
බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස
අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක් අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ වූ රටක්.
එදා ලිබියාවේ රැකියා විරහිත අයට වෙනම වැටුපක්,
ළමයෙක් ඉපදුනාම වෙනම වැටුපක්,
උසස් අධ්‍යාපනයට පිටරට යන්න වරම් සියල්ල රජයෙන්,
විවාහ වුණාම වෙනම දීමනාවක්,
අප්‍රිකානු මහද්වීපයේ පොහොසත්ම රට ඇමෙරිකානු කුමන්ත්‍රණයට අහුවුණා අවසානයේ සියල්ල නැති කරගත් රටක් බවට පත්වුණා.
ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවය සහ බුද්ධි මට්ටම්වලින් ඉහළම රටක් යුදෙව්වන්ට පසු බුද්ධිය අතින් ඉහළම රටක්.
ලෝකෙ පොහොසත්ම සංස්කෘතිය තියන රට.
ඒ විතරක් නෙමෙයි මහා වැව් 3600 කට ආසන්න ප්‍රමාණයක් සහිත රටක්.
ලෝකයේ නැව් ගමනාගමනයෙන් අඩකට වැඩිය ඒ ආසන්නයෙන් ගමන් කරන රටක්.
කෙටියෙන්ම කියවාහොත් ලෝකය පාලනය කළ හැකි රටක්.
නිදහස ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබූ රටක්.
ලිබියාව තෙල් නිසා දියුණු වෙලා කුමන්ත්‍රණවලට හසුවෙලා වැනසුණු රටක්.
ශ්‍රී ලංකාව නිදහසින් පසු පවුල් දේශපාලන සහ සුදු කරපටි සොරමුලකට හසුව අපායේ දොරකඩ ආසන්නයේ තිබෙන රටක්.
ඒ වගේම ලෝකයේ පිහිටීම නිසා ඇමෙරිකානු ඉන්දියානු කුමන්ත්‍රණ වලට හසුව නව යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන රටක්.
අපි ලිබියාවට යමු....
වර්තමාන ලිබියාව විවිධ කල්ලි කණ්ඩායම්වල පාලනයට හසුවූ රටක්.
එදා තිබූ සශ්‍රීක භාවය නැති වෙච්ච රටක් ඇමරිකානු සමාගම් වල උවමනාව ඉටු කරන රටක් බවට පත්වෙලා.
එහෙම දුප්පත් වෙච්ච රටක් උනත් වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ තිහක් විතර වැටුපක් ලබා දෙන රටක් බවට පත්වෙලා
ඒත් අපේ රටේ,
පැය විසි හතරම වැඩ කරන සීමා වාසික වෛද්‍යවරයාට ගෙවන්නේ රුපියල් පනස් හතර දහසයි.
ඊට වඩා අඩු උපාධියක් තියෙන වරායේ කළමනාකරන පුහුණු තනතුරට බඳවා ගන්නවා පැය අටට රුපියල් ලක්ෂයක්.
අවුරුදු විසිපහක් සේවා කාලයක් තිබෙන වෛද්‍යවරයෙක්ගේ මූලික පිටුප 125000යි.
හෙට අනිද්ද විශ්‍රාම යන්න ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප දෙලක්ෂ විසි දහසයි.
ඒ වැටුපෙන් තමයි ඔවුන් වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා පැට්‍රල් ගහගෙන ලෙඩ්ඩුත් බලලා ඔවුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන.
දැන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැති හින්දා පිටරට යන්න පටන් අරගෙන.
කකුළුව වතුර හැලිය නටනවා වගේ අපේ රටේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ.
රාජකාරී වේලාවෙන් පසුවත් සියලු රෝගීන්ට සත්කාර කරලා තමයි ගෙදර යන්නේ ගොඩක් අය.
හදිසියේ වත් තමන් කරන රාජකාරිය විතරක් කරල නිහඬ වුනොත් මොකද වෙන්නේ.
පැය හතරයි ඕටී ගෙවන්නේ පැය හත අටක ශල්‍ය කර්මයක් නවත්තලා පැය හතරෙන් ගියොත් මොකද වෙන්නේ ලෙඩාට මැරෙන්න තමයි වෙන්නේ.
මේ එතෙන්ට තමයි යන්න හදන්නේ කියන්නේ.
මේ රටේ වෛද්‍යවරුන් ටික දක්ෂයෝ ටික පිටරට ගියොත් අනිවාර්යෙන් රටේ මිනිස්සුන්ට ඕක වෙනවා තමයි.
මහ එවුන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් යාවි.
ඒ වගේම මේ දොස්තර ඉල්ලුම මේ කලාපයේ ඉන්දියානුවන්ට නැහැ.
