News Category
From Date
To Date
Maximum Number of Result

යුටෝපියාවේ නැගීම.. කවුද මේ 'ඕෂෝ' ?..

Jun 28, 2026 at 11:51 AM
|

ඕෂෝ යනු ලොව පුරා ඉහළ ආකර්ෂණයක් දිනාගත් සේම, විසිවන සියවසේ පහළ වූ වඩාත්ම මතභේදාත්මක සහ විවේචනයට ලක්වූ ආගමික නායකයෙකි. ඔහුගේ දර්ශනයට එහා ගිය, සමාජය තුළ දැඩි කතාබහට සහ අප්‍රසාදයට ලක්වූ අයහපත් පැතිකඩ බොහෝ තිබූ බව විවිධ තොරතුරු හරහා අනාවරණය වේ.

1980 ගණන්වල ඇමරිකාවේ ඔරෙගන් ප්‍රාන්තයේ ඕෂෝගේ අනුගාමිකයින් විසින් ගොඩනැඟූ "රජ්නීෂ්පුරම්" නගරය තුළ දැවැන්ත නීතිවිරෝධී ක්‍රියා රැසක් සිදුවිය. ප්‍රාදේශීය ඡන්ද ප්‍රතිඵල තමන්ට පක්ෂපාතී කරගැනීම සඳහා, ඕෂෝගේ ප්‍රධාන ලේකම්වරිය වූ මා ආනන්ද් ශීලා ඇතුළු පිරිසක් විසින් අසල නගරයක වැසියන්ගේ කෑමවලට "සැල්මොනෙල්ලා" (Salmonella) නැමැති බැක්ටීරියාව මිශ්‍ර කර දැවැන්ත ජෛව-ත්‍රස්ත ප්‍රහාරයක් (Bio-terror attack) එල්ල කරන ලද බව පැවසේ. මෙයින් පුද්ගලයන් 750 කට අධික පිරිසක් රෝගාතුර වූ බවත් සඳහන්ය.

අධ්‍යාත්මික ගුරුවරයෙකු වුවද, ඔහු අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. ඔහු සතුව "රෝල්ස් රොයිස්" (Rolls-Royce) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 93ක් තිබූ අතර, දියමන්ති එබ්බවූ ඔරලෝසු සහ මිල අධික ඇඳුම් පැළඳුම් භාවිත කිරීම නිසා ඔහුව විවේචකයින් විසින් "ධනවතුන්ගේ ගුරු" (Rich man's guru) ලෙස හඳුන්වන ලදී.

ලිංගික නිදහස සහ අපවාද: සාම්ප්‍රදායික පවුල් සංස්ථාව ප්‍රතික්ෂේප කරමින්, ලිංගික නිදහස අත්‍යවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය. මේ නිසා බටහිර මාධ්‍ය ඔහුව "ලිංගික ගුරු" (Sex Guru) ලෙස හැඳින්වූ අතර, ඔහුගේ ආශ්‍රම තුළ සිදුවූ විවිධ ලිංගික අපචාර සහ සූරාකෑමීම් පිළිබඳව හිටපු අනුගාමිකයින් විසින් පසුව විවිධ හෙළිදරව් කිරීම් සිදුකරන ලදී.

පහත දැක්වෙන්නේ ඕෂෝ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ කොටස් වශයෙන් පළකර තිබූ සවිස්තරාත්මක සටහනක පළමු දිගහැරුමය.

රාජ්නිශ්පුරම්:(  1 කොටස) 

🔵යුටෝපියාවේ නැගීම🔵

1974 දී චන්ද්‍ර මෝහන් ජෛන් කියන හිටපු විශ්ව විද්‍යාල ආචාර්යාවරයෙක් භගවාන් " රාජ්නීෂ්" ලෙස තමන්ව හදුන්වා ගනිමින් ඉන්දියාවේ 'පූනේ' නගරයේ දී ආශ්‍රමයක් ආරම්භ කලා.

මේ වෙන කවුරුත් නෙවෙයි..රැඩිකල් සමාජවාදීන් ගෙ පපුව ඇතුලේ චේ ගුවේරා සහ දළයි ලාමා ගෙ මැද්දේ ඉන්න "ඕෂෝ".

එහි දී ඔහු දේශනා කලේ 

🛑  "ලිංගිකත්වය කියන්නේ මිනිසුන්ගේ සොභාවික ශක්තියක් මිසක්, ලැජ්ජාවෙන්න හංගන්න ඕන දෙයක් නෙවෙයි... 

