News Category
From Date
To Date
Maximum Number of Result

පුරාණ පෙරදිග පුරාණ දැනුම ගවේෂණයට ජීවිතයම කැප කළ සුප්‍රකට බටහිර විද්‍යාඥයා..

Jul 20, 2026 at 02:19 PM
|

නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.

ඔහු වෘත්තියෙන් ජීව රසායන විද්‍යාඥයෙක් වුවද පසුකාලීනව ඔහු සිය විද්‍යාත්මක දැනුමද පදනම් කරගනිමින් පෙරදිග ලෝකය පිළිබඳ සුවිශේෂී අනාවරණයන් සිදු කළ ඉතිහාසඥයෙක් බවට පත් වෙයි. ඔහුගේ ඓතිහාසික කාර්යභාරය වූයේ පුරාණ චීනයේ පැවති සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය ඉතා ගැඹුරින් ගවේෂණය කිරීමය. ඔහු ඒ ඔස්සේ පුරාණ චීනයේ විද්‍යාත්මක දැනුම් සම්භාරය කෙතරම් පුදුම සහගතද? නූතන ලෝකයේ විද්‍යාත්මක දැනුම නිර්මාණය කිරීමට පුරාණ චීනය කෙතරම් දායකත්වයක් සැපයුවේද? යන්න සාක්ෂි සාධක සහිතව පෙන්වා දුන්නේය. ඔහුගේ දැවැන්ත පර්යේෂණය අද දැවැන්ත වෙළුම් හතකින් යුත් පොත් විසි හතක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. මේ ලිපියේ අරමුණ ජෝශප් නීඩ්හැම්ගේ කතාව සැකෙවින් ඉදිරිපත් කරමින් දැනුම පිළිබඳ සංවාදයට එහි අදාළත්වය පෙන්වා දීමය.

මහා සොයාගැනීම් හතරක් සහ සිය ගණනක්

මානව ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට අතිශය තීරණාත්මක දායකත්වයක් දැක්වූ සොයාගැනීම් හතරකි. ඒ මාලිමාව, වෙඩි බෙහෙත්, කඩදාසි හා මුද්‍රණ තාක්ෂණය යන සොයාගැනීම් හතර වන අතර ලෝකය මේවා හඳුන්වනුයේ Four Great Inventions යන පොදු නාමයෙනි. අතීතයේදී මේ සියල්ල බටහිර ලෝකයේ නිර්මාණ බවය බොහෝ දෙනා විශ්වාස කළද, මේ නිර්මාණ හතරම චීනය විසින් සොයා ගත් දෑ බව මුලින්ම ලෝකයට අනාවරණය කරනුයේ ජෝශප් නීඩ්හැම් විසිනි. කාල වකවානු පිළිබඳ වාද විවාද පැවතියද ඔහු දළ වශයෙන් පෙන්වා දුන් පරිදි…

මාලිමාව පිළිබඳ බටහිර ලෝකයෙන් තොරතුරු වාර්තා වනුයේ ක්‍රි.ව. 12 දී වුවද චීනය මාලිමාව සොයාගෙන ඇත්තේ ක්‍රි.පූ. දෙවැනි සියවසේය.

බටහිර ලෝකය වෙඩි බෙහෙත් සොයාගෙන ඇත්තේ ක්‍රි.ව. 12 -13 සියවස්වල වුවද චීනයේ වෙඩි බෙහෙත් ගැන ඉතිහාසය ක්‍රි.ව. 9 දක්වා ඈතට දිවෙයි.

බටහිර ලෝකයේ කඩදාසි භාවිතය ක්‍රි.ව. 10 දී පමණ සිදු වුවද චීනයේ කඩදාසි ක්‍රි.ව. 3 වන සියවසට අයත් වේ.

බටහිර ලෝකයේ මුද්‍රණ තාක්ෂණය ක්‍රි.ව. 10 වන සියවසට අයත් වන අතර, චීනයේ මුද්‍රණ තාක්ෂණයේ ඉතිහාසය ක්‍රි.ව. 3 වන සියවස දක්වා විහිදෙයි.

