News Category
From Date
To Date
Maximum Number of Result

පුදුම දෙයක්, බ්‍රේකිං නිවුස් එකක් කියන්න යන්නේ..

Jun 2, 2026 at 02:32 PM
|

රෙදි උස්සගෙන, මෙන්නෝ කපිල මුස්ලිම් මුඩුක්කු කාරයො දෙන්නෙක් දාල ඇප තියලෝ ඒ නිසා රංග උත්තමයා මැදිහත්වෙලා උසාවියෙන් ඇප අවලංගු කරලෝ, මෙන්න කපිල චන්ද්‍රසේන තව හොරයක් කරලා මාට්ටු වෙලෝ කියල මැයි හය, හත් වෙනිද රෙදි උස්සගෙන කෑගහපු තරිඳු උඩුවර ගෙදර සහ ෆසීර් කියල යූ ටියුබර්ස්ලා  දෙන්නෙක් ඉන්නවා.

මීට අමතරව හිරු, දෙරණ, නිවුස් ෆස්ට් ආදී mainstream ප්‍රවෘත්ති නාලිකා  ඔක්කොම ඊට සමාන හරයක් එන විදියට තමා ඒ නිවුස් එක වාර්තා කලේ. 

මේ අතර Dark Room 0094  කියන ආණ්ඩු විරෝධී පේජ් එක "ව්‍යාජ ඇපකරුවන් ලබාදුන්නේ අල්ලස් හා දූෂණ කොමිසමෙන්ද?  ලැබෙන තොරතුරු  බරපතලයි." කියල පෝස්ට් එකක් මැයි අට වෙනිදා දානව. 

මේ dark room පේජ් එකයි ‍යූ ටියුබ් චැනල් එකයි ගැන මට තියෙන්නේ ආසයි බයයි feelings.

ඒ කියන්නේ, Dark Room එකට එබිල බලන්න මම ආසයි, ඒත් දෙගිඩියාවක් දැනෙනව මේ ගොල්ලො ඇත්තටම තොරතුරු මත base වෙලාද හෙළිදරව් කරන්නෙ නැත්නම් අර ප්‍රගීත් එක්නැලිගොඩලා, සඳරුවන් සේනාධීරලා වගේ ඔලුවෙ තියන මනස්ගාත, facts වගේ ලියනවද කියල. 

හැබැයි කපිල චන්ද්‍රසේනගේ ඇප සිද්දිය ගැන ඩාක් රූම් කපිල මියගිය දවස වෙන මැයි අට වෙනිදා කිව්ව දේ credible කියල ඒත්තු ගන්වන ගොඩක් දේවල් මැයි 26 වෙද්දී හෙළිදරව් වෙලා ඉවරයි.

1) කපිල චන්ද්‍රසේනට ඇප තිබ්බෙ කුළියට ගත්තු මුස්ලිම් ජාතික මුඩුක්කු වාසීන් දෙන්නෙක් කියන ව්‍යාජ තොරතුර සියළු මාධ්‍ය වලට ලබා දීල තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය. හැම මාධ්‍යයක්ම එකම ව්‍යාජ තොරතුර එකම ආකාරයට වාර්තා කරනව කියන්නේ ඒ තොරතුර නිකුත් වෙලා තියෙන්නේ එකම official source එකකින්.

2) ලංකා පොලීසිය එහෙම ව්‍යාජ තොරතුරක් මාධ්‍යට දෙන්නෙ ඇයි කියන එක අතිශය ප්‍රශ්නගතයි. සැක කරුවෙක්ට අධිකරනයෙන් ඇප දුන්නම අදාල ඇප කොන්දේසි වලට මැච් වෙන ඇප කරුවො උසාවියේ රෙජිස්ට්‍රාර් ළගට ඇවිත් අදාල සහතික ඉදිරිපත් කරලා, අවශ්‍ය ඇප මුදල් තැන්පත් කරලා ලබාගන්නා කුවිතාන්සි ඉදිරිපත් කරලා, තමන්ගේ අත්සන යොදලා ඇප ලියවිල්ලක්  ඒ රෙජිස්ට්‍රාර් කාර්‍යාලය මගින් prepare කරනවා.