🛑 "ලිංගික ආශාවන් බලහත්කාරයෙන් හිර කරගෙන ඉන්න (Suppress) මිනිස්සුන්ට කවදාවත් ආධ්‍යාත්මික නිදහසක් ලබන්න බැහැ, ඒ නිසා ලිංගිකත්වය හරහාම ඉහළ ආධ්‍යාත්මික තලයකට (Superconsciousness) යන්න ඕනේ!"...වගේ දේවල්

ඔහු බටහිර මනෝවිද්‍යා ක්‍රම සහ භාවනා එකතු කරලා විශේෂ කණ්ඩායම් වැඩසටහන් (Encounters/Groups) පැවැත්වුවා.

ඒවා වල දි මිනිස්සුන්ගේ හිතේ තියෙන බිය, ලැජ්ජාව සහ සමාජයීය බාධක (Inhibitions) කඩා බිඳ දාන්න කාමර ඇතුළේ කරන වැඩසටහන්වලදී ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවන්න (Nudity) නියෝග කරා..

⭕ගෑණු  සහ පිරිමි නිරුවතින් කරන භාවනාවකින් පටන් ගන්න මේ වැඩසටහන් ඉවර වෙන්නේ සමුහ(Group sex) ලිංගික හැසිරීම් වලින්!⭕

මේ වගේ  දේවල් නිසා මොහුගේ මේ ආශ්‍රමය බටහිර පුද්ගලයන් අතර ඉතා ජනප්‍රිය වුනා.. බටහිරෙන් ඉන්දියාවට පැමිණි සිටි හිපියන් ද විශාල වශයෙන් මොහු වටා එක්‌වුනා.

⭕ අනිත් ආගම් සියල්ල විවේචනය කිරීම, ආශ්‍රමය තුල සිදුවෙන අසභ්‍ය හැසීරීම් වගේ දේවල් නිසා රාජනීෂ් ගෙ ආශ්‍රමය ගැන ඉන්දියානු රජයට සහ මහජනතාවට තිබුනේ දැඩි අප්‍රසාදයක්.

මේ දැඩි අප්‍රසාදය නිසා ඉන්දියාව අතහැර තමන්ගේ සහ අනුගාමිකයන්ට නිදහසේ කටයුතු කරන්න සුදුසු තැනක් ඕෂෝ හෙව්වා.

🔺🔺ඇමරිකාවට පලා යාම🔺🔺

⭕1981 දි හොර රහසේම ඇමරිකාවට පැන ගිය ඕෂෝ ලෝකයේ කිසිම රජයකට හෝ නීතියකට ඇඟිලි ගහන්න බැරි, තමන්ගේම නීති රීති ක්‍රියාත්මක වන "ස්වයංපෝෂිත ආගමික රාජ්‍යය" (Utopia) ඔරිගොන් ප්‍රාන්තයේ අක්කර 64.0000 ක අති විශාල ඉඩමක ගොඩනැගීම ආරම්භ කලා.... 

⭕ඒ තමයි "රාජ්නිශ්පුරම්" හෙවත් රාජනිෂ් පුරය.⭕

ඕෂෝ ගෙ අනුගාමිකයන් අතර මිලියනපතියන් සිටිය නිසා මුදල් වලින් ඔහුට ප්‍රශ්නයක් තිබුනේ නැහැ

ඒවගෙම විශාල අනුගාමිකයන් පිරිසක් සිටිය නිසා ශ්‍රමයෙන්ද අඩුවක් වුනේ නැහැ.

⭕නගරය ගොඩනැගිම සදහා ඕෂෝ ගෙ දකුණු අත වගේ හිටියේ "ආනන්ද් ශීලා" නැමති කාන්තාව.. ඒ වගේම නගරයේ පරිපාලනය මුළුමනින්ම සිදුකරේ ඇය යි.

⭕මේ නගරය ගොඩනැගිම සහ නඩත්තුව සඳහා ඕෂෝ අමුතු භාවනාවක් හඳුන්වල දීලා තිබ්බා.. ඒ තමයි "worship of work"  හෙවත් වැඩ කරන භාවනාව. එක තැනක සිටිමින් කරන භාවනාව ප්‍රතික්ෂේප කරපු ඔහු අනුගාමිකයන් හැම දෙනාටම යම් වැඩ කොටසක් පවරලා ඒ වැඩ කොටස භාවනාවක් ලෙස කරන්න උපදෙස් දුන්නා.

