
බොරුව ඇත්ත කරන ලංකාවේ ජනමාධ්‍ය සම්ප්‍රදාය ගැන හෙළිකරන තවත් කතාවක් - ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට
ශ්‍රී ලාංකීය දන්ත වෛද්‍යවරියක් වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පැරණි පෙම්වතා යැයි හඳුනාගත් පුද්ගලයකු නෝර්වේ පොලීසිය විසින් පසුගිය (06) දා අත් අඩංගුවට ගෙන තිබූ පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර තිබිණි.
නෝර්වේ එල්වෙරුම් ප්‍රදේශයේ රෝහලක් අසලදී පසුගිය අඟහරුවාදා (02) මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, වරදරාජන් රාඝවි නැමති 30 හැවිරිදි දන්ත වෛද්‍යවරියකි. ඇය විදේශගතවීමට පෙර යාපනයේ පදිංචිව සිටි තැනැත්තියක් බවත් එහි වාර්තා කර තිබිණි.
ඇගේ පැරණි පෙම්වතා වූ නෝර්වේ ජාතිකයෙකුගෙන් විවිධ හිරිහැවලට ලක්වන බවට නෝර්වේ පොලීසිය වෙත ඇය පැමිණිලි කීපයක්ම මීට පෙර ඉදිරිපත් කොට තිබූ බව එම පුවතේ සටහන්ව තිබූ අතර, ඔහු පිළිබඳව විස්තරාත්මක තොරතුරක් එහි දක්වා නොතිබිණි.
එල්වෙරුම්හි ජීවත් වූ ඇය තම පවුලේ සාමාජිකයෙකු බැලීම සඳහා ප්‍රාදේශීය රෝහලකට යන අවස්ථාවේ දි රෝහලෙන් පිටත ඇගේ මෝටර් රථය තුළ දී ඇයට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබුනේ ඇයගේ මාස කීපයක් ඇසුරු කළ දමිළ පෙම්වතා යයි කීමට මෙම ලිපිය පළ කල ලියුම්කරු කිසිම විටකදී උත්සාහ ගෙන නැත.
මිනී මැරුම සිදුකළ පුද්ගලයා නොර්වීජියානු ජාතිකයෙක් යයි පැවසීම තුළින් ලිපිය කියවන අයෙකුට ගම්‍ය වන්නේ ඔහු පාරම්පරිකව පැවත එන නෝර්වීජියානුවෙක් ලෙසය. එමෙන්ම මෙම මරණය සිදු කළ පුද්ගලයාද පසුදිනම මිය ගොස් ඇති අතර ඔහුව උසාවියට ඉදිරිපත් කිරීමක් සිදු වී නැති බවත් වාර්තා වේ.
තරුණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය අතර තුවාල ලබා සිටි තරුණයාට පියවි සිහිය ලද පසුව නෝර්වේ පොලීසිය විසින් ලබා ගන්නා ලද ප්‍රකාශයකින් පසුව ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව ලියුම්කරු සඳහන් කර තිබුනද මරණය සිදුකළ පුද්ගලයා ඊට පසුදිනම මියගිය බවට මෙහි කිසිඳු සඳහනක් කර නැත.
මේ හේතූන් නිසාම ලංකාවේ ජනමාධ්‍ය විසින් බොරුව සත්‍යයක් කරන ක්‍රමය මනාවට පැහැදිලි වන පුවතක් ලෙස මෙම පුවත දැක්විය හැකි බවයි විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ.
පළවී තිබූ අදාළ පුවත පහළින්...
ලාංකික වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
