News Category
From Date
To Date
Maximum Number of Result

2024 වසර රුසියාවේ පවුලේ වසරයි-රුසියානු ජනාධිපති වැලැදිමිර් පුටින් අලුත් අවුරුදු උදාවේදී රුසියානු ජනයාට අවධාරණය කරයි.

Jan 1, 2024 at 10:54 PM
|

රුසියාවේ පුරවැසියනි! මිතුරනි!,

අපි 2023 වසරට සමුදෙන්නෙමු. ඉතා ඉක්මනින් 2023 වර්ෂය ඉතිහාසයේ කොටසක් බවට පත්වනු ඇති අතර අනාගතය නිර්මාණය කිරීම පිණිස අපට ඉදිරියට යාමට සිදුවනු ඇත.

පසුගිය වසර තුළ අපි ඉතා වෙහෙස මහන්සි වී වැඩ කර බොහෝ දේ ඉටු කර ඇත්තෙමු. අපි අපේ පොදු ජයග්‍රහණ ගැන ආඩම්බර වෙමින් අපගේ සාර්ථකත්වයන් ගැන සතුටු වූවෙමු. අපගේ ජාතික අවශ්‍යතා, අපගේ නිදහස සහ ආරක්ෂාව අපගේ අත්හල නොහැකි පදනම බව ගැඹුරින් වටහාගෙන අපගේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් අපි පසුගිය වසර තුළ නොසැලී සිටියෙමු.

අපව එක්සත් කළ ප්‍රධානම සාධකය වන්නේ මාතෘ භූමියේ ඉරණමයි. රුසියාව පසුකරමින් සිටින ඓතිහාසික කාලපරිච්ඡේදයේ අතිශය වැදගත්කම, රුසියානු සමාජය මුහුණ දෙන එම අභිලාෂකාමී අරමුණු සහ අප සෑම කෙනෙකුටම දැනෙන මාතෘභූමිය පිළිබඳ දැවැන්ත වගකීම පිළිබඳව ගැඹුරු අවබෝධයක් අප සතුව ඇත.

මෙම කාල පරිච්ඡේදය තුළ අප මත පැටවී තිබෙන වගකීම , අප පවත්වාගත යුතු  ධනාත්මක ආකල්පයන් මෙන්ම වචනයෙන් සහ ක්‍රියාවෙන් එකිනෙකාට සහයෝගය දැක්වීමට අප තුළ ඇති ගැඹුරු අභිලාෂය පිළිබඳව අපි තියුණු මෙන්ම පැහැදිලි අවබෝධයකින් සිටිමු.

පොදු යහපත සඳහා වැඩ කිරීම රුසියානු සමාජය එක්සේසත් කිරීමට හේතු වී ඇත. අපගේ සිතුවිලි සහ අපගේ හැසිරීම් මගින් අප සටනේදීත්, සතියේ දිනවල හෝ නිවාඩු දිනවලදීත් අපි එක්සත්ව සිටියේ  සහයෝගීතාවය, දයාව, ධෛර්යය රුසියානු ජනතාවගේ ප්‍රධාන ලක්ෂණ බව විදහා දක්වමිනි.

මම අපේ හමුදා නිලධාරීන් ඇමතීමට මෙය අවස්ථාවක් කර ගනිමි. රාජකාරියේ යෙදී සිටින, සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් සටන් කරන ඉදිරි පෙළේ සිටින සියලු හමුදා නිළධාරී සගයිනි, ඔබ අපේ වීරයන් වන්නෝය. අපේ හදවත් ඔබ සමගයි. අපි ඔබ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර ඔබේ ධෛර්යය අපි ඉහළින්ම අගය කරමු.

ඔබගේ සමීපතම සහ ආදරණීයයන්ගේ ආදරය, මිලියන සංඛ්‍යාත රුසියානු පුරවැසියන්ගේ බලවත් හා අවංක සහයෝගය, සමස්ත ජනතාවගේ සහයෝගය ඔබට දැන් දැනෙන බව මම දනිමි.

දුෂ්කරම කර්තව්‍යයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැකි බව අපි නැවත නැවතත් ඔප්පු කර ඇති අතර, අපව බෙදීමට, අපගේ පියවරුන්ගේ මතකය හා ඔවුන්ගේ අභිලාශයන් අපට අමතක කරවීමට හෝ අපගේ සංවර්ධනය නතර කිරීමට කිසිදු බලවේගයක් නොමැති බැවින් අපි කිසි විටෙකත් පසුබට නොවන්නෙමු.

මිතුරනි,

සෑම විටම, අලුත් අවුරුදු සැමරුම් දීප්තිමත් බලාපොරොත්තු සමඟ සම්බන්ධ වී ඇති අතර ඔබ ආදරය කරන ඥාති හිතමිත්‍රාදීන්ට සතුට සහ සැනසුම ගෙන ඒමට අවංක ආශාවක් අප තුළ ඇත.

එළඹෙන 2024 වසර අපේ රටේ පවුලේ වසර ලෙස දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. සැබෑ විශාල පවුලක් යනු ඇත්ත වශයෙන්ම ඔබට රැකවරණය සහ අවධානය ලැබෙන දරුවන් සිටින පවුලකි. එම පවුල තුළ උණුසුම් හදවත් සහ දෙමාපියන් සඳහා රැකවරණය පමණක් නොව එකිනෙකා කෙරෙහි ආදරය සහ ගෞරවයද සොයාගත හැකිය.

මේ ආකාරයේ පරම්පරාගත ඥාතිත්වය සහ කෙනෙකු තම නිවස කෙරෙහි දක්වන ආදරය මව්බිම කෙරෙහි වන භක්තිය පෝෂණය කිරීමට ඉවහල් වේ.

සියලුම රුසියානු පවුල්වලට නව වසර සඳහා මගේ සුභ පැතුම් පිරිනැමීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. ඇත්ත වශයෙන්ම, අපගේ අතිවිශාල, පුදුම සහ ආදරණීය මාතෘ භූමියේ ඉතිහාසය සෑම පවුලකම ඉතිහාසයෙන් සමන්විත වේ. අපි, රුසියාවේ බහුජාතික ජනතාව, රුසියාවේ අනාගතය හැඩගස්වන්නෙමු.

අපි එක රටක්, එක ලොකු පවුලක් වන අතරම අපි මව්බිමේ ස්ථාවර සංවර්ධනය, අපගේ පුරවැසියන්ගේ යහපැවැත්ම සහතික කරන්නෙමු! එපමණක් නොව අපි තවත් ශක්තිමත් වන්නෙමු.

අපි සියළු දෙනාම එක මිටට එකතු වන්නෙමු. මෙය රුසියාවේ අනාගතය පිළිබඳ වඩාත්ම විශ්වාසදායක සහතිකයයි.

 මිත්‍රවරුනි! 2024 සුභ අලුත් අවුරුද්දක් වේවා!

https://www.rt.com/russia/589982-putin-new-year-address-english/

සම්බන්ධිත පුවත් | Related News

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.
වෙළඳපළේ මේ වන විට ලුණු හිඟය තවදුරටත් ඉහළ යමින් තිබේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.
ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස විනිසුරු භූෂන් රාම්ක්‍රිෂ්ණ ගවායි ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.