News Category
From Date
To Date
Maximum Number of Result

අවුරුදු තිහක බෙදුම්වාදී යුද්ධයෙන් රට වෙනුවෙන් දිවි පිදු පලමුවැනි යුද හමුදා කාන්තා නියෝජනය - ඉරේෂා නිල්මිණි

May 20, 2026 at 12:14 PM
|

ඇතැම් ජීවිත මෙලොවට බිහි වන්නේ සුන්දරත්වය වගේම වීරත්වයත් එකසේ ලෝකයට කියා දෙන්නටයි අඩි පහයි අඟල් නවයක් උසැති නෙත් සිත් ඇදගන්නා රූපයකට මෙන්ම අභීත හදවතකට හිමිකම් කී ඇය ශ්‍රී ලාංකීය ඉතිහාසය උඩුයටිකුරු කළ සොඳුරු වීරවරියකි.

ඇය එකවර රූ රැජිනක් රංගන ශිල්පිනියක් දේව භක්තිකාවියක් සහ අවසානයේදී ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවියක් වූවාය. ඇගේ අර්ථවත් ජීවන ගමන ශ්‍රී ලංකා මාතෘභූමියේ ඉතිහාස පොතේ සදාකාලිකවම රන් අකුරින් ලියැවී තිබේ. 

1974 මැයි මස 02 වන දින උපත ලැබූ ඉරේෂා නිල්මිණි ද සිල්වා කුඩා කල සිටම ඉතා ක්‍රියාශීලී මෙන්ම ඥානාන්විත දැරියක් වූවාය. නුගේගොඩ ශාන්ත ජෝසප් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් සමයේදී ක්‍රීඩාවට මෙන්ම කලාවට ද එකලෙස දක්ෂතා දැක්වූවාය.

ඉරේෂා තුළ තිබුණේ දැඩි කතෝලික භක්තියකි. 1984 වසරේදී රාජගිරිය සිරිහද දේවස්ථානයේදී ඇය ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත්තාය. පසුකාලීනව ඇය කෝට්ටේ දේවස්ථානයේ ගුරුවරියක ලෙස කටයුතු කරමින් කුඩා දරුවන්ගේ සිත් ආගමික මඟකට යොමු කිරීමට කැප වූවාය. ඇගේ අවිහිංසක සිනහවත් නිහතමානී ගුණයත් සැමවිටම අනුන්ගේ දුකට පිහිට වන කරුණාවන්ත හදවතත් නිසාම ඇය සැමගේ ආදරය දිනා සිටියාය. 

ඉරේෂා සතුව තිබුණේ කාගේත් නෙත් සිත් ඇදගන්නා සුළු අසාමාන්‍ය රූ සම්පත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය 1992 වසරේ පැවති මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් (Miss Sri Lanka World) තරඟයට ඉදිරිපත් වූවාය. දිවයිනේ නන්දෙසින් පැමිණි රූප සුන්දරියන් සිය ගණනක් පරදවමින් අවසන් 15 දෙනා අතරට තේරී පත් වූ ඇය තරඟයේ 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවාය. 

ඇගේ මෙම කැපී පෙනෙන රූපයත් දක්ෂතාවත් නිසාම කලා ලෝකයේ දොරටු ඇයට විවෘත විය. 'කඳුළු බිඳක්' වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යවලින් සහ 'පීඩිතයෝ' චිත්‍රපටයෙන් ඇය සිය රංගන කෞශල්‍යය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආවාය බැලූ බැල්මට ඇගේ ජීවිතය සාර්ථකත්වයේ ඉහළටම ගමන් කරමින් තිබුණි. නමුත් දෛවය ඇය වෙනුවෙන් ලියා තිබුණේ ඊට වඩා බෙහෙවින් උතුම් වූ දේශප්‍රේමී මෙහෙවරකි. 

කලා කටයුතුවල නිරත වන අතරතුර ඇය ආසිරි පුද්ගලික රෝහලේ පිළිගැනීමේ නිලධාරිණියක ලෙස සේවය කළාය. එහෙත් ඇගේ සිත නිතරම නතර වූයේ යුද හමුදා පොලිස් (Military Police) සෙබළියන්ගේ අභිමානවත් නිල ඇඳුම අසලය. රට වෙනුවෙන් සැබෑ මෙහෙවරක් ඉටු කිරීමේ දැඩි වුවමනාවක් ඇය තුළ තිබිණි.

1994 වසරේදී ඇය ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීම සඳහා අයදුම් කළාය. එය ලෙහෙසි පහසු අභියෝගයක් නොවීය අයදුම්කරුවන් 8,000කට අධික පිරිසක් අතරින් දැඩි කැපවීම මත තේරී පත් වූයේ අතිදක්ෂ තරුණියන් 8 දෙනෙකු පමණි. ඉරේෂා එම අතිදක්ෂ අටදෙනාගෙන් එක් අයෙකු වීමට සමත් වූවාය

"හමුදාව කියන්නේ කාන්තාවන්ට ගැලපෙන තැනක් නෙවෙයි එතැන තියෙන්නේ මරණය..." යි පවසමින් ඇගේ හිතවතුන් ඇයව වැළැක්වීමට උත්සාහ කළහ. එහෙත් ඇගේ හදවතේ තිබූ දේශප්‍රේමයට ඉදිරියේ ඒ කිසිදු බියක් රැඳුණේ නැත. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් බලකායට (Corps of Military Police  CMP) එක්වූ ඇය දැඩි පුහුණුවීම් සාර්ථකව නිම කරමින් නොබෝ කලකින්ම ලාන්ස් කෝප්‍රල් නිලයට උසස්වීම් ලැබුවාය.