🛑 ඒ අනුව බටහිර රටවලින් ආපු ලොකු දොස්තරලා, නීතිඥයෝ, සහ මහාචාර්යවරු පවා තමන්ගේ සුඛෝපභෝගී ඇඳුම් අයින් කරලා, රතු පාට කම්කරු ඇඳුම් ඇඳගෙන පාරවල් හදන්න පස් කැපුවා, ගඩොල් ඇද්දා, වැසිකිළි පවිත්‍ර කළා.

🛑 ආනන්ද් ශීලා විසින් නගරය ඉක්මනින් ඉදි කිරීමට ඕනෑ වූ නිසා අනුගාමිකයින් ලවා දිනකට පැය 16ක් වැනි අධික කාලයක් වැඩ ගත්තා. සමහර අයට මහන්සිය නිසා අසනීප වීමට පවා සිදුවුණා.🛑

(මුල් කාලයේ කැමැත්තෙන් කරපු වැඩ වන්දනාව, පසුව ශීලාගේ තද නීති සහ තර්ජන නිසා අනිවාර්යයෙන්ම කල යුතු "වහල් සේවයක්" (Forced labor) බවට පත්වුණු බව පසුව නගරය අතහැර ගිය සමහර අනුගාමිකයන් ප්‍රකාශ කළා.)

වසර තුනක් ඇතුලත නොමිලේ ලැබුණු ශ්‍රම දායකත්වයෙන් අංග සම්පුර්ණ නගරයක් ඔරිගොන් හී ඉදිකෙරුණා.

🔺🔺නගරයේ සොභාවය 🔺🔺

⭕ ඕෂෝ තමන්ගේ තරුණ කාලයේදී සමාජවාදී(Socialist) සහ කොමියුනිස්ට් (Communist අදහස් දැඩිව කියවපු සහ ඒවායින් ආභාෂය ලබපු කෙනෙක් නිසා රජ්නීෂ්පුරම් නගරයේ ක්‍රියාකාරකම් නීති, රීතින් සියල්ල සමාජවාදී ස්වරූපයක් ගත්තා.

⭕ .රජ්නීෂ්පුරම් නගරයේ ස්තිර පදිංචි වෙන්න එන අයට තමන්ගේ බාහිර ලෝකයේ තිබුණු ගෙවල් දොරවල්, ව්‍යාපාර විකුණලා, බැංකු ගිණුම්වල තිබුණු සියලුම සල්ලි සහ රත්තරන් බඩු ආශ්‍රමයේ පොදු අරමුදලට (Rajneesh Foundation) පරිත්‍යාග කරන්න සිද්ධ වුණා.නගරයේ තිබුණු ගෙවල්, වාහන, කෑම බීම හැමදේම අයිති වුණේ පොදුවේ ආශ්‍රමයටයි.

⭕ සල්ලි ඔක්කොම ආශ්‍රමයට දුන්නට පස්සේ, නගරය ඇතුළේ කිසිම කෙනෙක්ට පුද්ගලිකව සල්ලි පාවිච්චි කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. නගරය ඇතුළේ මිලදී ගැනීම්වලට ආශ්‍රමයෙන් නිකුත් කරපු විශේෂ කූපන් හෝ කාඩ්පත් ක්‍රමයක් තමයි තිබුණේ.

මේ දේපළ අත්හැරීමේ ක්‍රියාවලියේ තිබුණු ලොකුම අර්බුදය තමයි, කෙනෙක් තමන්ගේ සියලුම සල්ලි ආශ්‍රමයට දුන්නට පස්සේ, ඒවා ලියකියවිලිවල සටහන් වුණේ. "ස්වේච්ඡාවෙන් දුන් පරිත්‍යාග" (Donations)  විදිහටයි  

(ඒ නිසා පසුව ආශ්‍රමයේ පාලනය ගැන කලකිරිලා හෝ ශීලා එක්ක රණ්ඩු වෙලා නගරයෙන් අයින් වෙලා යන්න හදපු අයට තමන් දුන්නු සල්ලිවලින් එක සතයක්වත් ආපසු ලැබුණේ නැහැ.බොහෝ දෙනෙක් තමන්ගේ මුළු ජීවිත කාලයම හම්බ කරපු සල්ලි ආශ්‍රමයට දීලා තිබුණු නිසා, පසුව නගරය බිඳ වැටෙද්දී ඔවුන් කිසිම දෙයක් නැති අන්ත අසරණයන් බවට පත්වුණා.)🛑