3) ඒ ඇප ලියවිල්ල මත තමා ජේලර් සිරකරුවාව එලියට දාන්නේ. අධිකරනමය ලේඛනයක් ඒ ඇප ලියවිල්ල. 

4) ශ්‍රී ලංකා පොලීසියට  කපිල චන්ද්‍රසේන රිමාන්ඩ් ප්‍රිසන් එකෙන් 2026 රිලීස් වීමට පාදක වුණු ඇප ලියවිල්ලට access තිබ්බ. 

5) ඒකෙ සඳහන් ඇප කරුවන්ගේ නම් තුන - i) ඉන්දික රත්නායක (කපිල විසින් මාර්තු මාසයේදීම ඇප කරුවෙකු ලෙස සූදානම් කරගෙන සිටි හිතවතෙක්)

ii) චමිල් සහ ශාන්ත. (කපිලට 2020 දීත් ඇප තැබූ ඇප කරුවන් දෙදෙනා. 2026 දී ඔවුන්ගේ සම්බන්ධීකරණය කරන්නේ අරවින්ද ද සිල්වා )

6) වඩාත් බරපතළම කාරනය වන්නේ අල්ලස් සහ දූශන කොමිසම ටත් මෙකී ඇප ලියවිල්ලට access තිබ්බ. 

ඊටත් වඩා බරපතළම කාරනය වන්නේ Mr. රංග last chance-ආරච්චිගේ-මමඋඹට-බෙල්ලෙ වැලදාගන්න කටයුතු කරන මුදියන්සේලාගේ දිසානායකටත් මෙම ඇප ලියවිල්ලට access තිබ්බ.

7) ඔවුන් සියලු දෙනා කපිලගේ සත්‍ය ඇප කරුවන් කවුදැයි දැන සිටිය යුතුව තිබුනා. 

😎 නමුත් ඔවුන් සියළු දෙනා එකතු වී මැයි හත් වනදා කොළඹ ප්‍රධාන

 මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ විශාල බොරුවක් කලා.

ඔවුන් අධිකරනය නොමග යැව්වා. 

කපිලගේ ව්‍යාජ ඇප කරුවන් ලෙස උසාවිය අසල මුඩුක්කුවේ වාසය කරන මුස්ලිම්වරු දෙදෙනෙක් සහ ඔවුන්ගේ coordinator වන ඇප තිස්සව අතිරේක මහේස්ත්‍රාත් වරයෙක් හමුවට පමුණුවා රිමාන්ඩ් කර තිබුණා. 

අල්ලස් කොමිසම මැයි හත්වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ට මෝසමක් ඉදිරිපත් කරමින්, ඔවුන් කපිල විසින් මුදල් ගෙවා කුලියට ගත්  ව්‍යාජ ඇප කරුවන් බවත්, මැයි පස්වෙනිදා මෙම ඇප තැබීම සිදුකළ බවත්, කපිල ඇප කොන්දේසි කඩකරමින්, අධිකරණයේ විශ්වාසය කඩ කරමින් රිලීස් වී ඇති නිසා ඔහුගේ ඇප අවලංගු කර ඔහුට වරෙන්තු නිකුත් කරන ලෙසටත් ඉල්ලා සිටියා. රංග දිසානායක තව දුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා මේ නඩු විභාගය පුරාවටම කපිලව රිමාන්ඩ් කරන ලෙස. මොවුන් සියළු දෙනා අධිකරනය මෙසේ නොමග යැව්වේ නීත්‍යානුකූල, real ඇප ලියවිල්ල ඔවුන්ගේ arsehole එකේ ගසාගෙන සිටිමින්.

දැන් ඔබ හිතයි, ඇයි මේ මහේස්ත්‍රාත් වරයා "කෝ ගමු බලන්න ඔය ඇප ලේඛනය" කියා කිව්වේ නැත්තේ මොකද කියා. 

මේකට ටෙක්නිකල් explanation එකක් තිබෙනවා. ලංකාවේ අධිකරන ක්‍රියාවලිය confrontational එකක්. Inquisitorial එකක් නොවේ. එනම් අධිකරනය තීරණ ගන්නේ තමන්ගේ මේසය ඉදිරිපිට අදාල පාර්ශව ඉදිරිපත් කරන සාක්ශි සහ කරුණු දැක්වීම් මත පදනම් වී පමණයි. 