මීට අමතරව ලෝකයේ පැරණිතම භූ කම්පන මානය, පැරණිතම යාන්ත්‍රික ඔරලෝසුව, සේද රෙදි, පෝසිලේන් පිඟන් භාණ්ඩ, තේ වගාව, සරුංගලය, දත් බුරුසුව, මුදල් නෝට්ටු භාවිතය, කුඩය, උණුසුම් වායු බැලුන්, විල්බැරෝව, පැඩල් සහ රෝද සහිත බෝට්ටු, ආරුක්කු පාලම්, වැල් පාලම්, ගිනි පෙට්ටිය, ගිනි කෙළි, අත්බෝම්බ ඇතුළු චීනය විසින් කළ තවත් සොයාගැනීම් සිය ගණනක් පිළිබඳ කරුණු ඔහු ලෝකයට අනාවරණය කොට තිබේ. ඇත්තෙන්ම මේවා පුරාණ චීනයේ නිර්මාණ බව අදටත් අපේ රටේ බොහෝ දෙනා නොදන්නා කරුණකි. මේ කියන්නට යන්නේ මේ සියල්ල පිටුපස සිටි විශිෂ්ට මිනිසාගේ කතාවය.

ඉතිහාසඥයෙකු වූ රසායන විද්‍යාඥයා

ජෝශප් නීඩ්හැම් යනු බටහිර ලෝකයේ බෙහෙවින් ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට චරිතයකි. චීනයේ පැරණි දැනුම ගැන කළ සොයා ගැනීම්වලට අමතරව ඔහු තව කෘති ගණනාවක් රචනා කොට තිබේ. ඔහු වර්ෂ 1900 දෙසැම්බර් 9 වැනිදා ලන්ඩනයේදී උපත ලැබීය. වෛද්‍ය අධ්‍යාපනය ලැබූ නීඩ්හැම් 1925 වසරේ බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් වූ Gonville and Caius College ආයතනයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. පසුව ඔහු ඒ විශ්වවිද්‍යාලයේම ජෛව රසායන දෙපාර්තමේන්තුවේ රැකියාවකට බැඳිණි. මේ අතරේ 1937 දී චීන විද්‍යාඥයෝ තිදෙනෙක් කිසියම් අධ්‍යයන කටයුත්තක් සඳහා කේම්බි්‍රජ් සරසවියට පැමිණියෝය. මේ තිදෙනා අතර එක් අයෙක් කාන්තාවක් වීම ඉතිහාසයේ සුන්දර අහම්බයකි. ලූ වෙයි ජෙන් (Lu Gwei-djen) නමැති මේ කාන්තාව ජෝශප්ට මුලින්ම චීනය ගැන උනන්දුවක් ඇති වීමටද හේතුවක් බව කියැවෙයි. ලූ හමුවන විට ජෝශප් විවාහකයෙකි. ඇත්තෙන්ම මේ දැනුම් ගවේෂණය පිටුපස අසම්මත ආදර කතාවක්ද සැඟවී තිබේ.

මේ අනුව මෙකී චීන විද්‍යාඥයන් හා ඇති වූ සම්බන්ධය මත නීඩ්හැම් මුලින්ම චීනයට පා තබා ඇත්තේ 1943 වසරේදී බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයට අනුබද්ධ රැකියාවක් සඳහාය. එහිදී ඔහු චීන භාෂාව උගෙන ඇති අතර, වසර හතරක් පමණ චීනයේ ගත කිරීමෙන් පසු 1946 දී නැවත බි්‍රතාන්‍යයට ගොස් තිබේ. මේ චීනයේ ගත කළ මේ කාලය පුරාම ඔහු තමන්ගේ රැකියාවට අමතරව කළ තවත් දෙයක් වූයේ චීනයේ පුරාණ දැනුමට අදාළ මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක සාධක කන්දරාවක් අධ්‍යයනය කිරීමය. ලූ වෙයි ජෙන් ඇතුළු චීන විද්වතුන් ගණනාවක් ඔහුගේ පර්යේෂණ කටයුතුවලට සිය දායකත්වය ලබාදී තිබේ.

