
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද(15) කොළඹදී ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.
2015 යහපාලන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී රණවිරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනාවලට එකඟතාව පළ කළ බවත්, ඒ අනුව රණවිරුවන් දඩයම් කිරීමට පනත් 8ක් සම්මත කිරීමට එකඟවූ බවත් ඒ මහතා පවසයි.
එයින් පනත් 6ක් යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ බවද, දෙකක් පමණක් දැඩි ජනතා විරෝධය හේතුවෙන් සම්මත කරගැනීමට නොහැකි වූ බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එයින් පළමු පනත වන්නේ අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාල පනත බවත්, එමගින් කිසිවෙකුගේ හඩට කන් නොදී ඒකපාර්ශ්විකව චෝදනා ගොනුකළ හැකි බවත් ඒ මහතා පෙන්වාදෙයි.
දෙවැන්න වන්නේ අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත බව සඳහන් කරන ඒ මහතා, තුන්වැන්න වන්නේ අපරාධ කටයුතු පිළිබඳව අනෝන්‍ය සහයෝගිතා පනත බවත් රණවිරුවන් සම්බන්ධයෙන් වෙනත් රටක නඩුවක් දමා ඒ සඳහා තොරතුරු ඉල්ලූවිට එම තොරතුරු ලබාදීමට මෙම පනත හරහා බැඳී සිටින බවත් කරුණු හෙළිකරයි.
හතරවැනි පනත වන්නේ පිටුවහල් කිරීමේ පනත බවත්, වෙනත් රටක මෙරට රණවිරුවකුට එරෙහිව නඩුවක් දමා ඔහු පිටුවහල් කිරීමට නියෝගයක් ලබාදුන හොත් මෙම පනත හරහා ඊට පහසුකම් සැලසෙන බවත් වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පස්වැන්න වන්නේ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත බවද එමගින් බොරු සාක්ෂි ගෙතීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ද අන්තර්ගත කරමින් සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කළ බවද පවසන ඒ මහතා, සත්‍ය සෙවීමේ කොමිසම නාමයෙන් අන්තර්ජාලය හරහා ජාත්‍යන්තරවත් දේශීයවත් ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධව අභුත චෝදනා ගොනු කිරීමට මෙම සත්‍ය සෙවීමේ කොමිසම හරහා හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
මෙම පනත රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් කළ ද ගෙන ඒමට නොහැකි වූ බවත්, 2025 පෙබරවාරි මාසයේ දී විජිත හේරත් විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ සමුළුවට සහභාගිවී සත්‍ය සෙවීමේ කොමිසම පනත පිහිටුවීමට එකඟ වූ බවත් ඒ මහතා පැවසීය.
රණවිරු දඩයම සඳහා රනිල් වික්‍රමසිංහට ගෙන ඒ මට නොහැකි වූ මෙම පනත ගෙන ඒමට වර්තමාන රජය එදා පොරොන්දු වූ බවද සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, අට වැනි පනත ලෙස අභිචෝදකයකු පත්කිරීමේ පනත නීතිපති දෙපාර්තමේන්තුවට පිටින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ඇති නඩු කටයුතු මෙහේ වීමට අභිචෝදකයකු පත් කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත් හෙළිදරව් කරයි.
ඉකුත් 7 වැනිදා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ රණවිරු දඩයමේ මහා පින්තූරය සකසා අවසන් කිරීම බවත් අභිචෝදක පත්කිරීමේ තීන්දුව යුද සැමරුම සමරන මාසයේම ගත් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය ඉතා කණගාටු දායක බවත් ඒ මහතා පවසයි.
වර්තමාන ආණ්ඩව විසින් මෙම ගනු ලබන තීන්දු බෙදුම්වාදයට විරුද්ධ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ප්‍රතිපත්ති වලට සහ භූමිකාවට පටහැනි බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළේය.
සවිස්තරාත්මක වීඩියෝව පහළින්..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