1996 වසරේ නත්තල් රාත්‍රිය ඉරේෂා සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කළේ දැඩි ආගමික භක්තියකින් යුතුවය. ඔවුහු වැලිකඩ දේවස්ථානයේ පැවති මධ්‍යම රාත්‍රී නත්තල් පූජාවට සහභාගී වූහ. එම පූජාව මෙහෙයවනු ලැබුවේ ගරු එමිල් ජෝසප් පියතුමා විසිනි. 

දෙසැම්බර් 27 වන දින ඇය සිය රාජකාරිය සඳහා ගුවන් මගින් යාපනය පලාලි බලා පිටත්වීමට නියමිතව තිබුණි. ඇය නිවසින් නික්ම ගිය එදිනම උදෑසන ගරු එමිල් ජෝසප් පියතුමා ඉතා දැඩි කම්පනයකින් සහ වේදනාවකින් යුතුව ඉරේෂාගේ නිවසට පැමිණියේය.

ඔහු ඉරේෂාගේ දෙමාපියන් අමතා මෙසේ පැවසීය 

"මම අද පාන්දර බියකරු සිහිනයක් දුටුවා ඔබේ දියණිය ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට හසුවී ඇගේ සිරුර කැබලි වී තිබෙනවා මම දැක්කා..."

මව්පියන්ගේ සිත බියෙන් හා සලිත වී ගියද එය හුදෙක් "සිහිනයක් පමණක්ම" වේවායි ඔවුහු දෙවියන් යැදූහ. එහෙත් දෛවයේ සරදමක මහත

1997 ජනවාරි 01 වැනිදා උදාවූ නව වසරේ පළමු දිනයේ ඉරේෂා සිය දිනපොතේ අවසන් වරට මෙසේ සටහන් තැබුවාය

"මෙම වසර මට වාසනාවන්ත වසරක් වේවා..."

එය ඇගේ ජීවිතයේ අවසන් සටහන විය. ඊට පසු දින එනම් 1997 ජනවාරි 02 වන දින යාපනය තිරුනල්වේලි ප්‍රදේශයේ ඇය රාජකාරියේ නිරතව සිටියදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බිහිසුණු ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ඇය සෘජුවම ගොදුරු වූවාය.

එම මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් ලාන්ස් කෝප්‍රල් ඉරේෂා නිල්මිණි එම ස්ථානයේදීම වීරෝදාර ලෙස දිවි පිදුවාය. පියතුමා දුටු බියකරු සිහිනය සැබෑ කරමින් ඇගේ සිරුර දේශය වෙනුවෙන් සුනුවිසුනු වී ගොස් තිබුණි.

ඇගේ මෙම උත්කෘෂ්ට ජීවිත පරිත්‍යාගය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ඒ ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලකායේ සේවය කරමින් සිටියදී සටන් බිමේදී ත්‍රස්ත ප්‍රහාරයකින් දිවි පිදූ ප්‍රථම කාන්තා රණවිරුවරිය ඇය වීම නිසාය. 

ඉරේෂාගේ දේහය පූර්ණ හමුදා ගෞරව සහිතව ඇගේ නිජබිමට රැගෙන එන ලදී. අවමංගල්‍ය දේව මෙහෙය පැවැත්වූ දේවස්ථානය ඇයට ආදරය කළ නෑදෑ හිතමිතුරන්ගෙන් හමුදා නිලධාරීන්ගෙන් සහ දේශය වෙනුවෙන් වැලපුණු දහස් සංඛ්‍යාත ජනතාවගෙන් පිරී ඉතිරී ගියේය.

එහිදී ඇගේ මතකය සදාතනික කරමින් ගරු එමිල් ජෝසප් පියතුමා හැඟුම්බරව ප්‍රකාශ කළේ එකම එක වදනකි

"දෙවියන් වහන්සේ දුන් දේ උන්වහන්සේම ආපසු ගත්තා..."

ඒ වදන් අදටත් ඉරේෂාගේ මව්පියන්ගේ සවනේ රැව් පිළිරැව් දෙයි. ඇගේ නිහතමානී සිනහව අභීත හදවත සහ අසීමිත දේශප්‍රේමය මේ සියල්ල අදටත් මැණිකක් මෙන් මුළු මහත් ජාතියකගේම හදවත් තුළ සුරැකිව පවතී.

ලාන්ස් කෝප්‍රල් ඉරේෂා නිල්මිණි මෙලොව ජීවත් වූයේ වසර 23ක් වැනි කෙටි කාලයකි. එහෙත් ඇය තබා ගිය ඉතිහාස සලකුණ සදාකාලිකය. සෑම වසරකම ජනවාරි 02 වන දින නිදහස් නිවහල් රටක හුස්ම ගන්නා සමස්ත ලාංකීය ජාතියම ඇගේ වීරත්වය ගෞරවයෙන් සිහිපත් කරයි.

ඉරේෂා... ඔබ රූපයෙන් රටක් වසඟ කළාය වීරත්වයෙන් රටක් රැකගත්තාය. ඔබ දෑයෙන් නික්ම ගියද ඒ නොමියෙන සිනහවත් අභීත වීරත්වයත් අපේ හදවත් තුළ සදා අමරණීයයි!

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.