ජනාධිපතිට පිස්සුද...? දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද..?
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
එහි සඳහන් එක් ප්‍රධාන කරුණක් වන්නේ ,
"මනෝගත හෝ ශාරීරික දුර්වලතාවයක් හේතුවෙන් ජනාධිපති ධුරයේ කාර්යයන් ඉටු කිරීමට ස්ථිර වශයෙන්ම අපොහොසත් වීම" (Permanent incapacity) යන්නයි.
තේරෙන සිංහලෙන් කියනවා නම් ජනාධිපතිවරයාට පිස්සු නම් ඔහු ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළම ඇත..
රටක පාලකයා යනු ජනතාවගේ දේපළ, අනාගතය සහ රටේ ස්වෛරීභාවය බාරව සිටින භාරකරුවාය. ඔහු පවසන වචනයක් වචනයක් පාසා රටේ ආර්ථිකය, ජාත්‍යන්තර සබඳතා සහ නීතියේ ආධිපත්‍යය තීරණය වේ.
නමුත්, අද වන විට අප සිටින්නේ සිතාගත නොහැකි මට්ටමේ ඛේදවාචකයකය.
තමන්ගෙම ප්‍රකාශ නිසා රටක නායකයෙක් මෙහෙම පීචං වුණ වෙනත් කාලයක් මගේ ජීවිත කාලෙටම මතක නැත.
පසුගිය කාලසීමාව පුරාම අනුර වේදිකාවල සහ මාධ්‍ය ඉස්සරහා කී ටොං පච දෙස බලන විට ඒවා සාමාන්‍ය දේශපාලන පොරොන්දු මට්ටමෙන් ඔබ්බට ගිය, කිසියම් බරපතල මානසික වියවුලක ලක්ෂණ බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
මනෝ වෛද්‍ය විද්‍යාවේදී තමන් විසින්ම නිර්මාණය කරගත් අසත්‍ය කතාන්දර දිගින් දිගටම පැවසීම ව්‍යාධිජනක ලෙස බොරු කීම (Pathological Lying / Mythomania) ලෙස හඳුන්වයි.
ඇතැම් විට Narcissistic වැනි පෞරුෂත්ව ආබාධ (Personality Disorders) සහිත පුද්ගලයන් තමන් අන් අයට වඩා උසස් බව පෙන්වීමට සහ ප්‍රශංසා ලැබීමටද මෙලෙස අසත්‍ය ප්‍රකාශ කරනවා..
අනුරගෙ හැසිරීම් දෙස බලන විට අපට පෙනෙන්නේද මෙම ව්‍යාධිජනක තත්ත්වයයි..
අනුර දෙන පොරොන්දු ඉටුකිරීමට අය වැයෙන් මුදල් වෙන් කර නැත.. කැබිනට් පත්‍රිකා නැත.. ඇත්තේ හන්දි ගානෙ කියමින් යන පච පමණි..
උදාහරණ කිහිපයක් ගමු..,
• "තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා!"
• "කැම්පස් 50ක් හදනවා!"
• "වැව් 450ක් හදනවා!"
• "ඉස්පිරිතාල 1000ක් හදනවා!"
ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇති මනුස්සයෙකුට වැටහෙන සරල ඇත්තක් ඇත.
එනම්, රටක මෙවැනි දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නම් ඊට අදාළ විෂයභාර අමාත්‍යාංශ මඟින් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් වී, කැබිනට් අනුමැතිය ලැබී, වාර්ෂික අයවැය ලේඛනයෙන් මුදල් වෙන් විය යුතුය.
නමුත් මේ කියන කිසිදු ව්‍යාපෘතියකට අයවැයෙන් ශත පහක් වෙන් කර නැත. කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැත.
කිසිදු මූල්‍ය හෝ ආයතනික පදනමකින් තොරව, හිස් අහස දෙස බලා මෙවැනි ඉලක්කම් සහ සංඛ්‍යාලේඛන මැෂින් ගන් එකකින් වෙඩි තියන්නාක් මෙන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ කෙසේද..?
පිස්සෙකුට හැර පියවි සිහියෙන් සිටින අයෙකුට එසේ කළ හැකිද...?
දේශපාලන විද්‍යාවට අනුව මෙය හුදෙක් බොරු කීමක් නොවේ..
