ඇයි ආණ්ඩුව රජයේ සේවකයින්ට සහල් කිලෝ 20 ක් දෙන්නේ? - ඇත්ත කතාව..
- ආණ්ඩුව අප්‍රේල් මාසයේ සහල් කිලෝ කෝටි 15 ක් ඉන්දියාවෙන් ආනයනය කලා. ඒ පොන්නි සම්බා. කිව්වේ කීරි සම්බාවල මිල බස්සන්න මේ ආනයනය කලා කියලා.
- ආණ්ඩුවට උපදෙස් දෙන සෙට් එක කිව්වේ කීරි සම්බා මිල වැඩිවීමට හේතුව අවශ්‍ය තරම් තොග නැති නිසා කියලා. හැබැයි පොන්නි සම්බා කිලෝ කෝටි 15 ක් ගෙනල්ලත් කීරි සම්බා මිල අඩු උනේ නම් නෑ.
- ගෙනාපු පොන්නි සම්බා අඩු මිලට අලෙවි වෙන කොට ගොඩක් තැන්වල ෆ්‍රයිඩ් රයිස්වලට ඒක භාවිත කරන්න පටන් ගත්තා. අදවන විට ආපනශාලාවල ෆ්‍රයිඩ් රයිස් සදහා යොදා ගන්නේ මේ ආනයනය කල සහල්.
- දේශීය නාඩු පරිභෝජනය කල පාරිභෝගිකයන් පිරිසකතුත් මේ පොන්නි සම්බාවලට මාරු උනා.
- ඒ නිසා දේශීය සහල් අලෙවිය විශාල ලෙස අඩු උනා. වී මෝල්වල වී ඉතිරියක් ආවා. වී මිල කඩා වැටුනා.
- ඒ අතරේ ආණ්ඩුව මිලට ගත්ත වී ටොන් 120,000 ට කරගන්න දෙයක් නැති උනා. මෝල්වලට ඉල්ලන්නේ තුට්ටු දෙකට.
- දැන් කරන්න දෙයක් නෑ. ගබඩා හිස් කරගන්නත් ඕන යල කන්නයේ වී මිලට ගන්න.
- සහල් කිලෝ 20 බැගින් රජයේ සේවකයන්ගේ ඇගේ ගහන්න හදන්නේ මේ නිසා.
- කොහොම උනත් තියෙන තත්ත්වයේ හැටියට ගොවීන් හිතන තරම් ඉහල සහතික මිලක් නම් ඔවුන්ට ලැබෙන එකක් නෑ. ඒ වෙනුවට ගොවීන්ට යම් සහනාධාරක් දෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා.
- මේ වෙන දේවල් බලලා ලංකාවේ වෙළද ඇමති ගැන ඉන්දියානු ගොවීන් නම් සතුටු වෙනවා ඇති. මහ කන්නයේ අස්වැන්න ගෙට ගත්ත හැටියෙම සහල් ආනයනය කරන්න ඉතින්.....?
- ඉස්සර මෙයාලා විපක්ෂයේ ඉන්න කොටනම් කිව්වේ සහල් ආනයනය කරන්නේ කොමිස් ගන්න කියලා. කිලෝවට රු. 2 ගණනේ කොමිස් ගත්තත් මේ අප්‍රේල් මාසයේ විතරක් රු. කෝටි 30 ක බිස්නස් එකක්. ඒත් මෙයාලා එහෙම කරන එකක් නෑ.
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?