පා ගලක් වු මිරිස්ගල
තාත්තේ අපේ ගෙදරටත් මේ වගේ පඩියක් අල්ලමුද? ඒ් ලොකු දෝණිය.
මම පඩිය දෙස බැලුවෙමි.
ගෙට ගොඩ වදින තැන ලස්සන පා ගලකි. හොදින් බැලුවෙමු .මූණත මැදුන ගලකි.“දෙයියනේ මිරිස්ගලකි”.
පරම්පරාවක් පෝෂණයකර ජාතියම ලෙඩ දුක්වලින් බේරාගත් මිරිස්ගලයි .
බ්ලෙන්ඩරය පැමින ගෙයින් ඒලියට දොට්ට දැමූ මිරිස් ගලයි.
පයට පෑගෙන අපේ උරුමයයි. දෝනි මටද කියන්නේ ගෙදර මිරිස්ගල පඩියට අල්ලන්නදැයි මට සිතුනි.
මගෙ හිතේ කම්පාවකි.මහත් කම්පාවකි.
මම ඉක්මන් විය යුතුය.සියල්ල කියා දිය යුතුය.
මම දැ නගෙන සිටියත් දුවට ඒ්වා කියා දී නැත.
ඒය මගේ වරදකි. දුවට ලගට ගෙන සියල්ල කියා දුනි... මිරිස්ගලේ වගතුග හොදින්ම කියා දුනිමු.
මේ ලියන්නේ ඔබේ දරුවාටයි.ඒය අපේ යුතුකමයි.
•මිරිස්ගලේ සිරිත
මිරිස් තුනපහ ඇඹරීමට ගොවි ගෙදර භාවිතාකල උපකරනය මිරිස්ගලයි.මෙය උයනගෙයි උපකරණයකි. කුස්සියාලත්තේ ඉඩ මදි නම් දොර පිලෙහි බිම සවි කර ගනී.මිරිස්ගලේ කොටස් තුනකි.මිරිස්ගල තැබීමට මිරිස්ගල් කණ්ඩියකි.
අනෙක මිරිස්ගල හා දූගලයි. මිරිස්ගල් කණ්ඩිය මැටියෙන් තැනූ ආධාරකයකි. ඒය ගෙවිලියගේ පිළිවටට උසයි. සාමාන්‍යයෙන් අඩි තුනකි. ඒ අත්බරට ඇඹරීමේ පහසුව සදහායි.
මිරිස්ගලේ සමතලා මූණ ඇඹරුම් මූණයි. නැතිනම් මිරිස්ගල් මූණයි. අඹරන්නේ ඇඹරුම්ගලෙනි. එය දරුගල - දාගල - දූ ගල - අත්ගල - උඩගල ලෙසත් හදුන්වයි. සිලින්ඩරාකාරය. මැදින් මහතය, දෙකොනින් උල්ය. ඒ් අල්ලා ගැනීමේ පහසුවටය.
මිරිස්ගලේ සම්මත මිම්ම වියතට දෙවියතකි. එනම් පලල වියතක් නම් දිග දෙවියතකි. සම්මතය 1; 2 කි. දූගල නම් දිග වියත් භාගයකි.
මිරිස්ගල ආසන්නයේ ලුණු මිරිස් පොල් කට්ටකි.
ඒ් අඹරාගත් මිරිස්, තුනපහ,අබ ආදිය තැබීමටයි.
මිරිස්ගල භාවිතයේ සිරිත් සමුදායකි.
අලුත් මිරිස්ගලක් හෝ අලුතින් කෙටූ මිරිස්ගලක පලමුව ආහාර ඇඹරීමනම් තහංචිය. පලමුව හීං වැලි අඹරා මූණන පදම් කර ගත යුතුය. භාවිතයට පෙර හා පසු සෝදා තැබීම සිරිත් සම්මතයයි. මිරිස්ගල කට බලියාවට හැර දැමීම, බල්ලන්ට බළලුන්ට ලොවන්න ඉඩ දීම සිරිත් සම්මත තහංචියකි. වැහිමට භාවිතාකරන්නේ කොලපතකි.ඇර අඹරන මිරිස්ගලෙහි බෙහෙත් වර්ග ඇඹරීම ජන සම්මත තහංචියකි.
