ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
මහජන මුදලින් වැටුප් ලබන, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු හා එම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලබා දෙන වැටුප්, දීමනා සහ වාහන සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති RTIC/Appeal/405/2025 දරන අභියාචනයට අදාළව මෙම නොතීසිය නිකුත් කර ඇත.
2025.01.29 දිනැති තොරතුරු අයදුම්පතමගින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මෙම තොරතුරු ඉල්ලා සිටි අතර, මාස දෙකකට අධික කාලයක් ගත වුවද එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අයදුම්කරු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කෙරිණි.
මේ ආකාරයෙන් ඉල්ලා සිටි තොරතුරු අතර 9 වන විධායක ජනාධිපතිවරයාගේ (වර්තමාන) පුද්ගලික කාර්යමණ්ඩලය ලෙස කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සේවයට බඳවා ගෙන හෝ යොදවා තිබේද? එසේ සේවයේ යෙදවූ අය බඳවාගෙන ඇත්තේ කවර තනතුරු සඳහාද? ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව කොපමණ මුදලක් වැය වේද? ඔවුන් වෙනුවෙන් කොපමණ වාහන ප්‍රමාණයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබේද? චම වාහන වල වර්ගය හා ඒ ඒ වාහන පරිහරණය සඳහා ලබා දී තිබෙන්නේ කවුරුන් සඳහාද යනාදී තොරතුරු ඇතුළත් වේ.
එමෙන්ම ජනාධිපති ධුර කාලයට පමණක් සීමා වන පත්වීම් ලබාදුන් නිලධාරීන් විසින් (හිටපු ජනාධිපතිවරයාගේ) 2024 සැප්තැම්බර් 23 දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අමාත්‍යාංශ මොනවාද යන්න හා ඒ ඒ ආයතන හා අමාත්‍යාංශය සඳහා ලබාදුන් වාහන වල අංක සහ වාහන වර්ගය යනාදී තොරතුරුද එම ඉල්ලීමට ඇතුළත් වේ.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධාන අනුව යම් පොදු අධිකාරියක් වෙතපුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීම් පතක් යොමු කළ විට එම අයදුම්පත ලැබුණු බව දැන්විය යුතුය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2025.01.30 දිනැතිව PS/RTI/01/2025/35 යන ලිපිය මගින් ඒ බව දන්වා තිබේ. නමුත් එම පනතේ විධාන අනුව වැඩ කරන දින 14 ක් තුළ තොරතුරු ලබා දිය යුතු අතර, එසේ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලූම්කරු දැනුවත් කළ යුතුය. නමුත් නිසි පරිදි තොරතුරු පනතේ එම ව්‍යස්ථාපිතනියමයන් අනුගමනය නොකළ හෙයින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරියා වෙත 2025.02.20 දිනැතිව අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරීයා විසින් 2025.02.25 දිනැතිව ලිපි අංක PS/RTIA/11/2205/06 යටතේ අදාළ අභියාචනය ලැබුණු බව පමණක් දන්වනු ලැබුවත් අදාළ තොරතුරු ලබා දීමට කටයුතු නොකරන ලද හෙයින් මේ සම්බන්ධයෙන් 2025.03.27 දිනැතිව ශ්‍රී ලංකා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරිණි.
විශේෂයෙන්ම මීට පෙර බලයේ සිටි මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල තොරතුරු, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ලබාගෙන ඒවා මෙරට පුරවැසියන්ගේ දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කර තිබේ. එසේ වූ පසුබිමක මෙම තොරතුරු ලබාදීමේ කිසිදු නෛතික බාධාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොමැති බව මැනවින් පෙනී යන කරුණකි.
- රාහුල් සමන්න හෙට්ටිආරච්චි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි