අල්ලස් කොමිෂම හන්ගන හක්මන නන්දාලෝක මෙන්න !
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා “අල්ලස් ලෙස ලබාගත් මුදලින් කොටසක් හිමිනමකගේ මැදිහත්වීමෙන් ඉහළ පොලිස් නිලධාරින්ට ලබා දී ඇතැයි” අණාවරණය කරන ලදී. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මේ කියන හිමිනමගේ නම අණාවරණය නොකර සිටීම අපගේ කුතුහලයට හේතු වූ බැවින්, Lanka Underground News විශේෂ විමර්ශන අංශය මේ පිළිබඳ විශේෂ ගවේෂණයක නිරත විය. එහිදී මෙම “හිමිනම” ගැන අප අණාවරණය කර ගත්තේ සුවිශේෂී කරුණු රැසකි.
මේ කියන හිමිනම හක්මන නන්දාලෝක වේ. නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට සම්බන්ධ ප්‍රධාන විදේශීය සැපයුම්කාර සමාගම වන “Trident Chemphar Limited” සහ මෑතකදී සම්බන්ධ වූ “Taranjot Resources (Pvt) Ltd” යන සමාගම්වල දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ “Panaurora (Pvt) Ltd” යන දේශීය සමාගම ය.
එම “Panaurora (Pvt) Ltd” සමාගමේ ප්‍රධාන කොටස් හිමිකාරිත්වය ප්‍රධාන වශයෙන් දේශීය ආයතන 2 ක් සහ පුද්ගලයන් දෙදෙනකු සතු වේ. එම ආයතන 2 වන්නේ, Invest LK (ඉන්වෙස්ට් එල්.කේ. ආයතනය) සහ Sayaara Holdings (සයාරා හෝල්ඩිංග්ස් ආයතනය) ය.
මෙම සමාගම් දෙකට අදාළ ප්‍රධාන කොටස්කරුවකු වන්නේ හක්මන නන්දාලෝක හිමි ය. ඒ Invest LK ආයතන හරහා ය. ලේඛනගත සාක්ෂි අනුව නීතිඥ රඛිත රාජපක්ෂ, සනත් බණ්ඩාර ජයසුන්දර, ඕෂධ හේරත් හා ශානිකා කුමාරි මෙම සමාගම් දෙකේ සෙසු කොටස් හිමියන් වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මෙහිදී හක්මන නන්දාලෝක හිමිගේ නම ප්‍රකාශයට පත් නොකරන්නේ එම භික්ෂු වේශධාරියා පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධානින්ගේ ප්‍රධාන පෙලේ සමීපතම හිතවතකු වන බැවිණි.
මෙම භික්ෂු වේශධාරි ව්‍යාපාරිකයා සතුව, මීට අමතරව “Hakmana Plantation” නමින් හැඳින්වෙන වතු සමාගමක් ද වේ. රාජ්‍ය අංශයේ ටෙන්ඩර් පටිපාටි අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට දැවැන්ත මූල්‍ය පාඩුවක් සිදු කළ ගල් අඟුරු වංචාවේ සැඟවුණු මහමොළකරු මොහුය. ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාලක ලේකම් කලවැල්ගල චන්දාලෝක හිමි සමඟ එක්ව, අදාළ විෂය බාරව සිටි ඇමතිවරයාවද සම්බන්ධ කර ගනිමින් බාල ගල් අඟුරු වංචාවෙන් අයථා ධනය උපයා ඇති මෙහෙයුමේ මෙම ව්‍යාපාරික භික්ෂු වේශධාරියා බරපතළ වැඩ කොටසක් ඉටුකර තිබේ.
මේ වන විට ද ඔහුට හිමි දේශපාලන සබඳතා මත, ඔහු සතුව ඇති වතු ගණනාවක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් වැඩ කිරීම සඳහා යොදවා තිබේ. මේ දිනවල ක්‍රියාත්මක ගල් අඟුරු වංචා ගැන සොයන විශේෂ ජනාධිපති කොමිෂමට සාක්කි දීමට ද මේ ව්‍යාපාරික භික්ෂු වේශධාරියා පැමිනෙන්නේ පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සහිතව ය. එම සියළු වරප්‍රසාද ඔහුට හිමිව ඇත්තේ ජ.වි.පෙ. නායකත්වය සමඟ පවතින සමීප සබඳතා මතය.
“හරක් කටා” නැමැත්තාගේ බිරිඳගෙන් ලබාගත්ත බවට කියන කප්පම් මුදල ගැන පරීක්ෂණ කරන නිලධාරින්, එම කාලය තුළ හක්මන නන්දාලෝක සහ රඛිත රාජපක්ෂ අතර පැවැති දුරකථන ඇමැතුම් 1600 කට වඩා තිබෙන බව අණාවරණය කර ඇත. එහෙත් හක්මන නන්දාලෝක කැඳවා ප්‍රකාශ ගැනීමට හා ඔහුවද එම නඩු විභාගයේ චූදිතයකු බවට පත්කිරීමට විමර්ශන නිලධාරින්ට නොහැකි වී ඇත්තේ පැලවත්ත සමඟ හක්මන නන්දාලෝක සතුව පවතින බලවත් සම්බන්ධතාව හේතුකොටගෙන ය.
හක්මන නන්දාලෝක මේ වනවිට තම “ෆේස්බුක් ගිණුම” ලොක් කර තිබේ. අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට අප අභියෝග කරනුයේ, හැකිනම් හක්මන නන්දාලෝකව කැඳවා ප්‍රකාශ සටහන්කර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා පෙන්වන මෙන්ය. බාල ගල් අඟුරු හොරකමේ සියළු තොරතුරු දන්නා මේ ව්‍යාපාරික චීවරදාරියාට අතවත් තැබීමට රංග දිසානායකට හැකියාවක් නැති බව අපි අවධාරණය කරමු.
- Lanka Underground News
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?