Technically අදාල පාර්ශව වලින් තියුණු රහස් පරීක්ශකයෙක් මෙන් ප්‍රශ්න කොට, කරුනු එළිදරවු කරගෙන තීරණ දීම ලංකාවේ අධිකරණ සම්ප්‍රදාය නොවේ. 

නමුත් ඉහත දැක්වෙන්නේ ටෙක්නිකල් දෙයක්. යම් කිසි සම්ප්‍රදායක්. Realistically ඇත්තටම කටයුතු කරද්දී intellectually sharp, alert එකේ ඉන්න මහේස්ත්‍රාත් වරු පොලීසියේ කරුණු දැක්වීම් ප්‍රශ්න කරනවා. 

Indeed, උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් මෑත කාළයේ බොහෝ සැරයක් මහේස්ත්‍රාත් වරුන්  පොලීසියේ රබර් මුද්‍රා නොවිය යුතු බවත්, පොලීසිය යම් කරුනු දැක්වීමක් කළවිට අධිකරණ මනස යොදවා එය පරීක්ශා කර බැලිය යුතු බවටත් අවවාදාත්මක ලෙස ප්‍රකාශ කර තිබෙනවා. 

නටාශා ICCPR එක යටතේ මහේස්ත්‍රාත් අධිකරනයට පොලීසිය විසින් ඉදිරිපත් කරාට පසු "මෙයාව ICCPR එක යටතේ දාල තියෙන්නේ. ඇප දෙන්න බෑ" යන පොලීසියේ අධිකාරීමය intimidation එකට බිය නොවී ICCPR එක යටතේ ඇත්තටම වරදක් ඇය විසින් කරපු comedy යේදී ස්තාපනය වන්නේද යන්න අධිකරණ මනස යොදවා මහේස්ත්‍රාත්  විමසා බැලිය යුතුව තිබ්බා කියා ආදිත්‍ය බාල පටබැදි මහාධිකරණ විනිසුරු කිව්වා. 

එම නිසා පොලීසිය, අල්ලස් කොමිසම සහ  රංග දිසානායක සත්‍ය, නීත්‍යානුකූල ඇපලියවිල්ල තම පස්ස අස්සේ  ගසාගෙන 

"ස්වාමීනී මේ බලන්න මේ කුළියට ගත් ව්‍යාජ ඇප කරුවන්! මේ බලන්න, මේ ඇප තිස්ස! කපිල නැමැත්තා ඇප කොන්දේසි කඩ කලා ස්වාමිනී. ඇප අවලංගු කරලා  නඩු විබාගේ තව අවුරුදු පනහකින් හරි ඉවර වෙන කම් ඇතුලට දාමු ස්වාමිනී" කියා කීව පමණින් රබර් මුද්‍රාවක් නොවී "කෝ බලන්න ඒ තැනැත්තා ,රිලීස් වෙච්ච ඇප document එක?" කියා මහේස්ත්‍රාත් තුමා ඇසුවේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ යුක්තිය සහ පුරවැසි ආරක්ශාව වෙනුවෙන් පෙනී ඉන්න අපේ සිත පාරවනවා. 

ඇත්තටම එහෙම ප්‍රශ්නයක් ඇසුවා නම් (නම්/IF නොවේ, මගේ පරමාදර්ශී, dream මහේස්ත්‍රාත් නම් එහෙම ප්‍රශ්නයක් අසනවා මයි) පොලීසියට ඇත්ත ඇප ලේඛනය උසාවියට පෙන්වන්න වෙනවා.

එවිට කපිල චන්ද්‍රසේනට ඇත්තටම ඇප  තබා තිබෙන්නේ ඉන්දික, චමිල් සග ශාන්ත බව මහේස්ත්‍රාත් ඉදිරියේ එළිදරවු වෙනවා. 

එවිට "කපිල ඇප කොන්දේසි කඩ කලා කියලා අධිකරනය නොමග යැවීමට ඔබලා කටයුතු කලේ ඇයි යන  ප්‍රශ්නය පොලීසියෙන් හා අල්ලස් කොමිසමින් මහේස්ත්‍රාත් විමසාවි. 