මෙය පශ්චාත්-සත්‍ය දේශපාලනය (Post-Truth Politics) සහ දේශපාලන ගෑස්ලයිටින් (Political Gaslighting) තත්වයකි..
ජනතාවට තමන් වටහා ගන්නා ආර්ථික යථාර්ථය පිළිබඳවම සැකයක් ඇති කරමින්, ව්‍යාජ දත්ත සමාජගත කර සත්‍ය කුමක්දැයි වෙන්කර හඳුනා ගැනීමට ඇති හැකියාව අවුල් කිරීම මෙහි අරමුණයි.
මේ සෙල්ලම ලංකාවේ ඩෝබින් ඇන්දවීමට හොඳ වුවත්, ජාත්‍යන්තරය ඉදිරියේ පවා අපේ රට මෙයින් බරපතල ලෙස හෑල්ලුවට ලක්වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ගෝලීය ආයතන රටක ආර්ථික දර්ශක සහ මූල්‍ය විනය දෙස බලන්නේ ඉතා සූක්ෂ්මවය.
රටේ රාජ්‍ය නායකයා කිසිදු අයවැය ප්‍රතිපාදනයක් හෝ කැබිනට් අනුමැතියක් නැති, මවාගත් හිස් සංඛ්‍යාලේඛන වදින මැෂිමක් වන විට, එයින් පෙන්නුම් කරන්නේ රටේ පාලනය සතු මූල්‍ය අස්ථාවරත්වය සහ අවිධිමත් භාවයයි.
.
මෙය මානසික ව්‍යාධියක් සහ ව්‍යවස්ථාපිත අබලතාවයකි
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට මෙම කරුණු ප්‍රමාණවත්ය..
එනම් එහි සඳහන් ප්‍රධාන කරුණක් වන "මනෝගත හෝ ශාරීරික දුර්වලතාවයක් හේතුවෙන් ජනාධිපති ධුරයේ කාර්යයන් ඉටු කිරීමට ස්ථිර වශයෙන්ම අපොහොසත් වීම" (Permanent incapacity) යන්න පදනම් කරගෙනයි.
දත්ත සහ සංඛ්‍යාලේඛන විකෘති කරමින්, පවතින ආර්ථික සහ සමාජයීය යථාර්ථයන් සම්පූර්ණයෙන්ම අමතක කරමින්, තමන් විසින්ම මවාගත් මනඃකල්පිත ලෝකයක ඉලක්කම් සමාජගත කිරීම "මනෝගත දුර්වලතාවයක" (Mental Incapacity) උපරිම ලක්ෂණයකි.
රටේ සමස්ත ජනතාවම නොමඟ යවමින්, ව්‍යවස්ථාපිත ආයතන උල්ලංඝනය කරමින් සිදුකරන මේ "පච දේශපාලනය" පදනම් කරගෙන ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂයට පූර්ණ අයිතියක් ඇත.
2/3 ක බහුතරයක් ඇති අනුරගෙ ආණ්ඩුව දෝෂාභියෝගය ජය ගනු ඇත.
එහෙත්...
මෙම දෝෂාභියෝගය ඉතිහාසගත ලියවිල්ලක් වනු ඇත.
දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී කථානායකවරයා විසින් එය භාරගත් සැණින්, ජනාධිපතිවරයා රට රැවටීමට කියූ සියලුම පච, ඉලක්කම් නිල වශයෙන් හැන්සාඩ් (Hansard) ගත වේ.
එය සදාකාලික නිල රාජ්‍ය ලේඛනයක් බවට පත් වේ.
එවිට, මේ රට පාලනය කළේ සාමාන්‍ය සිහිකල්පනාවක් ඇති නායකයෙක් නොව, කිසිදු පදනමක් නැති ඉලක්කම් වදින මනෝගත රෝගියෙක් නොහොත් "පිස්සෙක්" බව ඉතිහාසය තුළ සදාකාලිකවම ලියවෙනු ඇත.
ජනතාවගෙ විඥානය මේ අයුරින් කෙලෙසන පාලකයන්ට එරෙහිව ව්‍යවස්ථාපිතව ගත හැකි උපරිම ක්‍රියාමාර්ගය ගත යුත්තේ එබැවිනි.
- නිලන්ත සත්සර ගමගේ
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි