"ඒ කාලේ මේ වගේම කුහක විපක්ෂයක් හිටියා නේද සහෝදරයා" යැයි ඇසූ පෝස්ටුව රුවන් මාලපගම අනුමත කරයි..- සමාජ මාධ්‍යයෙන් එළියට ආ රස කතාව

වත්මන් විපක්ෂයේ දේශපාලන හැසිරීම දැඩි විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා ප්‍රකාශ කරන්නේ, මේ වන විට විපක්ෂය රටේ පවතින සෞඛ්‍ය ගැටලු තමන්ගේ දේශපාලන වාසිය සඳහා යොදා ගැනීමට මාන බලමින් සිටින බවයි.
ඔහු පවසන පරිදි, රටේ ඩෙංගු රෝගය මර්දනය කරනවා වෙනුවට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන තෙක් විපක්ෂය නොඉවසිල්ලෙන් බලා සිටින බවයි. ඩෙංගු මර්දන කටයුතුවලට සහය දෙනවා වෙනුවට, රෝගය ව්‍යාප්ත වීම හරහා රජය අපහසුතාවයට පත් කිරීමට ඔවුන් උත්සාහ කරන බවට ද ඔහු මෙහිදී චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා අතර උණුසුම් සංවාදයක් ඇති විය.
කෙසේ වුවද මෙම වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වෙද්දී එයට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙකු සටහන් තබා තිබූ අතර ඉන් එක සටහනක දක්වා තිබුනේ
"සහෝදරයා, ඒ කාලේ මේ වගේම කුහක විපක්ෂයක් හිටිය. කොවිඩ් වැඩි වියන්, වැක්සීන් හොද නෑ, කඩවල් වහන්න නැත්නම් බලෙන් ලොක්ඩවුන් කරනව, ඩොලර් එවන්න එපා, ලයිට් බිල් ගෙවන්න එපා කියල වගේ. උන් තාම විපක්ෂයේ සහෝදරයා" යනුවෙනි.
එයට ප්‍රතිචාර දක්වමින් රුවන් මාපලගම මන්ත්‍රීවරයා එම කතාව අනුමත කරන අයුරු දැක්වෙන රූප සටහනක් දක්වා තිබේ.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?