එවිට පොලීසිය සහ අල්ලස් කොමිසම මෙන්න මේ වගේ self justification එකක්  කියයි👇👇👇👇

"ස්වාමීනී ඔය ඇප ඩොකියුමන්ට් එක අනුව කපිල චන්ද්‍රසේන ඇප කොන්දේසි කඩ කර නැති බව ඇත්තක්.නමුත් මේ මුස්ලිම් ජාතික මුඩුක්කු වාසීන් දෙදෙනා ඇප තිස්ස මාර්ගයෙන් හයර් කොට උසාවියට එවා ඇප තැබීමට තැත් කරවීමෙන් මේ කපිල ඇප කොන්දේසි කැඩීමට තැත් කර තිබෙනවා. මෙම ව්‍යාජ කුළී ඇප කරුවන් උසාවි කාර්‍යාලය තුලට ඇවිත් ඇප තබන්ට ට්‍රයි කරන විට අධිකරන නිළධාරීන් ගේ  විමසිලිමත් බව නිසා ඔවුන් නීතියේ රැහැනට අසු වුනා ස්වාමීනී. එසේ ව්‍යාජ ඇප තැන්පත් කර ඇප කොන්දේසි කැඩීමට තැත්කිරීම හේතුවෙන් මේ තැනැත්තාගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලනවා."

යුක්තිය හා අනීතික ලෙස සිරගත කිරීමෙන් ආරක්ශාව පුරවැසියන්ට ලබා දීමට තැත් කරන සියල්ලන්ගේ බලාපොරොත්තුව වන  පරමාදර්ශී, සිහින මහේස්ත්‍රාත් එවිට මෙසේ කියාවි 👇👇👇

"කොහොමද කියන්නේ මෙම මුස්ලිම් ජාතික, මුඩුක්කු වාසී ඇප කරුවන් දෙදෙනා ඇප තිස්ස මාර්ගයෙන් හයර් කලේ කපිල කියලා? එය තහවුරු කිරීමට සාක්කි ඉදිරිපත් කරන්න. ඔය ඇප තිස්සව ප්‍රශ්න කිරීම සඳහා අධිකරනය හමුවට ඉදිරිපත් කරන්න. ඔහු අනිවාර්යයෙන්  දන්නවානේ ඇප කරුවන් මිළට ගත්තු පාර්ශවය?

"අනික, අධිකරනයෙන් කපිලගේ ඇප ඉල්ලීම අනුමත කල මැයි පස්වෙනිදා කපිලව උසාවියට ඉදිරිපත් කර තිබුනේ නෑ. මෙම මුස්ලිම් ජාතික, මුඩුක්කුවාසී, ව්‍යාජ, වෙන්ට ඇප කරුවන් දෙදෙනා උසාවියට ඇවිත් ඇප තියන්නට ට්‍රයි කර තිබෙන්නේ මැයි පස්වෙනිදා

"එනම් කපිල මේ ව්‍යාජ ඇප ඩීල් එක arrange කරගත්තා නම් එසේ කර තිබෙන්නේ හිරගේ ඇතුලෙදීයි. බන්ධනාගාර නිළධාරීන් සමහරක් ඔහුට ඒකට උදවු කර තිබෙනවා විය යුතුමයි. 

ඔවුනුත් සිර ගතවිය යුතුයි. 

"අනික, කපිලගේ ඇප කූට ලෙස අවලංගු කිරීමට ඔහුගේ තරහ කාරයෙක් මෙම rent a ඇපකරුවන් එව්වා වෙන්නත් පුලුවන් . 