කෙසේ වුවද මෙය කිසිසේත්ම අවුරුදු හතරකින් හමාර වූ පර්යේෂණයක් නොවේ. අවුරුදු හතර ඊට අදාළ මූලික තොරතුරු ඒකරාශී කරගැනීමට පමණි. නීඩ්හැම් එතැනින් පසු බි්‍රතාන්‍යයට ගොස් තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සිදුකළේ මේ තොරතුරු පිළිබඳ වැඩි විස්තර අඛණ්ඩව අධ්‍යයනය කිරීමය. කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය, බි්‍රතාන්‍ය රාජකීය සමිතිය, යුනෙස්කෝ ආයතනය, රොකෆෙලර් පදනම වැනි ආයතන නීඩ්හැම්ගේ පර්යේෂණවලට අවශ්‍ය අනුග්‍රහය ලබාදී තිබේ. නීඩ්හැම් මෙයට මූලිකත්වය ගත් නමුදු මෙය ඔහුගේ තනි පුද්ගල වෑයමක්ද නොවේ. එය ලෝකයේ විවිධ රටවල විද්වතුන් ගණනාවකගේ දායකත්වයෙන් දියත් වූ මහා පරිමාණ ව්‍යාපෘතියකි. මේ අනුව චීනය පිළිබඳ ජෝශප් නීඩ්හැම්ගේ ගවේෂණ මාලාවේ පළමු කෘතිය 1954දී ප්‍රකාශයට පත්වෙයි. එය Introductory Orientations නම් වෙයි. එතැන් සිට ඔහු විවිධ කාලවල තමන්ගේ පර්යේෂණයට අදාළ කෘති 27ක් ප්‍රකාශයට පත් කළ අතර, මේවා පහත දැක්වෙන ආකාරයට ප්‍රධාන වෙළුම් හතක් යටතේ ගොනු කර තිබේ.

Vol. 1 – Introductory Orientations (1954)

Vol. 2 – History of Scientific Thought (1956)

Vol. 3 – Mathematics and the Sciences of the Heavens and Earth (1959)

Vol. 4 – Physics and Physical Technology (1962 – 1971)

Vol. 5 – Chemistry and Chemical Technology (1974 – 1988)

Vol. 6 – Biology and Biological Technology (1986 – 2000)

Vol. 7 – The Social Background (1998 – 2004)

මේ ඇතැම් වෙළුම්වල ප්‍රකාශිත කාලය වසර කිහිපයක පරාසයක් ලෙස දක්වා ඇත්තේ, ඒ වෙළුමට අදාළ විවිධ කෘති ප්‍රකාශයට පත් වූ කාලය සැලකිල්ලට ගනිමිනි. මෙහි අවසාන කෘතිය ප්‍රකාශයට පත්ව ඇත්තේ ජෝශප් නීඩ්හැම්ගේ මරණින් පසුව වන අතර, ඔහු 1995 ජීවිතයෙන් සමු ගැනීමෙන් පසු වෙනත් අය විසින් අදාළ කෘතියේ වැඩ අවසාන කර තිබේ.

පොත්වල තිබුණු පුදුම කරුණු

මේ පොත් මගින් පුරාණ චීනයේ පැවති ගණිත ක්‍රම, භූ විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව, ඉන්ජිනේරු ශිල්ප ක්‍රම, ඉදිකිරීම් තාක්ෂණය, නාවුක තාක්ෂණය, යුද තාක්ෂණය, රසායනික නිෂ්පාදන, කෘෂි කර්මාන්තය, ආහාර තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව, ඖෂධ නිෂ්පාදනය, රෙදි නිෂ්පාදනය, කැනීම් කටයුතු, භාෂාව, සාහිත්‍ය, දර්ශනවාදය වැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අනාවරණය කර ඇති කරුණු සම්භාරය ඇත්තෙන්ම විස්මිතය. මීට අමතරව චීනය විසින් සොයාගත් විවිධාකාර නව නිර්මාණ, ඔවුන් ලෝකයට දායාද කළ නොයෙක් මෙවලම්, ඔවුන් විසින් හඳුන්වා දුන් නව තාක්ෂණ ක්‍රමවේද, යන්ත්‍ර සූත්‍ර ගණනාවක් ගැන ජෝශප් නීඩ්හැම් කරුණු අනාවරණය කර තිබේ. මේවා ගැන වැඩිදුර විස්තර සෙවීමට නීඩ්හැම්ගේ බරසාර කෘති මාලාව සොයාගෙන කියවීම අත්‍යවශ්‍ය කරුණක් නොවේ. මෙහි මා පෙන්වා දී ඇති මූලික කරුණු ඔස්සේ සරලව අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද මේ පිළිබඳ බොහෝ තොරතුරු ඕනෑම අයෙකුට පහසුවෙන් සොයාගත හැකිය. මේ ලිපිය ඒ සඳහා මූලික ඉඟි සැපයීමක් පමණි.

