O/L දක්ෂම දරුවන් වැසීම හා තෙරපිවරියන් ලොවට පෙන්වීම..
ඉහළ ප්‍රතිඵල ගත් සිසුන්ගේ නම් ප්‍රකාශයට පත් නොකරන බව විභාග කොමසාරිස් ප්‍රකාශ කර තිබේ. මේ තීරණය විභාග කොමසාරිස්ට අධ්‍යාපන ඇමැතිනියගෙන් ලැබුණු නියෝගයකට අනුව ගත් තීරණයක් විය යුතුය. මා එසේ සිතන්නේ ඇය "වෝක්" සංස්කෘතියට අනුව සිතන හා තීරණ ගන්නා තැනැත්තියක් බව මා වටහාගෙන සිටින නිසාය.
ඇමෙරිකානු කළු ජාතිකයන් අතර "අවදිව සිටින්නා" (Stay woke) යන අර්ථයෙන් කරලියට පැමිණි මෙම "වෝක්" සංස්කෘතිය, පෙනුමින් සමාජයීය අසාධාරණය, වර්ගවාදය, ලිංගික අසමානතාවය සහ සුළුතර අයිතිවාසිකම් පිළිබඳව දැඩි ලෙස පෙනී සිටීම යනාදියෙන් සමන්විතය. පීඩාවට පත් කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටීම, සමාජයේ පවතින සියුම් වෙනස් කොට සැලකීම් හඳුනාගැනීම, ආන්තික කරණයට ලක්වූවන් සඳහා හඬක් නැගීම, පැරැණි අගතීන් ලෙස ඔවුන් දකිනා ආකල්ප වෙනස් කිරීමට බලපෑම් කිරීම යනාදියද අතිරේක වශයෙන් මෙයට ඇතුළත්ය.
මෙම "වෝක්" සංස්කෘතිය පිළිගත්තවුන් පවත්නා සංස්කෘතිය ඉවසන්නේ නැත. එම සංස්කෘතික හර වටිනාකම් නොසලකා හරින්නේය. වෙනස් අදහස් දරන්නන්ව ඉවසන්නේ ද නැත. මෙම සංස්කෘතිය පිළිගත්තවුන් ජයග්‍රාහකයා ලෙස හඳුනාගන්නේ සාම්ප්‍රදායික සමාජ ක්‍රමයෙන් උපරිම වාසි සහ වරප්‍රසාද ලබා ඉහළටම ගිය පිරිසය. එක්කෝ බහුතර බලය හිමි ජාතියය, ඉහළ පැලැන්තියේ පිරිමින්ය; නැතහොත් වරප්‍රසාදිත පිරිසය. "වෝක්" සංස්කෘතිය පිළිපදින්නන් අන්‍යන්ගේ ජයග්‍රහණ පිළිබඳව කියවා ගන්නේ ඒවා තනි දක්ෂතාවය නිසා ලබාගත් දෙයක් නොව අන් අයව පීඩාවට පත් කරමින් ලබාගන්නා "උපයා නොගත් වරප්‍රසාදයක්" (unearned privilege) ලෙසය.
කෙනෙකුගේ පෞද්ගලික උත්සාහය සහ දක්ෂතාවය අගය නොකර සියල්ල සමාජ ව්‍යුහයට බැර කිරීම මේ "වෝක්" කාරයන්ගේ ක්‍රමය වේ. මේ අය සමාජය කියවාගන්නේ "පීඩකයා සහ පීඩිතයා" ලෙස කොටස් දෙකකට බෙදාය. වර්තමානයේ දී යුරෝපය හා බටහිර ලෝකය මේ මතවාදය වැළඳගෙන, එයින්ම බැටකා කරකියා ගත හැකි කිසිවක් නොමැති ඉරණමකට ඇද වැටී තිබේ.
ජයග්‍රහණය කළ පිරිස කවුදැයි නොකියන්නේ පරාජිතයාට ඇතිවන දුක නැති කිරීමටය. පරාජිතයාට ඇතිවන දුක නැති කිරීමට දුකට පත්කරන්නේ ජයග්‍රාහකයාවය. ඒ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් වැඩිම ලකුණු ගත් සිසුන් කවුදැයි ප්‍රකාශයට පත් නොකිරීම මගිනි. මෙය නිවැරදිද? වැඩිම ලකුණු ගත් 10 දක්වා ප්‍රකාශයට පත් කිරීමෙන් එම අනුපිළිවෙලේ 11 වෙනියාගේ සිට පහළට සිටින දරුවන් දුකට පත්වනු ඇතිද? මටනම් එසේ සිතෙන්නේ නැත. එහෙත් "වෝක්" සංස්කෘතියෙන් ඔලුව කුරුවල් කරගත්තවුන්ට හිතෙන්නේ එසේය.