"අනික පොලීසිය විසින් කුඩු හොරෙන් බෑග් වලට දමා, stolen goods ගෙවල් වලට හොරෙන් දමා දශක ගණන් නිවැරදි මිනිසුන් රිමාන්ඩ් භාරයේ තැබූ අවස්තා වාර්තාවී තිබෙනවා. එම නිසා පොලීසිය සහ අල්ලස් කොමිසමේ යම් දූශිත, වංචනික නිළධාරීන් පිරිසක් එකතුවී මෙම කුළී ඇපකරුවන් කපිලට ඇප තියන්න එව්වා කියන එකත් සැකයක් විදියට ඉදිරිපත් වෙන්න් පුලුවන්. ඒ  නිසා මෙය සංකීර්ණ තත්වයක්. කපිල   විසින්ම හෝ ඔහුගේ අනුදැනුම පිට වෙනත් කෙනෙක් මෙම ව්‍යාජ කුළී ඇපකරුවන් දෙදෙනාව උසාවියට එව්වා කියා අධිකරනය ඉදිරිපිට ස්තාපනය කරන තෙක් මොහුගේ ඇප අවලංගු කිරීම natural justice මූළධර්ම වලට පටහැනි වන බව අධිකරණයේ මතයයි. "

යුක්තියට ආදරේ කරන අපේ පරමාදර්ශ, dream මහේස්ත්‍රාත් මෙසේ කියන්නට තිබුනා වුනත් සැබෑ ලෝකයේදී මෙය මෙසේ සිදුවුනේ නෑ. අල්ලස් කොමිසම සහ පොලීසිය අධිකරනය මුලා කලාට අමතරව මාධ්‍ය සියල්ලත්, ජනතාවත්  wholesale මුලා කලා. 

කොච්චර තනතුරු තිබ්බත්, funeral එකේ VIPලා පිරී සිටියත් අන්තිමට ඇප ගන්න මුඩුක්කු වාසීන් දෙන්නෙක් කුළියට ගන්න සිදු වුනු බව කියවෙන අපහාසාත්මක මීම්ස් හැමතැනම ශෙයා වුනා. මාර ශාප් කියලා පෙන්වන්න මාර ට්‍රයි එකක් දෙන නමුත් ඇත්තටම මාර naive සෝශල් මීඩියා ප්‍රෝෆයිල්ස් කපිල මෙසේ රෙන්ට් අ ඇප කාරයෝ ගත්තේ රට පැනීමට බව පඬි ටෝක් දුන්නා. (මෙසේ කී ප්‍රෝෆයිල් එකකට උදාහරණයක් @Yamil Thisara.)

ලෝකය මෝඩයි, වංචා කාරීයි, බොරු පඬියන්ගෙන් පිරිල.නමුත් intellectually alert, sharp dream මහේස්ත්‍රාත් වරු නැතුවා නෙවේ. කපිලගේ මරණ පරීක්ශණ විභාගය සිදුකල කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා එවැන්නෙක්. (කපිලගේ ඇප කැන්සල් කළේ ඔහු නෙවේ. පටල ගන්න එපා)

එම මරණ පරීක්ශන විභාගයේදි මහේස්ත්‍රාත් පසන් අමරසේන මැතිතුමාවත් ඇප කරුවන් සම්බන්ධයෙන්

නොමග යැවීමට පොලීසිය තැත් කළා. නමුත් මහේස්ත්‍රාත් වරයා alert එකේ සිටි නිසා එය සාර්තක වුනේ නැහැ. 

එය සිදුවුනේ මෙසේයි. අරවින්ද සහ ඔහුගේ බිරිඳ දීර්ඝ ලෙස විස්තර කළා 

😖ඇප කරුවන් සූදානම් කරද්දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවුනු setbacks, 

❌උදා අරවින්ද ඇපකරුවන් තිදෙනෙක් ලෑස්ති කරගෙන  සිටි ආකාරය, ශාන්ත සහ චමිල් එයට ready බව දැන්නුවත්, ෆර්ඩිගේ ග්‍රාමසේවක් සහතිකය දවස් කීපයකින් ඩිලේ වන බව දැන්වූ බවත්, එසේ delay එකක් හරි නොයන (wouldn't work) බව ෆර්ඩිට දන්වා ශාන්ත සහ චමිල්ව රියදුරු ගනේශ් සමඟ මැයි හයවනදා උසාවියට යවා ඇප අත්සන් කරවූ බවත් 

