News Category
From Date
To Date
Maximum Number of Result

අද වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන වෘත්තිය සමිති යහපාලන සමයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ බාල දොස්තරලා වෙනුවෙන් පෙනීසිටියේ මෙහෙමයි

Feb 1, 2024 at 12:31 PM
|

අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව  ඉල්ලන රවි කුමුදේශ්  ඇතුළු වෘත්තිය සමිති  යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටි බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

එම සංගමය මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් නිකුත් කළ ලිපිය පහළින්...

රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් ශයිලොක්ස්ගේ මස් රාත්තල ඉල්ලන බටහිර සෞඛ්‍ය වෘත්තීය මාෆියාව 

අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව  ඉල්ලන රවි කුමුදේශ්  ඇතුළු වෘත්තිය සමිති  යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටියා.  

ජීවත්වීමට බැරි තරමට මේ රට මේ තත්ත්වයට පත්කරන ලද්දේ සෞඛ්‍ය සේවකයන් නොවේ. 

එබැවින් රටේ මහජනතාව සුවපත් කිරීමට කටයුතු කරන සෑම සෞඛ්‍ය සේවකයෙකුටම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබිය යුතුව ඇත. 

වර්තමාන වැටුප ඔවුන්ට ජීවත් වීමට තරම්  සරිලන නොවන බව රහසක් නොවේ. 

එහෙත් තම වෘත්තීයමය  තත්ත්වයට  නොගැලපෙන විධායක මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වූ බටහිර වෛද්‍යවරුන්ට පමණක් ලබාදෙන දීමනාවක් ඉල්ලීම කොතරම් විහිළු සහගතදැයි ඔවුන් සිතිය යුතුව ඇත. 

අදාළ දීමනාව  රජයේ විධායක නිලධාරීන්ට සහ බටහිර වෛද්‍යවරුන්ට සමාන දේශීය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට පවා ලබාදී නොමැත. 

රෝහලේ සුළු සේවකයාගේ සිට වෛද්‍ය නොවන අනෙකුත් වෘත්තීන් දක්වා On Call  සේවාවක් ඇත්දැයි අප ඔවුන්ගෙන් හිනා නොවී විමසිය යුතුව ඇත. 

ඔවුන් නියෝජනය කරන අදාළ වෘත්තීය සමිති රුපියල් විසි දහසේ දීමනාවේ එල්ලී සිටියා මිස  ඔවුන්ට DAT දීමනාව ඉල්ලුවේ නැත  එසේ ඉල්ලා සිටීමට හැකියාවක් ද නොමැත. 

වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාව නොව සෞඛ්‍ය සේවයේ තමන්ටද  ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේ නම් වෛද්‍යවරුන්ද එයට සහය දෙනු ඇත. 

තමන්ට හිමි නැති නොලැබෙන දීමනාවක් මුල් කරගනිමින් රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගැනීම  කොතරම් සදාචාරද යන්න හදවත් ඇත් නම් ඔවුන්ගේ මොළයට වැටහෙන්නේ නැතිද?. 

අතීත කරුණු ද රැගෙන  අදාල වෘත්තීය සමිති නායකයන් ක්‍රියාත්මක වන්නේ දේශපාලන බළල් අතක් ලෙසද යන්න විමසා බැලීම  ඉතාමත් වටිනා කාලෝචිත දෙයකි.

පසුගිය යහපාලන සමයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එරෙහිව මෙරටේ වෛද්‍ය සිසුන් සහ නිදහස් සෞඛ්‍ය සේවය අගයන විශාල පිරිසක් කටයුතු කරද්දී  එයට එරෙහිව කටයුතු කල  පිරිස කවුරුන්ද යන්න නැවත සිහියට ගත යුතුව ඇත. 

එදා රාජිතගේ  පාලන සමයේ මෙරට සෞඛ්‍ය සේවය විනාශ කරන සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන සුදුස්සන්ට නොව නුසුදුස්සන්ට තැන ලබා දෙන උසස් පෙළ අසමත් පාලකයන්ගේ දරුවන් සිටි මාලබේ සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සෞඛ්‍ය සේවයේ  සුළු වෘත්තිය සමිති කිහිපයක් හැර  සියල්ල රාජිත වෙනුවෙන් කතා කළේය. වැඩ කළේය.

අද වෛද්‍යවරුන් වෙනුවෙන් කතා කරන වෛද්‍ය බෙල්ලන පවා සිටියේ සෞඛ්‍ය විනාශ කරන පැත්තේය. 

රවි කුමුදේශ් , සමන් රත්නප්‍රිය ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවුල් සෞඛ්‍ය  නිලධාරීන්ගේ සංගමය  රටේ සෞඛ්‍ය විනාශ කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙනුවෙන් පෙනී සිටියේය. 

එදා ඔවුන් පෙනී සිටියේ රටේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් නොව පෞද්ගලික මුදලාලිලා වෙනුවෙනි. 

එයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූ අවස්ථාවේ සිය ගණනක් වෛද්‍ය සිසුන් තුවාලව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඊට පසු දිනම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට  රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ ක්‍රියාවලියට එරෙහිව ඉහත වෘත්තීය සමිති උද්ඝෝෂණය කළ බව ඔවුන්ට අමතකව ඇත.

කණගාටුවට කරුණ වන්නේ එදා ගුටි කෑ සිසුන්ගේ බහුතරයක් රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් නොව හෙදියන්ගේ පවුල් සේවිකා නිලධාරීන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දරුවන් වීමයි. 

 තමන්ගේ පැලැන්තියේ දරුවන්ට රජය විසින් අමානුෂික ලෙස ප්‍රහාරය එල්ල කිරීම එදා ඔවුන් අනුමත කළේ එසේය. 

 අද ද එම වෘත්තීය සමිති නායකයන් තමන්ගේ වෘත්තීය සගයන්ද පාවාදෙමින්  රෝගීන් ප්‍රාණ ඇපයට තබමින් ක්‍රියාකරමින් සිටින්නේ එදාට නොදෙවෙනි වූ කරුණක් වෙනුවෙන් බව රටේ මහජනතාව පමණක් නොව අදාළ වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද දැනගත යුතුව ඇත. 

එසේම මේ රටේ සෞඛ්‍යයට ආදරය කරන බහුතරයක් ජනතාවට  අතීතය අමතකව ගොස් නැති බව අදාළ පාර්ශ්ව දැනගත යුතුව ඇත. 

වෛද්‍යවරුන්ට DAT දීමනාව කොටසක් වැඩි කිරීමෙන් පමණක් බුද්ධිගලනය නැවැත්විය නොහැක. 

එසේම වෛද්‍යවරුන්ට හා සියලු සෞඛ්‍ය සේවකයන්ට ආර්ථික යුක්තිය ඉටු කළ යුතු බව අප තරයේ විශ්වාස කරමු.  

- මහජන යුතුකම් කේන්ද්‍රය -

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.