News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෝ

Feb 18, 2024 at 07:22 PM
|

අපේ රටේ ඡන්ද දායකයින් මතු සඳහන් වන පරිදි වර්ග කළ හැකිය. ඔබ අයත්වන්නේ කුමන වර්ගයටදැයි මෙය විමසිල්ලෙන් කියවා බලා  සිතා බලන්න.

1. බලු

2. බළල්

3. කපුටු

4. ගෝත්‍රික

5. රූකඩ

6. මන්දබුද්ධික

7. නරුමවාදී

8. මානව හිතවාදී

අපි දැන් මේවා එකින් එක විග්‍රහ කර ගනිමු.

1. බලු ඡන්ද දායකයා

අපි බලමු බල්ලාගේ ගති පැවතුම් කොහොමද  කියල. බල්ලා ආදරය කරන්නේ හාම්පුතාටය. පදිංචි නිවසට උගේ ඇල්මක් නැත. හාම්පුතා තමා පදිංචි නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය හොත් බල්ලා ද තම ස්වාමියා සමග අලුත් නිවසට කැමැත්තෙන්ම යයි.  අලුත් නිවස කොහේ ගුබ්බෑයමක් වුවත් ඌට එය අදාල නැත. බලු ඡන්ද දායකයාට ද එම බලු ගතිය පිහිටා තිබේ. තම නායකයා පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට බැඳුනොත් බලු ඡන්ද දායකයා ද එම පක්ෂය අතහැර නායකයා සමග අලුත් පක්ෂයට යයි. එම පක්ෂයේ ප්‍රතිපත්ති සහ පරමාර්ථ ඔහුට අදාල නැත. ඔහු ඇල්ම දක්වන්නේ තම නායකයාටය.

 2. බළල් ඡන්ද දායකයා

බළලාගේ ගති පැවතුම් බල්ලාට වඩා හාත්පසින්ම වෙනස්ය. බළලා ඇල්ම දක්වන්නේ හාම්පුතාට නොව පදිංචි නිවසටය. හාම්පුතා එම නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය ද බළලා ඔහු සමග අලුත් නිවසට යාමට සූදානම් නැත. වෙනත් පවුලක් එම නිවසේ පදිංචියට පැමිණියහොත් ඔවුන් සමග පැරණි නිවසේම වාසය කරයි. බළල් ඡන්ද දායකයා ද ආදරය කරන්නේ තම නායකයාට නොව පක්ෂයටය. නායකයා පක්ෂය හැර ගිය පළියට ඔහු පක්ෂය හැර යන්නේ නැත. එය බළල් ඡන්ද දායකයාගේ බළල් ගතියයි.

 3. කපුටු ඡන්ද දායකයා

කපුටාට හාම්පුතෙක් හෝ නිශ්චිත නිවසක් නැත. කෑම කොතන ද ඌ එතැනය. කොතැනකට හෝ ගොස් කාගෙන් හෝ බඩ ගෝස්තරය සොයා ගැනීම උගේ ගතියයි. කපුටු ඡන්ද දායකයාට ද නිශ්චිත පක්ෂයක් හෝ නායකයෙක් නැත. ඔහු බලන්නේ ඔහුගේ වාසිය පමණි. අරක්කු කාලකට බත් පැකට් එකකට උදලු තලයකට ටකරමකට ඔහු යටවෙයි. රටට අනාගත පරම්පරාවට හෙන ගැහුවත් ඔහුට කම් නැත.

 4. ගෝත්‍රික ඡන්ද දායකයා          

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් ඡන්දය පාවිච්චි කිරීමේදී පෙරට ගන්නේ ජාතිය ආගම, කුලය, ගමේකම, නෑදෑකම, ආදී කාරණාය.

අපේ එකෙක් ඉහළට යන්න ඕනෑයි ඔහු සිතයි.

තාත්තාගෙන් පුතාට සැමියාගෙන් බිරිඳට අයියාගෙන් මල්ලීට නායකත්වය යා යුතුයැයි සිතීමද ගෝත්‍රික සංකල්පයකි. ඉන්දියාව ද ගාන්දියාවක් වූයේ ද එම රටේ ද ගෝත්‍රික ගති පැවතුම් ඇති බහුතරයක් සිටීම නිසාය.

