
ඉරානය සහ රුසියාව දෙරට අතර ගනු දෙනුවලදී ඩොලරය භාවිත කිරීම නිල වශයෙන් නවතා දමයි
ඉරානය සහ රුසියාව දෙරට අතර ගනු දෙනු වලදී රූබල් සහ රියාල් මගින් ගෙවීම් කිරීම වෙනුවෙන් ගිවිසුම් ගත වීමෙන් පසු එක්සත් ජනපද ඩොලරය ගනු දෙනු වලදී භාවිතය නිල වශයෙන් අතහැර දමා ඇති බව ඉරාන පුවත් ඒජන්සිය වන IRNA පසුගියදා වාර්තා කළේය.
දෙරටේ මහ බැංකු ප්‍රධානීන් අතර රුසියාවේදී පැවති සාකච්ඡාවකින් පසු මෙම ගිවිසුමට අත්සන් තැබූ බව IRNA පුවත් සේවය පවසයි.
"නව මූල්‍ය සහ බැංකු වේදිකාවක් පිහිටුවීම මගින් ඉරානය සහ රුසියාව අතර සබඳතාවල 'නව පරිච්ඡේදයක්' විවෘත කර ඇත," ඉරාන මහ බැංකුව උපුටා දක්වමින් IRNA වාර්තා කළේය. SWIFT නොවන මුදල්-පණිවිඩ පද්ධති මගින් විකල්ප මූල්‍ය සහ බැංකු වේදිකා නිර්මාණය කිරීමටහ් ඒවා භාවිතා කිරීමට බැංකු සහ වෙනත් ව්‍යවසායකයින්ට ඉඩ සලසයි. එමෙන්ම ජාතික මුදල් ඒකකවල ද්විපාර්ශ්වික තැරැව්කාර සබඳතා ඇති කර ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව සැලසේ.
එක්සත් ජනපද සම්බාධකවලට දරුණු ලෙස මුහුණ දී සිටින ඉරානය සහ රුසියාව, 2022 ජූලි මාසයේදී දෙරට අතර අන්‍යෝන්‍ය වෙළඳාමේ දී එක්සත් ජනපද ඩොලරය වෙනුවට ඔවුන්ගේ ජාතික මුදල් භාවිතා කිරීමට සැලසුම් කරන බව ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මස අවසානයේදි, රුසියාව ප්‍රමුඛ යුරේසියානු ආර්ථික සංගමයේ (EEU) සාමාජිකයින් ඉරානය සමඟ සම්පූර්ණ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබූහ.
ජුලි මාසයේදී ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, එක්සත් ජනපද මුදල් බටහිර ආධිපත්‍යයේ මෙවලමක් ලෙස භාවිතා කර ඇති බව පවසමින් ගෝලීය වෙළඳාමෙන් ඩොලරය අත්හැර දැමිය යුතු බව අවධාරණය කළේය.
පසුගිය වසර පුරා මොස්කව් සහ ටෙහෙරානය බටහිර ආර්ථික සම්බාධක හමුවේ ආර්ථික සහයෝගීතාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත. නිල දත්ත වලට අනුව ද්විපාර්ශ්වික වෙළඳ පිරිවැටුම 2019 දී ඩොලර් බිලියන 1.6 සිට 2022 දී ඩොලර් බිලියන 4.6 දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇත. https://www.rt.com/business/589836-iran-russia-ditch-dollar/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
