
ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයෝ
අපේ රටේ ඡන්ද දායකයින් මතු සඳහන් වන පරිදි වර්ග කළ හැකිය. ඔබ අයත්වන්නේ කුමන වර්ගයටදැයි මෙය විමසිල්ලෙන් කියවා බලා සිතා බලන්න.
1. බලු
2. බළල්
3. කපුටු
4. ගෝත්‍රික
5. රූකඩ
6. මන්දබුද්ධික
7. නරුමවාදී
8. මානව හිතවාදී
අපි දැන් මේවා එකින් එක විග්‍රහ කර ගනිමු.
1. බලු ඡන්ද දායකයා
අපි බලමු බල්ලාගේ ගති පැවතුම් කොහොමද කියල. බල්ලා ආදරය කරන්නේ හාම්පුතාටය. පදිංචි නිවසට උගේ ඇල්මක් නැත. හාම්පුතා තමා පදිංචි නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය හොත් බල්ලා ද තම ස්වාමියා සමග අලුත් නිවසට කැමැත්තෙන්ම යයි. අලුත් නිවස කොහේ ගුබ්බෑයමක් වුවත් ඌට එය අදාල නැත. බලු ඡන්ද දායකයාට ද එම බලු ගතිය පිහිටා තිබේ. තම නායකයා පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට බැඳුනොත් බලු ඡන්ද දායකයා ද එම පක්ෂය අතහැර නායකයා සමග අලුත් පක්ෂයට යයි. එම පක්ෂයේ ප්‍රතිපත්ති සහ පරමාර්ථ ඔහුට අදාල නැත. ඔහු ඇල්ම දක්වන්නේ තම නායකයාටය.
2. බළල් ඡන්ද දායකයා
බළලාගේ ගති පැවතුම් බල්ලාට වඩා හාත්පසින්ම වෙනස්ය. බළලා ඇල්ම දක්වන්නේ හාම්පුතාට නොව පදිංචි නිවසටය. හාම්පුතා එම නිවස අතහැර වෙනත් නිවසක පදිංචියට ගිය ද බළලා ඔහු සමග අලුත් නිවසට යාමට සූදානම් නැත. වෙනත් පවුලක් එම නිවසේ පදිංචියට පැමිණියහොත් ඔවුන් සමග පැරණි නිවසේම වාසය කරයි. බළල් ඡන්ද දායකයා ද ආදරය කරන්නේ තම නායකයාට නොව පක්ෂයටය. නායකයා පක්ෂය හැර ගිය පළියට ඔහු පක්ෂය හැර යන්නේ නැත. එය බළල් ඡන්ද දායකයාගේ බළල් ගතියයි.
3. කපුටු ඡන්ද දායකයා
කපුටාට හාම්පුතෙක් හෝ නිශ්චිත නිවසක් නැත. කෑම කොතන ද ඌ එතැනය. කොතැනකට හෝ ගොස් කාගෙන් හෝ බඩ ගෝස්තරය සොයා ගැනීම උගේ ගතියයි. කපුටු ඡන්ද දායකයාට ද නිශ්චිත පක්ෂයක් හෝ නායකයෙක් නැත. ඔහු බලන්නේ ඔහුගේ වාසිය පමණි. අරක්කු කාලකට බත් පැකට් එකකට උදලු තලයකට ටකරමකට ඔහු යටවෙයි. රටට අනාගත පරම්පරාවට හෙන ගැහුවත් ඔහුට කම් නැත.
4. ගෝත්‍රික ඡන්ද දායකයා
මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් ඡන්දය පාවිච්චි කිරීමේදී පෙරට ගන්නේ ජාතිය ආගම, කුලය, ගමේකම, නෑදෑකම, ආදී කාරණාය.
අපේ එකෙක් ඉහළට යන්න ඕනෑයි ඔහු සිතයි.
තාත්තාගෙන් පුතාට සැමියාගෙන් බිරිඳට අයියාගෙන් මල්ලීට නායකත්වය යා යුතුයැයි සිතීමද ගෝත්‍රික සංකල්පයකි. ඉන්දියාව ද ගාන්දියාවක් වූයේ ද එම රටේ ද ගෝත්‍රික ගති පැවතුම් ඇති බහුතරයක් සිටීම නිසාය.
