
රනිල් වික්‍රමසිංහ කාගේ කවුද?
මාසික වැටුප් ලබන, අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නා මෙරට සුවහසක් වූ ජනතාවට අධික බරක් පටවමින් උපයන විට ගෙවන බදු (PAYE), අගය එකතු කිරීමේ බදු (VAT) සහ ජාතිය ගොඩ නැගීමේ බදු ආදී බදු කන්දක් ගොඩ ගසමින් ඒ බදු සංශෝධනයන් සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව යැයි නිදහසට කරුණු කියා අත පිසදා ගත් ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ලංකාවේ නිදහස් දිනය සැමරූ ඊයේ ඔහුගේ සමීපතම අරක්කු කසිප්පු මුදලාලිලාට ඉහළින්ම සහනයක් ලබා දී තිබෙනවා.
👉 වාර්ෂික ඉස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250 සිට ලක්ෂ 20 දක්වා අඩු කිරීම.
👉 නගර සභා බල ප්‍රදේශ තුළ මත්පැන් හල් පවත්වා ගෙන යාමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 125 සිට ලක්ෂ 8 දක්වා අඩු කිරීම.
👉 අනෙකුත් ප්‍රදේශවල මත්පැන් හල් පවත්වා ගෙන යාමේ වාර්ෂික ගාස්තුව ලක්ෂ 100 සිට ලක්ෂ 6 දක්වා අඩු කිරීම.
👉 පොල් රා බෝතල් කිරීම සඳහා වූ ලක්ෂ 100ක්ව පැවති වාර්ෂික ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කිරීම.
👉 තල් රා බෝතල් කිරීම සඳහා වූ ගාස්තුව ලක්ෂ 100 සිට ලක්ෂ 5 දක්වා අඩු කිරීම.
මෙරට රජයේ ආදායමෙන් විශාල පංගුවක් හිමි වී තිබෙන්නේ මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන ආශ්‍රිත බදු සහ ගාස්තුවලින්.
රනිල් වික්‍රමසිංහගේ යාලු බාර්කාරයෝ සැනසීඹ සඳහා ලබා දුන් වාර්ෂික ගාස්තු අඩු කිරීමෙන්
👉 නගර සභා බල ප්‍රදේශවල පිහිටි සුරා සල්වලින් (wine stores) වාර්ෂිකව රජය උපයා ගත් බලපත්‍ර ගාස්තු ආදායම 93%කින් සහ
👉 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පවත්වාගෙන යන සුරා සල්වලින් වාර්ෂිකව ලැබුණු ආදායම 95%කින් කප්පාදු කර ගෙන ඇත.
මෙරට සියලුම වයින් ස්ටෝස්ර් පාහේ නියම කර තිබෙන මිලට වඩා වැඩියෙන් යම් මුදලක් එකතු කර අය කරති. එසේ අයුතු ලාභයක් ලබා ගන්නා වයින් ස්ටෝර්ස් සඳහා රනිල් වික්‍රමසිංහ මේ සහනය සලසා දෙන්නේ රනිල් උන්ගේ එකෙකු නිසා ය.
මේ ආකාරයට යූඇන්පීයේ සජබයේ සහ පොහොට්ටුවේ හෙන්චයි අරක්කු මුදලාලිලා පිනවීම සඳහා රජයට ලැබෙමින් තිබුණු ස්ථීර ආදායමක් කප්පාදු කර ගැනීම මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් තම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ පුද්ගලික වැඩක් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද්දක් යැයි ඔබ විශ්වාස කරනවාද?
වැඩි දුරක් සිතීමේ අවශ්‍යතාවයක් නැත.
ලංකාවේ ජීවත්වීමට ජීවනෝපායක් නැති නිසා රටින් පිටවී ගොස් රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන පොඩි මිනිස්සුන්ගේ ගුවන් ගමන් බල පත්‍ර ගාස්තුව දෙගුණයක් කළ මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද මෙම අරක්කු පෙරීමේ සහ විකිණීමේ බලපත්‍ර ගාස්තු කප්පාදුව අනුව ඔහු කාගේ කවුදැයි ඉතාමත් හොඳින් පැහැදිලි වේ.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සකස් කෙරෙන්නේ පොඩි එකා චප්පං කර මිරිකා සූරා කෑමටත්, එලෙසින් ලබා ගන්නා මහජන ධනය උන්ගේ හෙන්චයියන් පිනවීමටත් බව තේරුම් ගැනීමට මීට වඩා තවත් උදාහරණයක් අවශ්‍ය නොවේ.
රටක පාලකයා සිටිය යුත්තේ ජනතාව වෙනුවෙනි.
නමුත් මුන් පත්වී සිටින්නේ උන්ගේ මැක්කන් වෙනුවෙන් පමණි. තවමත් මුන්ට කඩේ යන උගතුන් ගැන මට නම් දැන් තිබෙන්නේ වමනයට එන තරම් අප්පිරියාවකි.
- රවිනාත් විජේසේකර
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