5. රූකඩ ඡන්ද දායකයා

අපේ රටේ බොහොමයක් දෙනාට තමන් ඡන්දය දැමිය යුත්තේ කවරෙකුට ද කවර පක්ෂයකට ද යන්න ගැන ස්වාධීන මතයක් නැත. ඔවුන් කවරෙකුගේ හෝ බලපෑමකට යටවෙයි. බොහෝ දුරට මෙම තත්වයට පත්වී සිටින්නේ කාන්තාවන්ය. ඔවුන්ට දේශපාලනය ගැන උනන්දුවක් නැත. පත්තරයක් අතට ගත්තත් ඔවුන් තෝරා ගන්නේ කාන්තා තීරුවය. ඔවුන්ගේ  අවධානය යොමුවෙන්නේ හැට්ට පතොරමක් හෝ ඇඳුම් මෝස්තරයක් වෙතය. අවිවාහක කාන්තාවක් නම් ඡන්දය පාවිච්චි කරන්නේ තාත්තා කියන හැටියටය. විවාහක කාන්තාවක් නම් ස්වාමිපුරුෂයා කියන හැටියටය. වියපත් අම්මලා  ඡන්දෙ දමන්නේ දරුවන්ගේ මතයටය. මා මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද පොළකදී  සිදුවීමක් මගේ මතකයට නැගෙයි. එම ඡන්ද පොළට පැමිණි  එක්තරා වැඩිහිටි කාන්තාවක් මහත්තයෝ මගේ අත වෙවුලනවා මේකෙ කතිරෙ ගහල දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය. එවිට පිරිමි පෝලිමේ සිටි වැඩිහිටි පිරිමියෙක්  මහත්තයෝ ඔය මගේ පවුල. අහවලාට කතිරෙ ගහන්නැයි හඬනගා කීවේය. ඔහු ඡන්දය දැම්මාට පසු ඡන්ද පොළෙන් පිටතට යවා අර වැඩිහිටි කාන්තාවට ලං වී කතිරය ගහන්නට ඕනෑ කාටදැයි රහසින් ඇසුවෙමි. ඇය බොහොම රහසින්  ඒනම කීවාය. ඇයට කතිරය ගැසීමට වුවමනා වී තිබුණේ අහවලාට නොව අහවලීටය. සමහරු ආගමික නායකයින්ගේ රූකඩ බවට පත්වී සිටිති. තවත් සමහරු ප්‍රභූවරුන්ගේ රූකඩ බවට පත්වී සිටිති.

මගේ ඡන්ද මෙච්චරක් තියෙනවා ඒ ඔක්කොම අහවලාට කියමින් සමහරු කටමැත දොඩවන්නේ නිකන්ම නොවේ.

6. මන්දබුද්ධික ඡන්දදායකයා

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ  ලක්ෂණ හඳුනා ගැනීම පහසුය. ගායක ගායිකාවන් නලු නිලියන් ක්‍රීඩකයින්    ඉහළින්ම මනාප ලබා තේරී පත්වෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායිකයින්ගේ පිහිටෙනි. සමහරු ඡන්දය දැමිය යුතු අපේකෂකයා තෝරා ගැනීමේදී සැලකිල්ලට ගන්නා කරුණු වනුයේ ගංවතුර ආධාර බෙදීම, පවුලේ එකෙකුට රක්ෂාවක් දීම දුවගෙ කොටහලු මගුලට පැමිණීම  අවමගුලට පැමිණීම වැනි දේවල්ය.

7.නරුමවාදී ඡන්ද දායකයා

මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් සිටින්නේ ප්‍රකාශිත නොවූ  ඡන්ද සංඛ්‍යාවෙහි සහ නරක් වූ ඡන්ද සංඛ්‍යාවෙහිය. ඔවුහු ඡන්ද පොළට යාමට මැළිකමක් දකවති. ගියත් ඡන්ද පත්‍රිකාව කටුගා දමති. එහි කුණු හරුප ලියති. "අපට දේශපාලනෙන් වැඩක් නෑ. අපි හම්ඹකර ගත්තොත් තමයි අපි කන්නේ. ඔතෙන්ට ගිහිල්ලා පෝලින්වල රස්තියාදු වෙනවට වැඩිය  හොඳයි ඒ කාලෙ වත්තෙ මයියොක්ක දණ්ඩක් හිටව ගන්නෙක. ඔවුන් එල්බගෙන සිටින්නේ එවැනි ආකල්ප වලය. අපේ සෑම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයා බව ඔවුන්ට දැනෙන්නේ නැත. අපේ ගෙදර ලයිට් කීයක් පත්තු කරනවද අපි උයන්නෙ දරවලින් ද ගෑස්වලින්ද කරන්ට් එකෙන්ද   යන්න තීරණය කරන්නේ දේශපලකයාය. කොටින්ම කියනවා නම් අප තව දුරටත් මේ රටේ ඉන්නවාදැයි තීරණය කරන්නේ ද දේශපාලකයාය. ඡන්ද දායකයින් අතුරෙන් නරකම  වර්ගයේ ඡන්ද දායකයින්   මොවුන්ය.

8. මානවහිතවාදී ඡන්ද දායකයා

අද අපේ රට ආගාධයට වැටී තිබෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ හිගකම නිසාය. රට ගැන අනාගත පරම්පරාව ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්නේ මොවුන්ය.

ඔබත් එවැනි ඡන්ද දායකයකු වන්න.

(උපුටා ගැනිමකි)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.