News Category
From Date
To Date
Maximum Number of Result

බටහිර කුමන්ත්‍රණයට හසුවූ ලිබියාව අපායෙන් ගොඩ එමින් තිබෙන මොහොතක සොර මුලකට හසුවූ ශ්‍රී ලංකාව අපාය අබියස

Dec 28, 2023 at 01:02 PM
|

අතීතයේ ඉතා දුප්පත් රටක්ව තිබූ  ලිබියාව ක්‍රමයෙන් , අප්‍රිකානු කලාපයේ පොහොසත්ම රටක් සාක්ෂරතාවෙන් සහ  පහසුකම් අතින් ඉහළම රටක් බවට පත්වෙලා තිබුණු රටක්  අවසානයේ ඇමෙරිකානු කුමන්ත්‍රණ නිසා විනාශ  වූ රටක්.

එදා ලිබියාවේ රැකියා විරහිත අයට වෙනම වැටුපක්,  

ළමයෙක් ඉපදුනාම වෙනම වැටුපක්, 

උසස් අධ්‍යාපනයට පිටරට යන්න වරම් සියල්ල රජයෙන්, 

විවාහ වුණාම වෙනම දීමනාවක්, 

අප්‍රිකානු මහද්වීපයේ පොහොසත්ම රට ඇමෙරිකානු කුමන්ත්‍රණයට අහුවුණා අවසානයේ සියල්ල නැති කරගත් රටක් බවට පත්වුණා.

ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම සාක්ෂරතාවය සහ බුද්ධි මට්ටම්වලින් ඉහළම රටක් යුදෙව්වන්ට පසු බුද්ධිය අතින් ඉහළම රටක්. 

ලෝකෙ පොහොසත්ම සංස්කෘතිය තියන රට. 

ඒ විතරක් නෙමෙයි මහා වැව් 3600 කට ආසන්න ප්‍රමාණයක් සහිත රටක්.

ලෝකයේ නැව් ගමනාගමනයෙන් අඩකට වැඩිය ඒ ආසන්නයෙන් ගමන් කරන රටක්.

කෙටියෙන්ම කියවාහොත් ලෝකය පාලනය කළ හැකි රටක්. 

නිදහස ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් තිබූ රටක්. 

ලිබියාව තෙල් නිසා දියුණු වෙලා කුමන්ත්‍රණවලට හසුවෙලා වැනසුණු රටක්. 

ශ්‍රී ලංකාව නිදහසින් පසු පවුල් දේශපාලන සහ සුදු කරපටි සොරමුලකට  හසුව අපායේ දොරකඩ ආසන්නයේ තිබෙන රටක්. 

ඒ වගේම ලෝකයේ පිහිටීම නිසා ඇමෙරිකානු ඉන්දියානු කුමන්ත්‍රණ වලට හසුව නව යටත් විජිතයක් බවට පත්වෙමින් තිබෙන රටක්. 

අපි ලිබියාවට යමු.... 

වර්තමාන ලිබියාව විවිධ කල්ලි කණ්ඩායම්වල පාලනයට හසුවූ රටක්. 

එදා තිබූ සශ්‍රීක භාවය නැති වෙච්ච රටක් ඇමරිකානු සමාගම් වල උවමනාව ඉටු කරන රටක් බවට පත්වෙලා. 

එහෙම දුප්පත් වෙච්ච රටක් උනත්  වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ තිහක් විතර වැටුපක් ලබා දෙන රටක් බවට පත්වෙලා 

ඒත් අපේ රටේ, 

පැය විසි හතරම වැඩ කරන සීමා වාසික වෛද්‍යවරයාට ගෙවන්නේ රුපියල් පනස් හතර දහසයි. 

ඊට වඩා අඩු උපාධියක් තියෙන වරායේ කළමනාකරන පුහුණු තනතුරට බඳවා ගන්නවා පැය අටට රුපියල් ලක්ෂයක්. 

අවුරුදු විසිපහක් සේවා කාලයක් තිබෙන  වෛද්‍යවරයෙක්ගේ මූලික පිටුප 125000යි. 

හෙට අනිද්ද විශ්‍රාම යන්න ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප දෙලක්ෂ විසි දහසයි. 

ඒ වැටුපෙන්  තමයි ඔවුන් වාහන අරගෙන ගෙවල් දොරවල් හදලා පැට්‍රල් ගහගෙන ලෙඩ්ඩුත් බලලා ඔවුනුත් ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඕන. 

දැන් ඔවුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම නැති හින්දා පිටරට යන්න පටන් අරගෙන. 

කකුළුව වතුර හැලිය නටනවා වගේ අපේ රටේ මිනිස්සුන්ට තවම තේරිලා නෑ. 

රාජකාරී වේලාවෙන් පසුවත් සියලු රෝගීන්ට සත්කාර කරලා තමයි ගෙදර යන්නේ ගොඩක් අය. 

හදිසියේ වත් තමන් කරන රාජකාරිය විතරක් කරල නිහඬ වුනොත් මොකද වෙන්නේ. 

පැය හතරයි ඕටී ගෙවන්නේ පැය හත අටක   ශල්‍ය කර්මයක්    නවත්තලා පැය හතරෙන් ගියොත් මොකද වෙන්නේ ලෙඩාට මැරෙන්න  තමයි  වෙන්නේ. 

මේ එතෙන්ට තමයි යන්න හදන්නේ කියන්නේ. 