නීඩ්හැම්ගේ මේ පර්යේෂණ සඳහා බටහිර රටවල්ද අරමුදල් සපයමින් නොයෙක් ආකාරයෙන් දායකත්වය ලබා දී තිබේ. චීනය අදට වඩා ආර්ථික ශක්තිය අතින්, විද්‍යාත්මක දැනුම අතින් ඉතා දුප්පත් මට්ටමක සිටි හතලිහ පනහ දශක තුළ බි්‍රතාන්‍යය වැනි රටවලින් ලැබුණු අනුග්‍රහය මේ ගවේෂණයට වැදගත් පිටුබලයක් වන්නට ඇතැයි සිතිය හැකිය. බටහිර ලෝකය විසින් අනෙක් ශිෂ්ටාචාරවල දැනුම විනාශ කිරීම, යටපත් කිරීම පිළිබඳ පැහැදිලි උදාහරණ බොහෝය. එහෙත් එය සෑම තැනකටම සරලව ගලපාලිය හැකි සමීකරණයක් නොවේ. දැනුම විනාශ කළ අවස්ථා මෙන්ම ගවේෂණයට හා සංරක්ෂණයට ඔවුන් මැදිහත් වූ අවස්ථාද බොහොමයක් තිබේ. ජෝශප් නීඩ්හැම්ගේ සොයාගැනීම් ගැන බොහෝ දෙනා අගය කළා සේම ඒවාට ශාස්ත්‍රීය මට්ටමින් නොයෙක් විවේචනද එල්ල වී තිබේ. ඕනෑම මතවාදයක් ඉදිරිපත් කරන අයෙකුට එවැනි විවේචන එල්ල වීම සාමාන්‍ය තත්ත්තවයකි. එය කිසිම ආකාරය වරදක්ද නොවේ. එසේ වුවද ඒ සියලු වාද විවාද මැද ජෝශප් නීඩ්හැම් විසින් සිදුකළ කාර්යභාරය අද්විතීය වන්නකි.

