News Category
From Date
To Date
Maximum Number of Result

වැට් බද්ද වැඩි කෙළ් දරුවන්ට යහපත් අනාගතයක් හදන්නයි - ජනපති රනිල් කියයි

Jan 2, 2024 at 06:44 AM
|

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් වු අසීරු තීරණ තමා මේ වන විට ගෙන අවසන් බව පැවසු ජනාධිපතිවරයා දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනිණි.

සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර අනතුරුව ගුවන් හමුදාව විසින් පවත්වන ලද උත්තමාචාර පෙළපාලිය නිරික්ෂණය කිරීමට ද ජනාධිපතිවරයා එක් විය.

ඒ සමඟ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා ඉහළ අහසේ පියාසර කරමින් ජනාධිපතිවරයා වෙත උත්තමාචාර පුද කිරීමද සිදු කෙරිණි.

අනතුරුව ගුවන් හමුදා සාමාජිකයන් සමඟ සුහද කථා බහකට ද එක්වූ ජනාධිපතිවරයා උදා වූ නව වසර වෙනුවෙන් ඔවුන්ට සුබපැතුම් පළ කළේය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"ගුවන් හමුදාවට අද විශේෂ දවසක්. වසර 73 ක ඉතිහාසය තුළ ගුවන් හමුදාව මෙරට ත්‍රස්තවාදී යුද්ධයේදී මෙන්ම, අභ්‍යන්තර කෝලාහාලවලදී සහ ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදා ගැනීමට කළ මෙහෙවර අසීමිතයි. ගුවන් හමුදාවට නවීන තාක්ෂණයෙන් යුතු නවීන ගුවන් හමුදා මූලස්ථානයක් අද ලැබී තිබෙනවා.

අනාගතයේදී ඇතිවිය හැකි අභියෝග සම්බන්ධයෙන්ද මෙහෙයුම් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට මෙමඟින් හැකි වෙනවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආරක්ෂක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේදී ගුවන් හමුදාවට පැවරෙන කාර්යභාරය අති මහත් බව කිවයුතුයි. ඒ වගේම නව දැනුම සහ නව තාක්ෂණය සමඟ අපේ හමුදාවන් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තරයේදී මතුවිය හැකි ගැටලු කලින් හඳුනාගෙන ඊට පිළියම් සෙවීමට එම නවීන ආරක්ෂක දැනුම මගින් හැකියාව ලැබෙනවා.

අද මෙම හමුදා මූලස්ථානය තුළ ගුවන් හමුදා මූලස්ථානය ආරම්භ කිරීම එහි නවීකරණය උදෙසා වන පළමු පියවරක් ලෙස මම දකිනවා. මීට පෙර පැවති ගුවන් හමුදා මූලස්ථාන කාර්යාලය පොලිස් මූලස්ථානයට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. පොලිස් මූලස්ථානය තිබූ ගොඩනැගිල්ල මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල ඉන් ඉවත් කර සංචාරක කලාපයක් බවට එම ප්‍රදේශය පත්කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

අද රටේ ආර්ථිකය ගොඩනැගීමේ සටන අප ඉදිරියේ තිබෙනවා. එය අප සියලුදෙනාගේ වගකීමක් බවට පත්ව තිබෙනවා. මම ජනාධිපති ධූරයේ වගකීම භාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලයි තබුණේ. ඒ අනුව රටේ ආර්ථිකය ගොඩගැනීමේ වගකීම මට භාර කෙරුණා. මෙහීදී දේශපාලනය කරනවාද, එසේ නොමැතිනම් රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා සෘජුව කටයුතු කරනවාද යන්න පිළිබඳ මට කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා.