🛑ඕෂෝ මේ ක්‍රමය සාධාරණීකරණය කළේ ආධ්‍යාත්මික දර්ශනයක් හරහායි.. ඔහු කිව්වේ "මමත්වය (Ego) සහ තණ්හාව නැති කරන්න නම් මුලින්ම තමන්ගේ දේපළවලට තියෙන බැඳීම අතහරින්න ඕන" කියලයි!🛑

🔺🔺ලිංගික නිදහස 🔺🔺

🅾️ මේ නගරයේ තිබූ විශේෂ දෙයක් තමයි ලිංගික නිදහස.. එය ප්‍රායෝගිකව අත්හදා බැලුවේ බටහිර මනෝවිද්‍යාඥයන් විසින් මෙහෙයවපු විශේෂ කාමර ඇතුළෙයි. තමන්ගේ ශරීරය ගැන තියෙන ලැජ්ජාව සහ සමාජයෙන් දාපු වැටකඩොලු කඩන්න මේ සමහරක් භාවනා කණ්ඩායම්වලදී (Groups) ඇඳුම් සම්පූර්ණයෙන්ම ගලවා නිරුවත් වෙන්න අනුගාමිකයන්ට නියෝග කෙරුණා.

⭕ මේ කාමර ඇතුළේ එකට එකතු වෙන පිරිසට තමන්ගේ ලිංගික ආශාවන් සහ ෆැන්ටසි (Sexual fantasies) විවෘතව අත්හදා බලන්න ඉඩ දුන්නා. ඔවුන් විශ්වාස කළේ මේකෙන් තමන්ගේ හිත ඇතුළේ තියෙන මානසික ගැටලු සහ ආතතිය නැති වෙලා හිත සැහැල්ලු වෙනවා කියලා.

කැමති කෙනෙක් සමග ලිංගිකව හැසිරීමට නිදහස මේ නගරයේ තිබුනා.

 නගරයේ සම්පත් ආරක්ෂා කරගන්න ඕන නිසා අනුගාමිකයන්ට දරුවන් බිහි කිරීම තහනම් වුණා. ලිංගික නිදහස තිබුණේ විනෝදයට සහ ආධ්‍යාත්මික නිදහසට මිසක් පවුල් සංස්ථාවක් හදන්න නෙවෙයි. මේ නිසා බොහෝ කාන්තාවන්ට වන්ධ්‍යාකරණ සැත්කම් (Sterilization) සහ ගබ්සා කිරීම් සිදු කරන්න වුණා!

⭕ඕෂෝ මේ ආශ්‍රමය සිටි සුන්දරම තරුණියන්  පිරිස තමන්ගේ ලිංගික සහකාරියන් විදිහට තබාගත්තා🛑

ඕෂෝගෙ විධානයෙන් ඔහුත් සමග ලිංගිකව එකතු වීමට මොවුන් සුදානමින් සිටියා.

භගවාන්(ඔෂෝ) සමග ලිංගිකව එකතුවෙන්න ලැබීම ම ඔවුන් සැලකුවේ භාග්‍යයක් විදිහට!

🔺🔺සමුහය 🔺🔺

⭕හැමෝම එහි තිබූ එකම පොදු කුස්සියෙන් (Magdalena Dining Hall) ආහාර ගත්තා.තමන්ට කැමති ආහාර පවා තෝරා ගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුනේ නැහැ. දෙන දෙයක් ඔවුන්ට කෑමට සිදුවුණා.

ඕෂෝගේ දර්ශනයට අනුව ආශ්‍රමය ඇතුළේ මස්, මාළු හෝ බිත්තර කෑම තහනම් වුණා. ඔවුන් ආහාරයට ගත්තේ 100% නිර්මාංශ කෑම වර්ගයි.

කෑමවලට ගත්තු හැම එළවළුවක්, පළතුරක් සහ ධාන්‍ය වර්ගයක්ම වගේ ඔවුන් ලබාගත්තේ රජ්නීෂ්පුරම් නගරය ඇතුළෙම අනුගාමිකයන් විසින් කාබනික ක්‍රමයට (Organic farming) වගා කරපු දැවැන්ත ගොවිපළවල්වලින්.