ඒකට හේතුව ප්‍රමිතිය.
මේ ප්‍රමිතිය නැතිකරලා ඉන්දියානු තත්ත්වයට ගේන්න තමයි වත්මන් පාලකයන්ගේ වුවමනාව.
ලිබියාව එච්චර ව්‍යසනයකට මුහුණ දීලාත් දැන් ඔවුන් ඔලුව උස්සගෙන එනවා.
ඒකට ශ්‍රී ලංකාවේ අපි භාගෙට භාගයක් කන්න නෑ ,දරිද්‍රතාවයෙන් පෙලෙනවා.
ජීවන වියදම වැඩියි රට ඇතුලේ නිෂ්පාදනය වියදම් වැඩි ඒකට හේතුව තෙල් පොහොර ගෑස් මිල වැඩිකම.
තාමත් දේශපාලන මහ එවුන් පරම්පරා ගානකට තෙල් ටිකෙන් ගල් අඟුරු ටිකෙන් පොහොර ටිකෙන් හොරා කමින් ඉන්නවා.
දක්ෂයෝ ටික රට යමින් ඉන්නවා (ඔවුන්ට තමන්ගේ ජීවන පැවැත්ම සඳහා ආත්මාර්ථකාමී වෙන්න වෙලා).
බොහොම අතලොස්සක් රටට ආදරේ කරන නිසා සහ දෙමාපිය ඥාති සම්බන්ධතාවය නිසා තාමත් ලංකාවේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා.
දැනටමත් දුෂ්කර පළාත් වල රෝහල් කිහිපයක් වැහිලා ගිහිල්ලා.
ඇතැම් සායනවලට වෛද්‍යවරු නැහැ.
විදුල බල මණ්ඩලයේ කෙනාට සුවිශේෂී එක වැටුපක්.
ඛනිජ තෙල් සංස්ථාවේ කෙනාට වෙනම වැටුපක්.
වරාය කෙනාට වෙනම වැටුපක්.
වැඩ නැතත් ඔවුන්ට වෙනම අතිකාලදීමනා සීමාවකින් තොරව.
හැබැයි ජීවිතය බේරගන්න ඉන්න කෙනාට දවසට පැය හතරක් විතරයි අතිකාල දීමනා ගෙවන්නේ , පැය දහයක් operation theater එකේ හිටියට වැඩක් නෑ.
වැටුපත් ඔවුන්ට වඩා අඩුයි එක රටක වැටුප්තල ගොඩයි.
ඉතින් රට නොයා ඉඳීවිද.
නුදුරු කාලයකදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටුණහම සියල්ලන්ටම තේරේවි.
අපේ රටේ දක්ෂයෝ ටික අපිට නොදැනුවත්ව අපේ රටෙන් හොරකම් කරනවා කිව්වොත් නිවැරදියි.
පාලකයෝ ඒක එහෙම වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා.
තමන්ගේ ගජ මිතුරන්ට අවුරුදු පහළොවක බදු සහන දෙනවා.
දොස්තරට යන්න ප්‍රවාහන පහසුකම් නැති උනාට මේ රටේ විශ්වවිද්‍යාලයකට පවා නොගිය ඇතැම් අයගේ ගෙවල්වල බල්ලෝ බිරිඳට වෙන වෙනම වාහන.
දැන් ලෝකයම ලංකාවේ දොස්තරලා ගැන දැනගෙන විනාශ මුඛයට ගිය ලිබියාව දැන් ගොඩ එමින් සිටිනවා ලිබියාවත් අපේ රටේ දොස්තරලා ඉල්ලනවා.
මෙයින් බහුතරයක් රට ගියාම අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙන්නේ.
ඒක තේරුම් ගන්න බැරි දූෂිත සොර මුලකින් පිළිතුරු ලබාගන්න පුළුවන්ද?
රටේ සෞඛ්‍ය කඩාගෙන වැටුණු දාට බාල බෙහෙත් මදිවට ප්‍රමිතියෙන් තොර බාල දොස්තරලත් එදාට ඒවි.
එතකොට නැව ගිහිල්ලා තියේවි.
දැන් එදා ලුණු ලාබයිද පොල් බෑය කීයද කියලා අහන්න මිනිස්සු හිටියා.
අද රටලුණු 600 වෙලා අහන්න එකෙක් නෑ.
ඔය වගේ තමයි රෝහලකට ගියාම දොස්තර නැතිවුණාම ජීවිතයේ තියලා එන්න වෙයි.
එදාටත් අහන්න එකෙක් නැතිවේවි.
මහජන යුතුකමක් වෙනුවෙන්,
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