ලෙබනනය ආර්ථික වැඩපිළිවෙළ වසර දෙකකින් කල් දැමීම නිසා විශාල අර්බුදයකට මුහුණ දුන්නා. දේශපාලන අස්ථාවර භාවය නිසා ග්‍රීසියට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වසර දහතුනක් ගත වුණා. ඔවුන් රාජ්‍ය සේවයේ වැටුප් 50%කින් කප්පාදු කළා. නමුත් එම තත්ත්වයට පත්වීමට මට අවශ්‍ය වුණේ නැහැ. අපේ දළ දේශීය නිෂ්පාදනය පහත වැටිලා තිබුණා. අප සෘජු තීන්දු තීරණ සමඟ ඉදිරියට ගියා. 2023 වසර අවසන් වන විට අප යම් තරමක ආර්ථික ශක්තිමත් භාවයක සිටිනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ නිවැරදි වෙලාවට ගත යුතුයි. මෙම වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.මෙම වැඩපිළිවෙළ සමග ඉදිරියට ගියහොත් 2026-2027 වන විට ආර්ථක වර්ධන වේගය 5%ක් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එවිට අප සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. ඉන්පසුව තවත් සීග්‍රයෙන් ඉදිරියට යා යුතුයි. අපට සහය වීමට රටවල් බොහොමයක් මේ වන විට එකඟ වී තිබෙනවා. ඒවගේම ඔවුන් ඊළඟට අහන ප්‍රශ්නය වන්නේ අනාගතයේදී මේ ණය ගෙවීමට හැකියාව තිබේද යන්නයි. ඒ සඳහා අප නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.

අප පසුගිය වසරේ රුපියල් ට්‍රිලියන 3.1ක රාජ්‍ය ආදායමක් උපයා ගත්තා. එම ප්‍රමාණය අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් 12%යි. අපි 2026 වන විට එය දළ දේශීය නිෂ්පාදනයෙන් 15%කට ගෙන ආ යුතුයි. මෙම 2024 වසරේ රුපියල් ට්‍රිලියන 4.2ක් රාජ්‍ය ආදායමක් ලබා ගැනීමට අපට තිබෙනවා. වැට් බදු නැවත සංශෝධනය කිරිමට සිදු වුණේ ද ඒ සඳහායි.

ඒ වගේම ප්‍රාථමික අතිරික්තය බලාපොරොත්තු වෙන්න පුළුවන් දශම 8ක්. නමුත් 2025 වන තෙක් එය 2.3කට පවත්වාගෙන යා යුතුයි. මෙම ඉලක්ක සමග අපට ඉදිරියට යාමට තිබෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළකට අප දැන් අවතීරණ වී සිටිනවා. මෙය අසීරු කටයුත්තක් බව මම දන්නවා. දුෂ්කරතා තිබෙනවා. නමුත් මේ පිළිබඳ කිහිප වතාවක් සිතීමට මට සිදු වුණා. මෙම තීරණ ගත්තේ නැත්නම් අපට නැවත පසුගිය ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදු වෙනවා. නමුත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් රටට යහපත් අනාගතයක් උදා කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මම රට වෙනුවෙන් මෙම තීන්දු තීරණ ගත්තා.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ ජනප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. මම අගමැතිතුමාට සහ කැබිනට් මණ්ඩලයටත් මේ බව දැනුම් දුන්නා. ඔවුනුත් ඊට එකඟ වුණා. ඒ පිළිබඳ මම ඔවුන්ට ස්තූති කරනවා.

ඒ වගේම බදු එකතු කිරීම පිළිබඳ අඩු පාඩු ගණනාවක් තිබෙනවා. ඒ සඳහා නව ආදායම් අධිකාරියක් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට සහය ලබා දී තිබෙනවා. මෙම කටයුතු තුළින් 2025- 2026 වන විට රටේ ආර්ථිකය 5%ක පමණ මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබෙනවා.

නමුත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අනාගත පරපුර වෙනුවෙන් අප 8%-9%ක ඉලක්කයක් වෙත ළඟා විය යුතුයි. එම වර්ධනය ඇති කරගන්නේ කෙසේද කියා අප දැන් සාකච්ඡා කරමින් සිටිනවා.

රටේ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත්දේ ශපාලනඥයන්ට කියනවා රට රැකගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේනම් රටේ ආර්ථිකය ගොඩනැගීමට අපි එකතුවෙමු. අපි සියලුදෙනා එකතුවෙලා කටයුතු කළහොත් 2024 පසුව රට තුළ ඉතා සීග්‍ර සංවර්ධනයක් ඇතිකරගත හැකි බවට කිසිදු සැකයක් නැහැ. ඒ සමග එකතුවෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ද ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
වෙළඳපළේ මේ වන විට ලුණු හිඟය තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.