⭕මේ කුස්සියේ උයන, පිඟන් සෝදන, එළවළු කපන හැම කෙනෙක්ම "වැඩ වන්දනාවේ" (Work as Meditation) යෙදෙන අනුගාමිකයින්.ඔවුන් මෙහි වැඩ කාලේ භජන් (භක්ති ගීත) ගායනා කරමින්.

🔺🔺පරිපාලනය🔺🔺

රජ්නීෂ්පුරම් නගරයේ පරිපාලන කටයුතු (Administration) සිද්ධ වුණේ හරි පුදුම හිතෙන විදිහකට. එක පැත්තකින් ඒක අතිශය දියුණු, ආදර්ශමත් නගර සභා පාලනයක් වගේ පෙනුණත් තිරය පිටුපස තිබුණේ ආනන්ද් ශීලාගේ ඒකාධිපති (Dictatorial) සහ රහස් පොලිස් පන්නයේ දැඩි පාලනයක්.

 ⭕ ඕෂෝගේ පූර්ණ බලය සහ විශ්වාසය තිබුණේ ශීලාටයි. ඇය තමයි නගරයේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වුණේ. ඇය ගන්නා තීරණවලට උඩින් යන්න නගරයේ කිසිම කෙනෙක්ට බලයක් තිබුණේ නැහැ. ඇය ඉතාම දක්ෂ, කපටි වගේම දැඩි පාලනයක් ගෙනගිය කාන්තාවක්.

ඇමරිකානු නීතියෙන් බේරෙන්න සහ නගරයේ පාලනය නීත්‍යානුකූල කරගන්න ඔවුන් උපක්‍රමශීලීව කටයුතු කලා. ඔවුන් 1982 දී ඔරෙගන් ප්‍රාන්ත රජයෙන් නීත්‍යානුකූලව අවසර අරන් මේ ඉඩම "රජ්නීෂ්පුරම් නගරය" (City of Rajneeshpuram) විදිහට ලියාපදිංචි කළා.

 නීතියට අනුව නගරයට නගරාධිපතිවරයෙක් (Mayor) සහ නගර සභාවක් (City Council) ඡන්දයෙන් පත් කරගත්තා. හැබැයි මේ හැම තනතුරකටම පත්වුණේ ශීලාට පක්ෂපාතී අනුගාමිකයින් විතරයි. ඒ නිසා නීත්‍යානුකූල නගර සභාව ක්‍රියාත්මක වුණේ ශීලාට ඕන විදිහටයි.

⭕ නගරයේ සාමය පවත්වාගන්න ශීලා රහසිගත ක්‍රමවේද රැසක් භාවිත කළා. නගරයේ හැමතැනම රහස් කැමරා සහ දුරකථනවලට සවන්දීමේ උපකරණ සවි කර තිබුණා. ශීලාට හෝ ඕෂෝට විරුද්ධව අදහස් දක්වන අයව පරිපාලනය මඟින් වහාම හඳුනාගත්තා.

⭕ ශීලාගේ නීතිවලට පිටින් යන, නැත්නම් නගරයේ පාලනය විවේචනය කරන අනුගාමිකයින්ව"පොදු ද්‍රෝහීන්" ලෙස සලකා නගරයෙන් පන්නා දැමීම හෝ ඔවුන්ට දැඩි මානසික පීඩනයන් එල්ල කිරීම සිදුවුණා.

🔺🔺ගැටුමක මුල පිරුම 🔺🔺🔺

මෙසේ රාජනීෂ්පුරය නැතිනම් ඕෂෝගේ යුටෝපියාවේ වැඩ කටයුතු සිද්දවෙනකොට අසල්වැසි ඇමරිකානුවන් සිටියේ මේ අලුතින් පැමිණි අමුතු පිරිස ගැන ඇහැගහගෙන..

ක්‍රිස්තියානින් වූ ඔවුන්ට මේ අලුත්  පිරිසේ හැසිරීම් දිරෙව්වේ නැහැ..විශේෂයෙන් ඔවුන් රෑ එළිවෙනතුරු ශබ්දවාහිනී යන්ත්‍ර ආදාරයෙන් සිදු කරන භජන් ගීත ආදී දේවල්. 

රාජනිශ්පුරය සහ ඇමරිකානුවන් ගැටෙන්නේ පටන් ගත්තේ මෙතැන් සිටයි..

(මතු සම්බන්දයි....)


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.