❌කපිල මැයි හය වෙනිදා ගෙදර ආවත්, මැයි හත වෙද්දී ඇප කැන්සල්කොට වරෙන්තු කර ඇතිබවට news එක ලැබුණු බවත්, එදිනම සවස කපිලට ඇප තැබූ චමිල්, ශාන්ත සහ ඉන්දික, ඇප තැබීමට සිටිමුත් නොහැකි වුනු ෆර්ඩිවත් රැගෙන අරවින්ද සහ බිරිඳ සිය වාහනයේ නැගී ලෝයර් රියන්සි  අර්සකුලරත්න හමුවීමට ගිය හැටිත් කපිලට නිකුත් කල වරෙන්තුව ආපසු කැඳවීමට මෝසමක් පිළියෙළ කල හැටිත් රියෙන්සි ගේ කාර්‍යාලයේ සිට සියලු දෙනා සමග නැවත අරවින්දගේ ගෙදරට පැමිණ සියලු දෙනා ඩිනර් ගත් හැටිත්, කපිල සමග කතා කළ හැටිත් අරවින්ද සහ බිරිඳ මහේස්ත්‍රාත් ඉදිරිපිටදී සවිස්තරාත්මකව දීර්ඝව ප්‍රකාශ කලා.

නමුත් නඩුව ආපසු කැදවූ ඊළඟ දිනයේ මහේස්ත්‍රාත් වරයාට  යම් බරපතළ අඩුපාඩුවක් පෙනීගියා.

එනම්👇 

❌පොලීසිය විසින් කපිලත් සමග අවසාන වරට discussion එකක් කල ඒ ඇපකාරයන් පිරිස, චමිල්, ශාන්ත, ඉන්දික සහ ඇප තැබීමට සිටි නමුත් ග්‍රාමසේවක සහතිකේ delay එක නිසා නොහැකි වූ ෆර්ඩිව සාක්කි දීමට කැදවා තිබ්බේ නෑ.

❌මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පොලීසියෙන් විමසුවා ඇයි කපිල සමග අවසාන වතාවට මීට් වෙච්ච ඒ ඇප කරුවන් පිරිස සාක්කි දීමට කැඳවූයේ නැත්තේ කියා.

පොලීසිය කිව්වේ මොකක්ද  දන්නවද?😖😖😖

දන්නවද?🤣🤣🤣🤣

ඔවුන් රිමාන්ඩ් එකේ ඒ නිසා සාක්කියට කැඳවූයේ නෑ කිව්වා.

කපිලට ඇත්තටම ඇප අත්සන් කල ඉන්දික, චමිල් සහ ශාන්ත නමින්ම සඳහන් කරමින් ඔවුන්ගේ ඇප තැබීම ගැන දීර්ඝ විස්තරයක් අරවින්ද විසින් උසාවියේ කළ පසුවත්, කපිලගේ ඇපකාරයන් අර මුඩුක්කු වාසී මුස්ලිම් ජාතිකයන් දෙදෙනා බවත්, කපිල අවසාන වතාවට අරවින්දගේ ගෙදරදි හමුවුනේ ඔවුන් බවත්, ඔවුන් ඉන්නේ රිමාන්ඩ් එකේ බවත්, ඒ නිසා ඔවුන්ව සාක්කියට කැඳවන්න නොහැකිවූ බවත් කියා අධිකරනය රැවටීමට පොලීසිය ට්‍රයි කලා. නමුත් මහේස්ත්‍රාත් පසන් අමරසේන refused to be deceived. 

"රිමාන්ඩ් එකේ ඉන්නේ වෙන දෙන්නෙක්!" මහේස්ත්‍රාත් වරයා decisively කිව්වා.

කපිලගේ ඇත්ත ඇප කරුවන් සාක්කියට නොකැඳවා සිටීමේ පොලීස් වෑයම මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ තියුණු විමසිලිමත් බව නිසා ව්‍යර්ථ වුනා.

අද වන විට කපිල ඇප කොන්දේසි කඩ නොකළ බව ලෝකයම දැනගෙන අවසන්. කුළී ඇපකරුවන් එව්වේ කවුද කියන ප්‍රශ්නය ඇතැම් විට ස්වාධීන අල්ලස් හා දූශන කොමිසමේ පැවැත්මට පවා  බලපෑම් කළ හැකි අබිරහසක් බවට පත්වී තිබෙනවා.

(මුහුනු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.