ඒක ලැජ්ජයි කැතයි.. හෝදන්න දෙයක් නෑ..
මම 88/89 කාලේ ජවිපයට සම්බන්ධයි කියලා අත් අඩංගුවට ගත්ත අය හොයන්න ඒ දවස් වල හමුදා සහ පොළිස් ස්ථාන වලට එන අයට ලැබෙන අල්ලස් ඔෆර් ඇස් දෙකින් බලලා කන්දෙකෙන් අහලා තියෙන පුද්ගලයෙක්.
අත් අඩංගුවේ ඉන්නවද බලන්න අල්ලස් ගන්න හැටි දැකලා තියනවා
මරලද නැත්නම් අදාළ ස්ථානයේ ඉන්නවද නැද්ද කියන්ක ඉල්ලන අල්ලස් දැකලා තියනවා.
අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීලා වයර් කපපු ටෙලිෆෝනයකින් ආමි ෂෙල් එකට පොළීසියට කෝල් දීලා ඉන්නවද නැද්ද අහලා කියන ගමන් නොකියා අල්ලස් ඉල්ලන හැටිත් දැකලා තියනවා.
පොලොන්නරුවේදී එක අම්මා කෙනෙක් කනේ කරාඔු දෙක ගලවලා දීලා අඩ අඩා මහත්තයෝ,කොල්ලා ඉන්නවද නැද්ද කියලා මේක අරං ගිහිං බලලා කියන්න පිජ අත්වෙනවා කියලා දීපු අල්ලස ඉදිරියේ මටත් ඇඩිලා තියනවා
ඒ හැම තැනකදීම වුනේ දුක වවාගෙන කෑමක්
මමමේ ටික ලීවේ ඇයි .
හැඩතළ වෙනස් වුනාට චරිත් අබේසිංහලා කරලා තියෙන්නේ ඒ වගේ වැඩක් 😀😀
චරිත්ලා අල්ලස අරං තියෙන්නේ හරක් කටාගේ භාර්යාවගෙන්
ඩීල් කරලා තියෙන්නේ දුක සහ බිය එක්ක
හරි හෝ වැරදි හරක් කටා හෙවත් නදුන් චින්තකගේ උතුරා යන මත් ද්‍රව්‍ය වෙලදාමට අදාළ මුදලින් ටිකක් අල්ලසක් ලෙස ඇදගෙන්න බලලා තියනනවා.
ඒ කාලේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති.
අධිකරණ ඇමතිට නදුන් චින්තක හෙවත් හරක් කටා රදවන බන්ධනාගාරය වෙනස් කරන්න හැකියාවක් නැති,වෙන්න බෑ.
විජේදාසගේ පුතා පැටලෙන්නේ එතැනට වෙන්න පුළුවන්.
මගේ මතය ඒක ලැජ්ජයි / වැරදියි / දෙන්නාම නීතීඥයන්
අනාගතයේදී පාර්ලිමේන්තුවෙි නීති හදන තැනට එන්න හිටපු ඒකට සකස් කල එන්න පුළුවන් අය.
ඒ වගේ අය මෙහෙම කරනවා නම් ( අධිකරණයෙන් ඔප්පු කරන්න ඕන ) ඒක ලැජ්ජා සහගතයි.
කන්ටේනර් 317 වරායෙන් අල්ලසට පැන්නීම තරමටම හරක් කටාට නීතිය සහ බන්ධනාගාරය ඇතුලේ වංගු ගහන්න
අල්ලස් ගැනීමත් ලැජ්ජා සහගතයි.
මම මේක ලීවේ වැරැද්ද වෙලා නම් වැරැද්ද වැරැද්දමයි කියන්න.
එහෙම ලීවේ
චරිත් වත් විජේදාසගේ පුතාවත් ටිරාන් අලස්වත් වෙනයම් මේකට ගෑවුන කෙනෙක් වත් මගේ දේශපාලන මතවාදයේ පක්ෂයේ නෙවෙයි.
ඒ හංදා මට ඒ සිදුවීම ටැග් කරලා මතය අහන්න එපා ඔන්න මම මතය ලීවා.
තවත් මදිනම් මෙහෙමත් ලියනවා අනුර ජනාධිපති වුන නිසාත් චරිත් දිගටම රජය විවේචනය කල නිසාත් මෙය එළියට ආවා.
නැත්නම් මේක එලියට එන්නේත් නැතුව යට යනවා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා.
ස්තූතියි
- නුවන් මොණරවිළ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?