ලංකාවේ වෙනත් ආගම්වලට නැති බුදු දහමට විතරක් ඇති ප්‍රශ්න
👉 ලංකාවේ බුදුදහමට අමතරව හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදි තවත් ආගම් කීපයක්ම තිබේ.
👉 ඔවුන්ගේ ආගමික ග්‍රන්ථවලද අප දන්නා සාමාන්‍ය යථාර්ථයෙන් ඔබ්බට ගිය අත්භූත සිදුවීම් ගැන කතන්දර ඕනෑ තරම් තිබේ.
👉 නමුත් ඒ කිසිවෙකු තමන්ගේ ආගමික ග්‍රන්ථවල හෝ ආගමික සාහිත්‍යයේ එන දේවල් විද්‍යාත්මකදැයි ප්‍රශ්න අසන්නේ නැත.
👉 එම ආගම්වල පූජකයන් එවැනි බාල රැඩිකල් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේද නැත.
👉 ඒ කිසිවෙක් තමන්ගේ ආගම් හේතුවාදීකරණය කිරීමට, භෞතිකවාදී කිරීමට උත්සාහ දරන්නේ නැත.
👉 එම ආගම්වල නායකයන්ද තමන්ගේ ආගමික කරුණු ගැන පරස්පර මත ඉදිරිපත් කරමින් සමාජ මාධ්‍යවල ගහමරා ගන්නේද නැත.
👉 ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආදී මේ කිසිදු ආගමක ආගමික නායකයන් හෝ අනුගාමිකයන් තමන්ගේ ආගම්වලට අපහාස කරන්නේද නැත.
👉 පුද්ගලයන් කීප දෙනෙකු කරන වැරදි උලුප්පා පෙන්වමින් එයින් සමස්ත ආගමික සංස්ථාවම හෑල්ලුවට ලක් කිරීමක් ඔවුන් අතින් කිසිදා සිදුවන්නේ නැත.
👉 පූජකයන්ගේ ලෝගු සුනඛයන්ට පෙරවන, මත් ද්‍රව්‍ය ගැන ස්ත්‍රීන් ගැන සමාජ මාධ්‍යවල පම්පෝරි ගසන මානසික රෝගීන් මේ කිසිදු ආගමක නැත.
👉 එවැනි බාල වැඩ මහා වීර වික්‍රමයන් ලෙස සලකා එවැනි දෑ කරන පුද්ගලයන්ව සමාජ මාධ්‍යවල එක රැයින් වීරයන් කරන, ඇත්ත කතා කරන පට්ට පොරක් වැනි කොමෙන්ටුවලින් ඔවුන්ට සංග්‍රහ කරන අඳබාල සංස්කෘතියක් අන් කිසිදු ආගමක නැත.
👉 බුදු දහමට මෙන් අන් කිසිදු ආගමක අයට තමන්ගේ පූජනීය සිද්ධස්ථාන රැකගැනීම සඳහා උසාවි ගාණේ රස්තියාදු වෙමින් සටන් වදින්නට සිදුව නැත.
👉 අන් කිසිදු ආගමක් අදහන්නන්ට තමන්ගේ ආගමික සංස්කෘතික අයිතිය වෙනුවෙන් පෙනී සිටීම නිසා ජාතිවාදී ලේබල ඇලවෙන්නේ නැත.
👉 බුදුදහමට මෙන් ලංකාවේ අනෙක් ආගම්වලට අභ්‍යන්තරයෙන් හෝ බාහිරින් සංවිධානාත්මක ප්‍රහාර එල්ල වන්නේද නැත.
👉 නමුත් බුදු දහමට ඇතැම් අන්‍යාගමිකයෝ, නිරාගමිකයෝ, වාමාංශිකයෝ, හේතුවාදියෝ, බෞද්ධයෝ ඇතුළු සියල්ලෝ එක්ව පහර දෙන අතර, භික්ෂූන් වහන්සේලා මෙන්ම භික්ෂූ වේෂධාරීහු පවා දැන හෝ නොදැන මේ කටයුත්තට තම දායකත්වය සපයති.
👉 කාලයක් තිස්සේ ලංකාවේ බුදුදහම මුහුණ දී ඇති ඉරණම මෙවැන්නකි. අද ඊට අදාළ තවත් පිළිකුල් සහගත සිදුවීම් වේගයෙන් පෙළගැසෙමින් තිබේ.
👉 ලොකුම ඛේදවාචකය වන්නේ මේ සියල්ලට බෞද්ධ සමාජයෙන්ම සැලකිය යුතු සහයෝගයක් හිමිවීමය.
👉 බෞද්ධයා තුළ ඇති චින්තන නිදහස, බෞද්ධ සංස්කෘතිය තුළ ඇති ලිහිල් සහනශීලී ප්‍රතිපත්ති අද බෞද්ධයාටම පාරාවළල්ලක් වී ඇත්තේ එසේය.
👉 මේ තත්ත්වය සහ මීට අදාළ දිග කතාව නිසි පරිදි කියවා ගැනීම මේ මොහොතේ අප හමුවේ ඇති ප්‍රමුඛතම අභියෝගයක් නොවේද?
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්