අනුරගේ ඉන්දියානු සංචාරය
⏩71/88/89 ඉන්දියානු ව්‍යාප්ත වාදය පිලිබඳව JVP පංති පහේදි ඉගැන් වූ න්‍යායන් දැන් කතා කර පලක් නැත. දැන් ලෝකය ඒ දේශසීමා මායිම් පිලිබදව තැකීමක් කරන්නේ නැත.
⏩එදා ඉන්දියානු හමුදාවට විරුද්ධව " වඳුරු හමුදාව පන්නමු " යන සටන්පාඨ ද අදට වලංගු නැත.
⏩ඉන්දියානු බඩු වික්ක සහ මිල දී ගත් අය මරා දැමූ අතීතයද අපට වැඩක් නැත.
⏩ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ වූවන් මරා දැමූ අතීතයද අපට වැඩක් නැත.
⏩" උමා ඔය හෑස් අ බිග් හිල්. ඕල්සෝ ෂංකර් සර් හම්බන්තොට හාබර් හෑව් අ වෙරි බිග් ගලක්. යූ නෝ ෂංකර් සර් දිස් ට්‍රවුෂර් ගිවන් මී ටු කඩවත ස්ටීවන් අයියා" යැයි අනුරගෙ භාෂාමය දැනුමද මට අදාල නැත.
⏩පිදෙල් ක්‍රැස්ත්‍රෝ ඩබල් පොකට් ෂර්ට් එකෙන් ඩෙනිමෙන් සම්පූර්ණ යුරෝපා ඇඳුමට මාරු වීම වැනි යල්පැන ගිය විවේචන ද මම කරන්නෙ නැත.
⏩තමන්ගෙ බිම් මට්ටමේ පාක්ෂිකයන් ඉදිරියෙ ව්‍යාජ සමාන පන්තියෙ රූපයක් මවා පෙන්නුවත් ජාත්‍යන්තරයට යාමෙදි එසේ පුහු බොලඳ කෙනෙක් විය යුතු යැයි මම කියන්නෙ නැත.
⏩ඇඳුම දුන්නෙ ජයශාන්ත අයියා ද..? වැනි ගොං ප්‍රශ්නද මම අහන්නෙ නැත..
එහෙත් මම මේ ටික කියමි. මේ ටික අසමි..
අනුර කුමාරලා සැබෑ දේශපාලනෙට ප්‍රවිශ්ඨ වන්නෙ දැන්ය. භූ දේශපාලනය හා ගැටෙන්නෙ දැන්ය. රාජ්‍යතාන්ත්‍රික භාවිතය ගැන අවබෝධ වන්නෙ දැන්ය.
මේ කුඩා දූපතේ සීමිත දූපත් මානසිකත්වයකින් පෙලෙන ගෝත්‍රිකයන් අන්දනවා සේ ලෝකයේ 05 වන ආර්ථික බලවතා ඇන්දවීම ලේසි නැත.
▶️උගන්ඩාවට ඩොලර් ගෙනියපු හැටි
▶️ලැම්බෝගිනි 19 කතාව
▶️කොළඹ වරාය නගරයෙ කළු ගල් පච
▶️හම්බන්තොට වරායෙ ගල
▶️උමා ඔයෙ හිල
▶️රාජපක්ෂලාගෙ හොරා කාපු ඩොලර් බිලියන 18
වැනි ටොම් පච ජාත්‍යන්තරයට අදාලම නැත. ඒවා ඔවුන්ට කියන්නට ගියොත් වෙන සන්තෑසියද අනුරලා හොඳට දනී.
එමෙන්ම...
ගෝලීය භූ දේශපාලනයෙ එකිනෙකාගෙ ආර්ථික සතුරන් වූ ඇමරිකා එක්සත් ජනපදය, චීන සමූහාණ්ඩුව, ඉන්දියාව සහ රුසියාව සමග ගණුදෙනු කිරීමේදි හරසුන් වචන පමණක් ප්‍රමාණවත් ද නැත.
අනුර කුමාර දිසානායක පසුගිය කාලයෙ දේශපාලන වේදිකාවෙ ඉන්දියාව සම්බන්ධයෙන් කල ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
🔸දොරෙ අප්පා ක්‍රීඩාංගනය අලුත් වැඩියා කිරීම ඉන්දියාව ඉල්ලුවා..
🔸කන්කසන්තුරේ වරාය අලුත්වැඩියා කිරීම ඉන්දියාව ගත්තා
🔸නිලාවෙලි මුහුදු තීරයෙ මනරම් අක්කර හතරක් ඉන්දියානු හොටල් සඳහා ලබා දුන්නා
🔸පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ලබා ගැනීමට බිරලා සමාගම උත්සහ කරා..
🔸ඉන්දියාව අපේ බලශක්ති වෙලඳපොලට ඇතුල් වෙන්න ආවා.
🔸අපේ රටේ තෙල් වෙළඳපොල අත්පත් කරගත්තා.
🔸තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම ඉන්දියාව ලබා ගත්තා
🔸මන්නාරම් ද්‍රෝනියෙ මෙගාවොට් 4000 ක සුලං බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතිය දෙන්න හදනවා අදානිට
🔸 ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදිය යුතුයි..
🔸පලාලි ගුවන්තොටුපළ නවීකරණය කිරීම ඉන්දියාව ලබා ගත්තා..
මට දැනගත යුතුම වැදගත් ප්‍රශ්ණයක් ඇත...
අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් හමු වූ විට එම විරෝධතා එහිදී ප්‍රකාශ කලාද...❓
තමන්ගෙ ආණ්ඩුවක් යටතේ ඉහත ව්‍යාපෘති ඉන්දියාවට නොදෙන බවත් දැනට දී ඇති ව්‍යාපෘති නැවත ලබා ගන්නවා යැයි පැවසුවා ද...❓
එදා ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවට කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය දුන්නා නම්, ඇමරිකාවෙ MCC ගිවිසුම අවලංගු නොකරා නාම් සමහරවිට ඔහු අදටත් මේ රටේ ජනාධිපතිය.
භූ දේශපාලනය අවබෝධ කර නොගෙන මේ රටේ දේශපාලනය කිරීම සිදුකළ නොහැකිය.
අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙනවාට මම පූර්ණකාලීන ජෙප්පෙකුටත් වඩා කැමතිය. ඒ මහපොළවෙ යථාර්ථය සහ ඔහුගේ කටේ නරි වාදමෙ වෙනස ඔහුගෙ සෙද්ද අස්සෙන් බේරෙන්නෙ එදාට බව මම දන්න නිසාය...
" ඉන්දියාව අපිට එයාර් ටිකට් එකත් අරගෙන දීලා. කන්නත් දීලා. බොන්නත් දීලා. එනගමන් වියදමට කියලා ඉන්දියන් රුපියල් 5000 කුත් සාක්කුවට දැම්මා " කියා අනුර මෙරටට ඇවිත් කියන්නට ද බැරි නැත. ඒවාට මේ රටේ සිටින සහෝදරයන් හුරේ ද දමනු ඇත.
- නිලන්ත සත්සර ගමගේ -
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්