5. රූකඩ ඡන්ද දායකයා
අපේ රටේ බොහොමයක් දෙනාට තමන් ඡන්දය දැමිය යුත්තේ කවරෙකුට ද කවර පක්ෂයකට ද යන්න ගැන ස්වාධීන මතයක් නැත. ඔවුන් කවරෙකුගේ හෝ බලපෑමකට යටවෙයි. බොහෝ දුරට මෙම තත්වයට පත්වී සිටින්නේ කාන්තාවන්ය. ඔවුන්ට දේශපාලනය ගැන උනන්දුවක් නැත. පත්තරයක් අතට ගත්තත් ඔවුන් තෝරා ගන්නේ කාන්තා තීරුවය. ඔවුන්ගේ අවධානය යොමුවෙන්නේ හැට්ට පතොරමක් හෝ ඇඳුම් මෝස්තරයක් වෙතය. අවිවාහක කාන්තාවක් නම් ඡන්දය පාවිච්චි කරන්නේ තාත්තා කියන හැටියටය. විවාහක කාන්තාවක් නම් ස්වාමිපුරුෂයා කියන හැටියටය. වියපත් අම්මලා ඡන්දෙ දමන්නේ දරුවන්ගේ මතයටය. මා මැතිවරණ රාජකාරියේ යෙදී සිටි ඡන්ද පොළකදී සිදුවීමක් මගේ මතකයට නැගෙයි. එම ඡන්ද පොළට පැමිණි එක්තරා වැඩිහිටි කාන්තාවක් මහත්තයෝ මගේ අත වෙවුලනවා මේකෙ කතිරෙ ගහල දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය. එවිට පිරිමි පෝලිමේ සිටි වැඩිහිටි පිරිමියෙක් මහත්තයෝ ඔය මගේ පවුල. අහවලාට කතිරෙ ගහන්නැයි හඬනගා කීවේය. ඔහු ඡන්දය දැම්මාට පසු ඡන්ද පොළෙන් පිටතට යවා අර වැඩිහිටි කාන්තාවට ලං වී කතිරය ගහන්නට ඕනෑ කාටදැයි රහසින් ඇසුවෙමි. ඇය බොහොම රහසින් ඒනම කීවාය. ඇයට කතිරය ගැසීමට වුවමනා වී තිබුණේ අහවලාට නොව අහවලීටය. සමහරු ආගමික නායකයින්ගේ රූකඩ බවට පත්වී සිටිති. තවත් සමහරු ප්‍රභූවරුන්ගේ රූකඩ බවට පත්වී සිටිති.
මගේ ඡන්ද මෙච්චරක් තියෙනවා ඒ ඔක්කොම අහවලාට කියමින් සමහරු කටමැත දොඩවන්නේ නිකන්ම නොවේ.
6. මන්දබුද්ධික ඡන්දදායකයා
මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ ලක්ෂණ හඳුනා ගැනීම පහසුය. ගායක ගායිකාවන් නලු නිලියන් ක්‍රීඩකයින් ඉහළින්ම මනාප ලබා තේරී පත්වෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායිකයින්ගේ පිහිටෙනි. සමහරු ඡන්දය දැමිය යුතු අපේකෂකයා තෝරා ගැනීමේදී සැලකිල්ලට ගන්නා කරුණු වනුයේ ගංවතුර ආධාර බෙදීම, පවුලේ එකෙකුට රක්ෂාවක් දීම දුවගෙ කොටහලු මගුලට පැමිණීම අවමගුලට පැමිණීම වැනි දේවල්ය.
7.නරුමවාදී ඡන්ද දායකයා
මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින් සිටින්නේ ප්‍රකාශිත නොවූ ඡන්ද සංඛ්‍යාවෙහි සහ නරක් වූ ඡන්ද සංඛ්‍යාවෙහිය. ඔවුහු ඡන්ද පොළට යාමට මැළිකමක් දකවති. ගියත් ඡන්ද පත්‍රිකාව කටුගා දමති. එහි කුණු හරුප ලියති. "අපට දේශපාලනෙන් වැඩක් නෑ. අපි හම්ඹකර ගත්තොත් තමයි අපි කන්නේ. ඔතෙන්ට ගිහිල්ලා පෝලින්වල රස්තියාදු වෙනවට වැඩිය හොඳයි ඒ කාලෙ වත්තෙ මයියොක්ක දණ්ඩක් හිටව ගන්නෙක. ඔවුන් එල්බගෙන සිටින්නේ එවැනි ආකල්ප වලය. අපේ සෑම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයා බව ඔවුන්ට දැනෙන්නේ නැත. අපේ ගෙදර ලයිට් කීයක් පත්තු කරනවද අපි උයන්නෙ දරවලින් ද ගෑස්වලින්ද කරන්ට් එකෙන්ද යන්න තීරණය කරන්නේ දේශපලකයාය. කොටින්ම කියනවා නම් අප තව දුරටත් මේ රටේ ඉන්නවාදැයි තීරණය කරන්නේ ද දේශපාලකයාය. ඡන්ද දායකයින් අතුරෙන් නරකම වර්ගයේ ඡන්ද දායකයින් මොවුන්ය.
8. මානවහිතවාදී ඡන්ද දායකයා
අද අපේ රට ආගාධයට වැටී තිබෙන්නේ මෙම වර්ගයට අයත් ඡන්ද දායකයින්ගේ හිගකම නිසාය. රට ගැන අනාගත පරම්පරාව ගැන සිතා ඡන්දය පාවිච්චි කරන්නේ මොවුන්ය.
ඔබත් එවැනි ඡන්ද දායකයකු වන්න.
(උපුටා ගැනිමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