අසම්මත ආදරය පළ දරයි

ජෝශප් නීඩ්හැම්ට චීනය පිළිබඳ උනන්දුවක් ඇති වීමට හේතු වූ විශේෂ කාන්තාවක ගැන මේ ලිපිය ආරම්භයේ දී සඳහන් කළ බව ඔබට මතක ඇත. ලූ වෙයි ජෙන් නම් වූ ඇය තම ජීවිත කාලය පුරාම නීඩ්හැම්ගේ පර්යේෂණ සඳහා අඛණ්ඩව සිය දායකත්වය ලබාදී තිබේ. නීඩ්හැම් ගැන ලියැවී ඇති ඇතැම් මූලාශ්‍ර තුළ මේ අසම්මත ආදරය ගැන සැක සංකා මතු කර තිබුණද එය සැබෑවක් බව සනාථ වන්නේ ජීවිතයේ සැන්දෑ සමයේදී මේ දෙදෙනා යුග දිවියටද එළැඹීම නිසාය. 1989 නීඩ්හැම්ගේ පළමු බිරිඳ වූ ඩොරතිගේ (Dorothy Moyle) මරණින් පසු ලූ වෙයි ජෙන් ජෝශප් නීඩ්හැම් සමඟ විවාහ දිවියට එළැඹුණාය. එසේ වුවද ඒ විවාහ ජීවිතය වසර දෙකක් වැනි කෙටි කාලයකට සීමා වූයේ විවාහයෙන් වසර දෙකකට පසු ලු වෙයි ජෙන් මරණයට පත්වීම නිසාය. මේ විවාහය සිදුවන විට නීඩ්හැම්ගේ වයස අවුරුදු 89කි. ලූ වෙයි ජෙන්ගේ වයස අවුරුදු 85කි. ලූ වෙයි ජෙන්ගේ අභාවයෙන් වසර හතරකට පසු එනම් 1995 මාර්තු හතර වැනිදා ජෝශප් නීඩ්හැම්ද තම දිවියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු 95කි. කෙසේ හෝ වේවා ඔහු සිය වසර 95ක ජීවිත කාලයෙන් වසර පනහක්ම වැය කළේ වසර 5000ක් වයසැති පුරාණ ශිෂ්ටාචාරයක අභිමානය ලෝකයට පෙන්වා දීමේ ශ්‍රේෂ්ඨ යුග මෙහෙවර උදෙසාය. එතැනින් නොනැවතී දැනුම පිළිබඳ බටහිර කේන්ද්‍රිය කථිකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් නූතන විද්‍යාවේ සංවර්ධනයට පෙරදිග ලෝකයේ දායකත්වයෙන් බිඳක් හෝ ලෝකයට පෙන්වා දීම සඳහාය. එහෙයින් ජෝශප් නීඩ්හැම්ගේ නාමය කිසිදා මානව ඉතිහාසයෙන් මකා දැමිය හැක්කක් නොවේ.

දැනුම සහ හීනමාන ලාංකිකයා

අප ශ්‍රී ලංකාවේ පැරණි දැනුම ගැන එක වචනයක් හෝ කතා කරන විට එය ඉවසා දරා සිටීම පවා අසීරු විශාල පිරිසක් අපේ රටේ සිටිති. එවැනි අය බටහිර විද්‍යාඥයන් විසින්ම චීනයේ පැරණි දැනුම ගැන කියූ දේවල් දැන සිටීම වැදගත් විය හැකිය. ලෝකයේ සියලුම දැනුම ශ්‍රී ලංකාවේ මුලින්ම නිර්මාණය වූ බව කියමින් මෙරට ජාතිකවාදීන් උදම් අනන බවට ඇතැම්හු සමච්චල් සහගතව චෝදනා කරති. එහෙත් එය ජාතිකවාදීන්ගේ මතයකට වඩා, ජාතිකත්වයට පහර ගසන්නන් විසින් ඉදිරිපත් කරන අතිශයෝක්ති සහිත තර්කයකි. සියලු දැනුම ලංකාවේ නිර්මාණය වී නැතිවාක් මෙන්ම ශ්‍රී ලංකාවේ සැබවින්ම නිර්මාණය වූ දැනුම අගය කිරීම ද අප විසින් කළ යුත්තකි. එමෙන්ම බටහිර ඇතුළු ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරවල දැනුමටද ඒ ගරුත්වය නිසි පරිදි හිමි විය යුතුමය. මේ ආකාරයට මා චීනය ගැන අදහස් පළ කරනුයේ ලෝකයේ අනෙකුත් ශිෂ්ටාචාරවල දැනුම මැදහත්ව අගය කිරීමට මිස ශ්‍රී ලංකාව ගැන පමණක් පුරසාරම් දෙඩීමට නොවේ. එමෙන්ම මා මේ පිළිබඳ අවධානය යොමු කළේ කිසිසේත්ම බටහිර විද්‍යාත්මක දැනුම හෙළා දැකීමටද නොවේ. මේ සටහනේ අරමුණ වනුයේ බටහිර දැනුමින් පරිබාහිර වෙනත් දැනුම් පද්ධති ලෝකයේ පැවති බව සහ නූතන විද්‍යාත්මක දැනුම පෝෂණය කිරීමට ඒවායින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණු බව පෙන්වා දීම පමණි.

– ඉසුරු ප්‍රසංග

(2026-07-08 දිවයින පුවත්පත)

(nextpagesl.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.