ධනවාදී AI පරදින්නේ ඇයි?..
මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
දැන් තියෙන ප්‍රධාන පෙළේ හැම මබමාවක් ම එක ම මට්ටමක තමයි තියෙන්නේ. හැබැයි, චීන මාදිලි ලාබයි. ඒ වගේ ම, ඒවා ලව්වා යම් යම් විශේෂිත වැඩ කරවාගන්නත් පුළුවන්.
උදාහරණ කීපයක් කියන්නම්.
Zai කියන්නේ “චින්තන දාම” (පියවර වෙන් කරගැනීම, තර්ක කිරීම, විසැඳුම් හොයාගැනීම) වැඩවලට ම විශේෂීකරණය කරපු මාදිලියක්. අලුත් බෙහෙත් හදනවා වගේ වැඩක් ගැන හිතන්න. රෝගයක නිධානය හොයාගෙන, ඒ නිධානය පරද්දවන්න පුළුවන් මූලික ද්‍රව්‍ය හඳුනාගෙන, ඒ මූලික ද්‍රව්‍ය වැඩි දියුණු කරලා, සත්ත්ව පර්යේෂණ වගේ ඒවාට යොමු කරවලා, සායනික අත්හදා බැලීම්වලට යොමු කරවලා, අනුමැතිය ලබාගෙන, නිෂ්පාදනය කරනවා කියන්නේ චින්තන දාම ක්‍රියාදාමයක්. මෙන්න මෙහෙම චින්තන දාම වැඩවලට Zai මාදිලිය හොඳයි.
Kimi මාදිලිය “සංවිධානගත වෙච්ච නියෝජිත ජාලයක්” විදිහටයි විශේෂීකරණය කරලා තියෙන්නේ. මෙහෙම මාදිලියකින් නිශ්චිත ඩිජිටල් පරිසරයක තියෙන බහු-නියෝජිත වැඩ සමුදායක් කරවාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, මංගත සාප්පු වෙබ් අඩවියක් ගැන හිතන්න. මෙහෙම පද්ධතියක ඉන්න එක ඒජන්තයෙක් භාණ්ඩ මිල ගණන් ගැන සළකා බලනවා. තවත් ඒජන්තයෙක් පාරිභෝගිකයාට උපදෙස් දෙනවා. තවත් කෙනෙක් ඇණැවුම් බාරගන්නවා. මේ ඒජනත්යෝ හැම කෙනෙක් ම එකිනෙකා එකිනෙකා එක්ක කතා කරලා හොඳ ම විදිහට වැඩේ කරලා දෙනවා. Kimi මාදිලිය එහෙම එකක්.
වැඩක ප්‍රමාණයේ හැටියට Alibaba මාදිලිය හැඩගස්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ පරිශීලකයන් ප්‍රමාණය, දත්ත ප්‍රමාණය කොච්චර වැඩි වුනත් ඉක්මනින් ම ඒ තත්ත්වයන්ට ගැලැපෙන විදිහට සාර්ථකව මේ මාදිලිය ලොකු මහත් කරගන්න පුළුවන්. මෙහෙම වෙනස් කරගත්තා කියලා මාදිලියේ ගුණාත්මකභාවයවත් වේගයවත් අඩුවෙන්නේ නෑ. ඉතින් ව්‍යාපාර කරන අය දෙපාරක් හිතන්නේ නැතුව මේ මාදිලිය පස්සෙන් යන්න පෙළැඹිලා. අපිට අවශ්‍ය AI මාදිලි, දත්ත කට්ටල (Datasets) සහ AI උපාංග (Tools) නොමිලේ බෙදන Hugging Face වේදිකාවෙන් වැඩිපුර ම බාගත කරගෙන තියෙන මාදිලිය බවටත් Alibaba මාදිලිය පත්වෙලා.
කොහොම වුනත්, ඇමෙරිකාවේ AI බිස්නස් එකට උදව් කරන ලොකු සාධකයක් තියෙනවා. ඒ තමයි AI පාරිභෝගිකයන්ට බලහත්කාරකම් කිරීමේ හැකියාව. තමන්ගේ රටේ අයටත් අනිත් රටවලටත් බලපෑම් කරවලා චීන මාදිලි පාවිච්චිය වළක්වන්න ඇමෙරිකාවට පුළුවන්. ඒත් මේක දීර්ඝ කාලීනව කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මීට කලින් ඇමෙරිකාව BYD සමාගම, කපු, චීන සූර්ය පැනල සහ චීන පුනර්ජනනීය බලශක්ති විසඳුම් සම්බන්ධයෙනුත් මෙහෙම බලපෑම් කළා. ඒත් ඒ බලහත්කාරකමක් ම අසාර්ථක වුණා.
බටහිර යටත්විජිත රටවල්වල ඉන්න වහල්ලුත් ඇමෙරිකාවේ AI මාදිලි වර්ණනා කරනවා. ඒවා සුපිරියි, ඒවා එක්ක කාටවත් හැප්පෙන්න බෑ කියලා හිතනවා. ඉතින් ඒ කස්ටමර් බේස් එකත් ඇමෙරිකාවට තියෙනවා. ඒත් කවුරු වුනත් නොමිලේ සහ අඩු මිලට තමන්ගේ වැඩ කරවාගන්න කැමැතියි. යටත්විජිත වහල් රටවල්වල ආර්ථික මට්ටමත් පතුළට ම හිඳිලා තියෙන හින්දා ඒ රටවල්වල අයට දිගට ම මිල අධික ඇමෙරිකානු AI මාදිලි පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ අයත් අකැමැත්තෙන් වුනත් චීන මාදිලිවලට හැරෙන එක වළක්වන්න පුළුවන්කමක් නෑ.
මේ කාරණයට අදාළව, ඇමෙරිකාවේ බලශක්ති ජාලයේ සහ කාර්මික පද්ධතියේ තියෙන සීමා ගැනත් සළකා බලන්න වෙනවා. බඩජාරී ධනපති ක්‍රමය යටතේ AI බුබුලක් ඇතිවෙලා පුපුරායෑමේ විශාල ඉඩකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඇමෙරිකානු AI බිස්නස් එක අර්බුදයකට ගොදුරුවෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ.
සමාජවාදය කියන්නේ ධනවාදයට වඩා හුඟක් උසස් දේශපාලන - ආර්ථික පද්ධතියක් කියලා තං ශියාඕ-පිං කියලා තියෙනවා. නිෂ්පාදන බලවේග ශක්තිමත් කරලා තරඟයට දැම්මාම චීනයට ඉතාමත් පහසුවෙන් ඕනෑ ම රටක් අභිබවා යන්න පුළුවන් කියලා ඔහු කිව්වා. ඒ මහා දැක්මේ, පුරෝකථනයේ ඇත්ත අපි අද දකිනවා.
- කසුන් කාරියවසම්
(මුහුණු පොතින් උබුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?