ලංකාවේ පළමු චිත්‍රපටය
> ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතා කිරීමේදී බොහෝ දෙනාට සිහිපත් වන්නේ 1947 ජනවාරි 21 වැනිදා තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයයි. නමුත් එය ලංකාවේ පළමු කථා නාද චිත්‍රපටය වූ අතර, ඊට පෙර ලංකාවේ නිහඬ චිත්‍රපට කීපයක් නිර්මාණය වී තිබේ.
> ඒ අනුව ලංකාවේ පළමු චිත්‍රපටය ලෙස සැලකිය හැක්කේ රාජකීය වික්‍රමය නම් නිහඬ චිත්‍රපටයයි. 1925 දී ජී. ඒ. ජී. නූර්බායි මහතා විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය පිටුපස ඇත්තේ අපූරු කතාවකි.
> මෙහි ප්‍රධාන නළුවා වූයේ පසුකාලීනව මෙරට වාම දේශපාලනයේ පතාක යෝධයකු මෙන්ම රටේ මුදල් ඇමති හා විපක්ෂ නායක ලෙසද කටයුතු කළ කීර්තිමත් දේශපාලනඥයකු වූ ඇන්. ඇම්. පෙරේරා මහතාය.
> ඇන්. ඇම්. පෙරේරා මහතා පාසල් ජීවිතය අවසාන කළ අවදියේ පුවත්පතක දුටු දැන්වීමකට අනුව මේ චිත්‍රපටයට සම්බන්ධ වී ඇති අතර එහි ප්‍රධාන චරිතය රගපෑම වෙනුවෙන් ඔහුට කළ ගෙවීම රුපියල් 100කි.
> සිබිල් පිට් නම් පාසල් සිසුවිය මෙහි ප්‍රධාන නිළියගේ චරිතය රගපෑ අතර, දුෂ්ට චරිතය රගපාන ලද්දේ ග්‍රේෂන් පෙරේරා විසිනි. ඇන්. පී. ඩී. ඇල්බට් සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා යන අය සෙසු චරිත නිරූපණය කළහ.
> ඉන්දියානු චිත්‍රපට කතාවකට අනුව නිර්මාණය කරන ලද මේ චිත්‍රපටයේ කැමරා ශිල්පියාද ගුප්ත නම් ඉන්දියානු ජාතිකයෙකි. දෙබස් අකුරින් ලියන ලද්දේ එම්. සාර්ලිස් හා ජී. ඇස්. ප්‍රනාන්දු විසිනි. බම්බලපිටිය ප්‍රදේශයේ සකස් කරන ලද චිත්‍රාගාරයක චිත්‍රපටය රූ ගත කර තිබිණි.
> පසුව මේ චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සඳහා ඉන්දියාවට ගෙන යාමෙන් පසු එය බොම්බාය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශවල ප්‍රදර්ශනය කොට අතිශය ජනප්‍රියත්වයට පත් වූවක් බව කියැවේ. පසුව එය සිංගප්පූරුවේද ප්‍රදර්ශනය කොට නැවතත් ඉන්දියානු සිනමා රසිකයන්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ ප්‍රදර්ශනය කර තිබේ.
> ඉතාම අවාසනාවන්ත කාරණය වූයේ මේ චිත්‍රපටය ලංකාවට ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ ඇති වූ ගින්නකින් චිත්‍රපටය සම්පූර්ණයෙන් විනාශයට පත් වීමය. ඒ නිසා ලංකාවේ නිපදවු පළමු සිනමා නිර්මාණය ලංකාවාසීන්ට කිසිදා දැකගත හැකි වූයේ නැත.
> මේ ගිනිගැනීම අහඹු සිදුවීමක් නොව චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යාවෙන් පසවූ පිරිසක් හිතා මතා කරන ලද්දක් බවටද විවිධාකාර මත පළ වී තිබේ.
> අනතුරුව උපන්ගෙයිම මියගිය ලංකාවේ පළමු චිත්‍රපටය ගැන කතාව ඉතිහාසයෙන් මැකී ගොස් තිබියදී නැවත ඒ පිළිබඳ කතාබහක් ඇති වූයේ ඊට දශක තුනකට පසුව බව කියැවේ.
> කාලයකට පසුව අහම්බෙන් මේ චිත්‍රපටය ගැන කරුණු දැනගත් සිනමා ලෝලියෙකු හා ලේඛකයෙකු වූ ඩී. වී. සෙනෙවිරත්න මහතා 1955 නොවැම්බර් 3 වැනි දින ඉරිදා ලංකාදීප පුවත්පතට මේ චිත්‍රපටය ගැන ලිපියක් ලියා තිබිණි. ඒ ඇන්. ඇම්. පෙනී සිටි පළමුවන චිත්‍රපටය යන තේමාව යටතේය.
> ලාංකේය සිනමාවේ ඉතිහාසය ගැන කතා කිරීමේදී මේ කරුණු ඉතා වැදගත්ය. අකල් මරණයකට ගොදුරු වූ සිංහල සිනමාවේ කුළුදුල් දරුවා වන රාජකීය වික්‍රමය නම් චිත්‍රපටයට එහිදී හිමිවන්නේ අමතක නොකළ යුතු ස්ථානයකි.
(ඡායාරූපයේ වමේ සිට ඇන්. ඇම්. පෙරේරා, නූර්බායි, ඩී. වී. සෙනෙවිරත්න, ඇල්බට් ද සිල්වා)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?