මිරිස්ගල හා බැදුනු ජන කියමන් වලින් බස් වහරද පොහසත්ය ."දා ගල මිරිස්ගල වාගෙ - උන්ගෙ හත්තිය බලාපල්ලකෝ".එකම නෑදැයින්ගේ බැදීම පෙන්වීම
"දාගල හීං වෙනව මිසක් ආරනවැයැ".වයසට යන විට කාය ශක්තිය දුර්වල වේ
"දා ගලයි - මිරිස් ගලයි " පයුරු පාසානමේ ඇති සම්බන්ධතාව පෙන්වීම.
තාත්තේ.මිරිස්ගලට වඩා ග්‍රයින්ඩරය කොච්චර ලේසිද ? දුව ආයෙත් අසයි.
අද ග්‍රයින්ඩරය විසින් මිරිස්ගල දොට්ට දමා ඇත. ග්‍රයින්ඩරයේ නැති මිරිස්ගලේ වටිනාකම ද මං දෝණිට කියා දුන්‌නේ ය.මිරිස්ගලේ ආහාර ද්‍රව්‍ය අඹරනවිට ඒවා ඇඹරී ඒවායේ ඇතුලත ඇති සංඝයක සියල්ල පිටතට පැමිනේ. එම සියලු පේාෂක කොටස් ආහාරයට මුසුවේ. එය ප්‍රතිශක්තිය ලබා දීමටත් විස නැසීමටත් අතිශය වැදගත් වේ. හොද්දට, මාලුවට දැමු පසු එහි නියම පදම ලැබේ. ඒවැනි ආහාර හමුවේ කඩේ බැදපු බත් අවශ්‍ය නොවේ. ආහාර ඉතා රසවත්ය.
එහෙත් ග්‍රයින්ඩරයෙන් සිදු වන්නේ පුංචි කෑලි වලට කැපීමයි. එවිට නියම සාරය පිටතට නොපැමිනේ. කාලයක් මෙවැනි ආහාර ගත්විට ජාතියම ලෙඩ වේ.මිරිස්ගල පරම්පර ගණනාවක් සුවෙන් තැබූ මෙවලමයි. එබැවින් අප දොට්ට දමා පෑගුවේ අපේ දරුවන්ගේ නිරෝගිකමේ උරුමයයි.
මොහතක් සිතන්න...
අප නවීකරනය විය යුතුය. තාක්ෂණයත් සමග වැඩ පහසු කර ගත යුතුමය. ඒ්ත් කඩෙන් ගෙනා කුඩු පැකට් ඒක හෝ මිරිස්ගලෙහි අඹරා භාවිතාකල හැකිනම් කටු ගෙට ගිය මිරිස්ගලෙන් ශක්තිමත් පරපුරක් තැනිය හැක.
ඉලක්ටොනික් භාණ්ඩ බහුල විල්ලුද ඇල්ලු නවීන කුස්සියේ මිරිස්ගල සදහා ඉඩක් වෙන් කල හැකි නම් එය අප ජාතියේ වාසනාවයි.
මගේ යුතු කම මා ඉටු කලෙමි. මගේ පුංචි දොණිට මිරිස්ගලේ හුරුකම් සියල්ල කියා දුනි. දැන් ඔබේ වාරයයි. ඔබේ දරුවන්ට මෙහි වටිනාකම පහදා දෙන්න. උරුමය කියා දෙන්න. තව දරුවෙකුට බලන්න පේජ් එකට ලයික් කරලා ෂෙයා කරන්න. ඒය ඔබගේ යුතුකමයි.
ලිපිය - අන්තර්ජාලයෙනි.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්