මේ රටේ වෛද්‍යවරුන් ටික දක්ෂයෝ ටික පිටරට ගියොත් අනිවාර්යෙන් රටේ මිනිස්සුන්ට ඕක වෙනවා  තමයි. 

මහ එවුන් සිංගප්පූරුවේ මවුන්ට්  එලිසබත් යාවි. 

ඒ වගේම මේ දොස්තර ඉල්ලුම මේ කලාපයේ ඉන්දියානුවන්ට නැහැ. 

ඒකට හේතුව ප්‍රමිතිය. 

මේ ප්‍රමිතිය නැතිකරලා ඉන්දියානු තත්ත්වයට ගේන්න  තමයි වත්මන් පාලකයන්ගේ වුවමනාව. 

ලිබියාව එච්චර ව්‍යසනයකට  මුහුණ දීලාත් දැන් ඔවුන් ඔලුව උස්සගෙන එනවා. 

ඒකට ශ්‍රී ලංකාවේ අපි භාගෙට භාගයක් කන්න නෑ ,දරිද්‍රතාවයෙන්  පෙලෙනවා. 

ජීවන වියදම වැඩියි රට ඇතුලේ නිෂ්පාදනය වියදම් වැඩි  ඒකට හේතුව තෙල් පොහොර ගෑස් මිල වැඩිකම.

තාමත් දේශපාලන මහ එවුන් පරම්පරා ගානකට  තෙල් ටිකෙන් ගල් අඟුරු ටිකෙන් පොහොර ටිකෙන් හොරා කමින් ඉන්නවා. 

දක්ෂයෝ ටික රට යමින් ඉන්නවා (ඔවුන්ට තමන්ගේ ජීවන පැවැත්ම සඳහා ආත්මාර්ථකාමී වෙන්න වෙලා).

බොහොම අතලොස්සක් රටට ආදරේ කරන නිසා සහ දෙමාපිය ඥාති සම්බන්ධතාවය නිසා තාමත් ලංකාවේ රැඳිලා ඉන්න උත්සාහ කරනවා.

දැනටමත් දුෂ්කර පළාත් වල රෝහල් කිහිපයක් වැහිලා ගිහිල්ලා. 

ඇතැම් සායනවලට වෛද්‍යවරු නැහැ. 

විදුල බල මණ්ඩලයේ කෙනාට සුවිශේෂී එක වැටුපක්. 

ඛනිජ තෙල් සංස්ථාවේ කෙනාට වෙනම වැටුපක්. 

වරාය කෙනාට වෙනම වැටුපක්. 

වැඩ නැතත් ඔවුන්ට වෙනම අතිකාලදීමනා සීමාවකින් තොරව. 

හැබැයි ජීවිතය බේරගන්න ඉන්න කෙනාට දවසට පැය හතරක් විතරයි අතිකාල දීමනා ගෙවන්නේ , පැය දහයක් operation theater  එකේ හිටියට වැඩක් නෑ. 

වැටුපත් ඔවුන්ට වඩා අඩුයි  එක රටක වැටුප්තල ගොඩයි. 

ඉතින් රට නොයා ඉඳීවිද. 

නුදුරු කාලයකදී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාගෙන වැටුණහම සියල්ලන්ටම තේරේවි. 

අපේ රටේ දක්ෂයෝ ටික අපිට නොදැනුවත්ව අපේ රටෙන් හොරකම් කරනවා කිව්වොත් නිවැරදියි. 

පාලකයෝ ඒක එහෙම වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. 

තමන්ගේ ගජ මිතුරන්ට අවුරුදු පහළොවක බදු සහන දෙනවා. 

දොස්තරට යන්න ප්‍රවාහන පහසුකම් නැති උනාට මේ රටේ විශ්වවිද්‍යාලයකට පවා නොගිය ඇතැම් අයගේ ගෙවල්වල බල්ලෝ බිරිඳට වෙන වෙනම වාහන. 

දැන් ලෝකයම ලංකාවේ දොස්තරලා ගැන දැනගෙන විනාශ මුඛයට ගිය ලිබියාව දැන් ගොඩ එමින් සිටිනවා ලිබියාවත් අපේ රටේ දොස්තරලා ඉල්ලනවා. 

මෙයින් බහුතරයක් රට ගියාම අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙන්නේ. 

ඒක තේරුම් ගන්න බැරි දූෂිත සොර මුලකින් පිළිතුරු ලබාගන්න පුළුවන්ද? 

රටේ සෞඛ්‍ය කඩාගෙන වැටුණු දාට බාල බෙහෙත් මදිවට ප්‍රමිතියෙන් තොර බාල  දොස්තරලත් එදාට ඒවි. 

එතකොට නැව ගිහිල්ලා තියේවි. 

දැන් එදා ලුණු ලාබයිද පොල් බෑය කීයද කියලා අහන්න මිනිස්සු හිටියා. 

අද රටලුණු 600 වෙලා අහන්න එකෙක් නෑ. 

ඔය වගේ තමයි රෝහලකට ගියාම දොස්තර නැතිවුණාම ජීවිතයේ තියලා එන්න වෙයි. 

එදාටත් අහන්න එකෙක් නැතිවේවි. 

මහජන යුතුකමක් වෙනුවෙන්, 

- මහජන යුතුකම් කේන්ද්‍රය - 



සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.