මෙය ඉතා අනුවණ තීරණයකි. වැඩිම ලකුණු ගත් සිසු සිසුවියන් අතර මීට පෙර කිලිනොච්චියේ දරුවෝද නියෝජනය වී සිටි බව මතකය. 6%ක් වෙන් නොකළාට වෙසෙසින්ම යුද්ධයෙන් පසු මෙරට ග්‍රාමීය හා නාගරික යටිතල පහසුකම් වර්ධනය වීමේ ප්‍රතිඵල මත දිනන දරුවන් බිහිවන්නේ නගරවලින් පමණක් නොවේ. එබැවින් ඉහළම ලකුණු ගත් දරුවන් ප්‍රකාශයට පත් නොකරන්නේ ඒ ජයගන්නා දරුවන් ආදර්ශයට ගැනීමට ඔවුනට බාල පරම්පරාවට ඇති අයිතිය උදුරා දමන්නය. දරුවන්ද දෙමාපියන් ද එක්ව මෙයට එරෙහි විය යුතුය. හරිනිලාගේ "වෝක්" සංස්කෘතික නරා වලට අපගේ දරුවන් 'බයිට්' එකක් කර ගැනීමට ඉඩ නොදිය යුතුය. එබැවින් අ.පො.ස (සා/පෙළ) වැඩිම ලකුණු ගත් අපේ දරුවන් කවුදැයි අපට පවසනු! එය දැනගැනීම අපේ අයිතියකි! යන මතය මත පිහිටා අප ඉදිරියට පැමිණිය යුතුය. හඬ නැගිය යුතුය. සටන් කළ යුතුය! හරිනි ද හරිනිගේ "වෝක්" සංස්කෘතික ඉගෙනුම ද පැරදවිය යුතුය.
ඒ, එක කතාවකි, අනෙක් කතාව නම් කවුද මන්දා ඕලුගල කෙනෙකු දක්වන ලද අමුතුම මෙහෙයුමක් ගැනය. ඕලු-ගලක් ඇති මේ පොලිස් ප්‍රධානියා තලවතුගොඩ හා ඒ ආශ්‍රිත සම්බාහන මධ්‍යස්ථාන වෙත කඩා වැදී එහි සේවා සපයන තෙරපිවරියන් පෝලිම් ගස්සා බසයකට නග්ගාගෙන උසාවි ගෙන යන අතිශය ලැජ්ජා විරහිත පුවත ඔබ දුටුවේ ද? ඒ ගැන මට සිතෙන්නේ මෙහෙමය.
සම්බාහන මධ්‍යස්ථාන (SPA) පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලය. නීතියට අනුකූල නොවන සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ නම් වටලා අත්අඩංගුවට ගෙන උසාවියට ගෙන යා යුත්තේ ඒවායේ හිමිකරුවන් මිස තෙරපිවරියන් නොවේ. එහි වරද කර ඇත්තේ හිමිකරුවන් මිස තෙරපිවරියන් නොවේ. බලපත්‍රලාභී සම්බාහන මධ්‍යස්ථානයක් තුළද නීතියට අනුව වරදක් සිදුකර ඇත්නම් අත්අඩංගුවට ගෙන උසාවි දැමීමට පෙර කළ යුත්තේ අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර තාවකාලිකව බලපත්‍රය අවලංගු කිරීමය. දෙවනුව පරීක්ෂණය සිදුකර නිදොස් නම් බලපත්‍රය යළි සක්‍රීය කිරීමය. සදොස් නම් අධිකරණය හමුවට රැගෙන යා යුත්තේ ද අයිතිකරු මිස තෙරපිවරියන් තෙරපිවරු නොවේ. එවැන්නකු අධිකරණය හමුවට සාක්ෂිකරුවකු ලෙස පැමිණිය හැකියි. චූදිතයෙකු ලෙස පැමිණවීම නොකළ යුතුය.
පොලිසිය කරන්නේ ප්‍රධාන මාධ්‍ය කැමරා හා සමාජ මාධ්‍ය කැමරා රැගෙන මේ ස්ථාන වෙත ගොස් ඒවායේ සේවා සපයන ලද තෙරපියරියන් හා තෙරපිවරුන් පෝලිමේ ගෙන යාමය. එමඟින් ආර්ථික පීඩනය නිසාම මේ රැකියාවලට පැමිණි මෙරට දුගී පවුල්වල තරුණ කාන්තාවන් හා පිරිමි ඉතා අශිෂ්ඨ අයුරින් ගණිකාවන් ලෙස හංවඩු ගැසෙන අන්දමේ සංදර්ශනයක නිරතවීමය. මේ තුච්ඡ පොලිස් නාඩගමට ඉඩ දිය යුතුද නැත.
මේවා මෙසේ වෙන්නේ ඊට පෙර විය යුතුයැයි ඕලු-ගලලා පතන දේවල් නොවුනාම විය හැකිය. ඒ ගැන ලියන්නට ගියොත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම හොඳ නැත. ඒ මා සමස්ත පද්ධතියටම වෛර කරන "වෝක්" පිස්සකු නොවන නිසාය. එහෙත් මේ වැරදිද නැවත නැවතත් සිදුවීමට අප ඉඩ දිය යුතු නැත. එයද නැවතිය යුතුය.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?