරන මජර දේශපාලනය දෙස අපි සබුද්ධිකව බලා සිටින්නෙමු.
රට ජාතිය සම්බුදු සසුන අනතුරෙහි ලා සිදුකළ හා මේ සිදුකරන විනාශයන්ට විපාක විදීමට ඔබට හා ඔබගේ සහචරයන්ට ඉතා නුදුරු දිනෙකම සිදුවනු ඇති.
කකුළුවා දිය රත්වන තුරු නර්තනයේ යෙදෙන්නේ යම්සේද ඔබලා ද නර්තනයේ යෙදී සිටිනු අපට මැනවින් පෙනේ..
වැරදි නිවැරිදි නොකරන්ගන්නේ නම් හා වරද කරනවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් ඔබගේ දේශපාලන පරිච්ඡේදය ද අපට ඉතා ඉක්මනින් නිමකරන්නට සිදුවන බවට මෙයින් අනතුරු අගවා සිටිනු කැමැත්තෙමි.
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි -

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්